ටිකට්පත් පෝලිම් නිසා තමිල්නාඩුව උණුසුම් වෙයි

266

ඉන්දීය – එංගලන්ත දෙවන ටෙස්ට් තරගයට ප්‍රේක්ෂකයන් සහභාගී කරගන්නා බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළා. ඒ අනුව එම තරගය සඳහා M. A. Chidambaram ක්‍රීඩාංගණයේ මුළු ධාරිතාවයෙන් 50% ක ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතයි. 

තමිල්නාඩු ක්‍රිකට් ආයතනය විසින් මෙලෙස ඉන්දීය ප්‍රේක්ෂකයන්ට තරගාවලියක් විවෘත කළේ වසරකට පමණ පසුවයි. ඒ අනුව තරගය සඳහා ටිකට්පත් ලබාගැනීමට ප්‍රේක්ෂකයන්ගේ දැඩි තදබදයක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

සමාජ දුරස්ථභාවය ඇතුළු සෙසු නීති සියල්ල නොසලකා හරිමින් ප්‍රේක්ෂකයන් මෙලෙස එක්රැස්වී සිටින ආකාරය එහි දක්නට ලැබුනා. 

තරගයේ ටිකට්පත් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට මීට පෙර තීරණය වී තිබුන ද ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගණයෙන් ටිකට්පත් ලබාගැනීමේ අරමුණින් මෙලෙස එක්වී තිබුනා. 

සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් දිගු පෝලිම් වල රැඳී සිටින ප්‍රේක්ෂකයන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට යොමුව තිබුනා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“තමිල්නාඩු ක්‍රිකට් ආයතනය මීට කලින් නිවේදනය කළා, දෙවන ටෙස්ට් තරගයේ ටිකට්පත් අන්තර්ජාලයෙන් මිලදී ගන්න කියලා. ඒත් ප්‍රේක්ෂකයන් ඒක නොසලකා හැරලා තමයි ක්‍රීඩාංගණයට ඇවිල්ලා තිබුනේ. ඒකෙන් අපේ සැලසුම් අවුල් වුනා. ඔවුන් පාලනය කරන්න අමාරු වුනා.” තමිල්නාඩු ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු PTI වෙත පවසා තිබුනා. 

කෙසේවෙතත් තත්ත්වය පිළිබඳව වාර්තා කළ ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා සිටියේ අධික වේලාවක් පෝලිම් වල රැඳී සිටීම නිසා පුද්ගලයන් කිහිපදෙනෙකු සිහිසුන්ව ඇදවැටී තිබූ බවයි. 

තමිල්නාඩු ප්‍රාන්ත පොලිසියද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබුනා. ඔවුන් පවසා සිටියේ අධික ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් පැමිණ සිටි බවත්, ඔවුන් පාලනය කිරීමට පවා නොහැකි වූ බවයි.  

මෙලෙස පෝලිම් වල රැඳී සිටි කිහිපදෙනෙකු ඔවුන් මුහුණ දුන් තත්ත්වය පිළිබඳව twitter ඔස්සේ අදහස් දක්වා තිබුනා. 

“මගේ ජීවිතේ අමාරුම දවස මේක. මම පැය 6කට වඩා පෝලිමේ හිටියා. අන්තිමට ටිකට් ලැබුනෙත් නැහැ. කකුල් වේදනාව විතරයි ඉතුරු වුනේ.” එක් ප්‍රේක්ශකයෙකු පවසා තිබුනා. 

එංගලන්ත – ඉන්දීය ටෙස්ට් තරගාවලිය ටෙස්ට් තරග 4 කින් සමන්විත වේ. 

තරගාවලියේ පළමු තරගය පසුගිය 09 වනදා අවසන්වූ අතර එහි ජයග්‍රහණය හිමි වුනේ එංගලන්ත කණ්ඩායමටයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<