නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

9615

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නුවන් කුලසේකර සියලුම අංශවල ක්‍රිකට් තරග රටාවන් වලින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව අද නිල වශයෙන් දැනුම් දී තිබේ.

කුලේ – මාලි ක්‍රිකට් අඹරෙන් බැස යන්නට මත්තෙන්

සබඳතාවයන් යනු ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ඉතාමත්……….

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයෙන් ලසිත් මාලිංග ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදෙන අතර එම තරගාවලියේ අවසන් එක්දින ක්‍රිකට් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කර තිබෙන බව ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (24) සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක දී පවසන ලදි.

“අපි පළවෙනි තරගයේ දී මාලිංගට සමුගැනීම දෙනවා. තුන්වැනි තරගයේ දී අපි කුලසේකර වෙනුවෙන් හොඳ සමුගැනීමක් දෙන්න තීරණය කරලා තියෙනවා වගේම ඒ තරගය ඔහු වෙනුවෙන් නම් කරලා තියෙනවා. හැබැයි මට හරියටම කියන්න බැහැ ඔහු සෙල්ලම් කරනවා ද නැද්ද කියලා, මොකද මට අයිතියක් නැහැ පරිපාලනයට ඇඟිලි ගහන්න. හැබැයි අපි අමාත්‍යාංශය මට්ටමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නා ඔහුට සමුගැනීමක් දෙන්න කියලා ඔවුන් ඒ සඳහා කැමැත්ත ලබා දීලා තිබෙනවා.” 

2003 වසරේ නොවැම්බර් මස 18 වැනිදා එංගලන්ත කණ්ඩායම සමඟ දඹුල්ලේ පැවති එක්දින ක්‍රිකට් තරගයක දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ කුලසේකර හට ජාත්‍යන්තර ටෙස්ට් වරම් ලැබෙන්නේ 2005 වසරේ දී ය. කුලසේකර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හැකි සෑම අංශයක්ම නියෝජනය කළ ක්‍රීඩකයෙක් බවට පත්වූයේ 2008 වසරේ ඔක්තොම්බර් 11 වැනිදායි. එදින ඔහු පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගන්නා ලදි. 

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් ප්‍රබල සංචිතයක්!

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට ……

එදා සිට මේ දක්වා ගෙවී ගිය කාලය තුල ජාත්‍යන්තර ක්‍රිකට් තරග 263කට සහභාගී වෙමින් කඩුලු 313ක් ඔහු විසින් බිඳ හෙලා ඇත්තේ කඩුලු 4කට වඩා දවා ගත් අවස්ථාවන් 10ක් ද සනිටුහන් කරමිනි. 

2009 වසර නුවන් කුලසේකරගේ ක්‍රිකට් දිවියේ විශාලතම හැරවුම් ලක්ෂය බවට පත් වූයේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග වදිනු ලබන සෑම ක්‍රිකට් තරගයක දී ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමත් සමඟයි. ඒත් සමඟම ජාත්‍යන්තර ක්‍රිකට් එක්දින පන්දු යවන්නන් වර්ගීකරණයේ අංක 1 පන්දු යවන්නා බවට පත්වීමට කුලසේකර සමත් විය. ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් එවැනි දස්කමක් කළ පළමු හා එකම අවස්ථාව තවමත් එයයි.

අපි නොදන්න කුලේ

“මම ඇත්තටම ……..

මේ වන විට වයස අවුරුදු 37ක් වන කුලසේකර ලොව එතෙක් මෙතෙක් බිහි වූ දක්ෂතම වේගපන්දු යවන්නන්ගෙන් අයෙකි. 2007 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 3ක දී (2007, 2011 හා 2015) තරග 11කට සහභාගී වී තිබෙන ඔහු කඩුලු 9ක් දවාගෙන තිබේ.

කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල දක්වා ඇති දස්කම් වල සාරාංශය මෙසේයි.

තරග ලකුණු හොඳම ලකුණු කඩුලු හොඳ පන්දු යැවීම
ටෙස්ට් 21 391 64 48 4/21
එක්දින 184 1327 73 199 5/22
20-20 58 215 31 66 4/31

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<