සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යනු අපට සෑම වසරකම අලුත් අත්දැකීම් වගේම විශේෂ දක්ෂතා ඇති ක්‍රීඩකයින් රටට ලෝකයට පෙන්වාදුන් තරගකාරී තරගාවලියක්. අද අපි බලන්නේ 2015 වසරේ පටන් 2018 වසර දක්වා වැඩිම උත්සාහක දිනුම් වාර්තා කළ සහ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයින් ගැනයි.

2015 වර්ෂය

2015 වර්ෂය කියන්නේ රාජකීයයන්ගේ “Rolling Maul” උපක්‍රමය හොඳින්ම වැඩ කළ වසරක් කියලා කියන්න පුළුවන්. මොකද ඕනෑම පාසලක් ඔවුන් සමඟ ක්‍රීඩා කරන්නට එන්නේ ඔවුන්ගේ මේ “Rolling Maul” උපක්‍රමයට ප්‍රතිප්‍රහාර දීමට බලාපොරොත්තුවෙන්. “Rolling Maul” උපක්‍රමයෙන් වැඩියෙන්ම පන්දුව හැසිරවීමේ අවස්ථාව හිමිවන්නේ කණ්ඩායමේ No-8 ක්‍රීඩකයාට. ඒ කියන්නේ 2015 වසරේ රාජකීය විද්‍යාලයේ No-8 ස්ථානයේ ක්‍රීඩාකළ සුපුන් වර්ණකුලසූරියට. සුපුන් වර්ණකුලසූරිය කියන්නේ 2015 වසරේ රාජකීය කණ්ඩායමේ තුරුම්පුවක් කියලා කියන්න පුළුවන්. මොකද සමස්ත වශයෙන් තරග 9කදී ඔහු තම කණ්ඩායමට උත්සාහක දිනුම් 16ක් වාර්තා කර දී ඇති නිසා. නමුත් ඔහුට එම වසරේ ශ්‍රී ලංකා කණිෂ්ඨ රග්බි කණ්ඩායම නියෝජනය කරන්නට නොහැකි වෙනවා. ඒ ඔහු  ආබාධයකට ලක්වීම හේතුවෙන්.

සුපුන් වර්ණකුලසූරිය

ඒ වගේම තමයි ඔහු 2017/18 වසරේ ThePapare.com ජනප්‍රියතම රග්බි ක්‍රීඩකයා සම්මානයද දිනාගෙන තිබෙනවා. සුපුන් වර්තමානයේ CR&FC කණ්ඩායමේ Hooker ක්‍රීඩකයා හැටියට ක්‍රීඩා කරනවා.

පාසල් රග්බි තරග තවතවත් කල් යන ලකුණු!

පසුගිය පාස්කු ඉරිදා දිනයේ දී සිදු වූ ඛේදවාචකය හේතුවෙන් දිවයිනේ උද්ගත වී ඇති තත්වය සැලකිල්ලට ගනිමින්, 2019 සිංගර්…

ඒ වගේම 2015 වසරේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වන රීසා රෆයිදීන් කියන්නේ කිංග්ස්වුඩ් විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ එවකට සිටි නායකයා. ඔහු සත් සාමාජික රග්බි ක්‍රීඩාවේ විශේෂඥයෙක්. Full back ක්‍රීඩකයෙක් වූ රීසා, 2015 වසරේදී ලකුණු 107ක් රැස් කරගන්නේ නිරායාසයෙන්මයි. තම වේගයෙන් මනා ලෙස ප්‍රයෝජන ගැනීමට දන්නා රීසා රෆයිදීන් දැන් ක්‍රීඩා කරන්නේ CR&FC කණ්ඩායමටයි.

රීසා රෆයිදීන්

2016 වර්ෂය

2016 වර්ෂය නම් ඉතාම තරගකාරී වසරක්. එම වසරේ ලීග් ශූරතාවය ඉසිපතන විද්‍යාලය සතු වුවත් සෑම පාසලකටම හිසරදයක් වුනේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ නවීන් හේනකන්කානම්ගේ. සාන්ත තෝමස් විද්‍යාලයේ සත් සාමාජික කණ්ඩායමේ නායකයා වූ නවීන් එම වසරේදී උත්සාහක දිනුම් 12 වාර්තා කළ අතර එයින් විශාල ප්‍රතිශතයක් තරග ජයග්‍රහණය කිරීමට සමත් වූ උත්සාහක දිනුම් වීම විශේෂත්වයක්.

නවීන් හේනකන්කානම්ගේ

පසුව ඔහු ශ්‍රී ලංකා කනිෂ්ඨ සත් සාමාජික කණ්ඩායම නියෝජනය කළ අතර පසුව පොදු රාජ්‍ය මණ්ඩලීය තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කළා.

කිංග්ස්වුඩ් උත්සාහක දිනුම් දහයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලයි

සති දෙකක අලුත් අවුරුදු විවේකයෙන් පසු සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටය අද (20) ආරම්භ වූයේ පළඟ…

ඒ වගේම එම වසරේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා බිහිවන්නේ කඳුරටින්. ඒ සාන්ත අන්තෝනි විද්‍යාලයේ සැමුවෙල් මදුවන්ත. මීටර 50ටත් වඩා වැඩි දුරක සිට අලංකාර ඩ්‍රොප් ගෝලයක් (Drop Goal) සාර්ථක කරගනිමින් වාර්තා පොත් අතරට එක්වන්නට සැමුවෙල් මදුවන්ත සමත් වුනා. සියලු දෙනා මවිතයට පත්කරමින් ලකුණු 105ක් රැස් කරමින් ඔහු ලීගය අවසන් කරන්නේ සාන්ත අන්තෝනි විදුහලට මහත් කීර්තියක් අත්කර දෙමිනි.

සැමුවෙල් මදුවන්ත

වර්තමානයේ ඔහු CH&FC කණ්ඩායමට ක්‍රීඩා කරන අතර දැන් ඔහු ජාතික සංචිතයේද තමන්ගේ නම සටහන් කරන්නේ පසුගිය ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා පෙන්වමිනි.

2017 වර්ෂය 

2017 වසරේ තම ශක්තිමත් ඉදිරිපෙළින් හොඳින් ප්‍රයෝජන ගත් රාජකීයයන් එම වසරේ තරග වැඩිම ප්‍රමාණයක් ජයගන්නේ ඔවුන්ගේ ඉදිරිපෙළ හැසිරවූ හම්සා රීසාගේ පිහිටෙන් කියලා කියන්න පුළුවන්. ඉදිරිපෙළ හොඳින් හැසිරවූ හම්සා ලීගය අවසන් කරන්නේ උත්සාහක දිනුම් 14ක් වාර්තා කරමින්. ඒ වගේම හම්සාගේ එම උත්සාහක දිනුම් 14ට ත්‍රිත්ව උත්සාහක දිනුම් 3ක් ඇතුළත්.

හම්සා රීසා

ඒ වගේම එම වසරේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා බිහිවන්නේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන්. 2017 වසරේ සාන්ත ජෝසප් විද්‍යාලයට සචිත් සිල්වා විසින් ලකුණු 110ක් රැස්කර දෙන්නේ උත්සාහක දිනුම් 12ක්, ප්‍රවර්තන 16ක් හා දඬුවම් පහර 6ක් සමඟින්. මුලින් සචිත්ට තරග ආරම්භ කරන්න අවස්ථාවක් නොලැබෙන අතර තරගාවලියේ 3වන සතියේ පටන් තරග ආරම්භක 15දෙනා අතරට පැමිණීමට ඔහු සමත් වෙනවා. ඒ වගේම සාන්ත ජෝසප් විද්‍යාලයට ක්‍රීඩා කිරීමෙන් පසුව පොලිස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩාකළ සචිත් අවසානයේදී පොලිස් ක්‍රීඩා සමාජයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා ලෙසද පැසසුම් ලබනවා.

සචිත් සිල්වා

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ සංචාරයට සූදානම්

මැලේසියාවේ දී සුහද පුහුණු තරග සංදාරයක් සඳහා 39 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා රග්බි සංචිතයක් මේ මස 30 වැනිදා මැලේසියාව…

2018 වර්ෂය

2018 වසරේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කරන්නේ සාන්ත ජෝසප් විද්‍යාලයේ රග්බි ක්‍රීඩක ගැමුණු චේතිය විසින්. ප්‍රතිවාදී කණ්ඩායමේ ආරක්ෂාව විනිවිද යමින් පහසු උත්සාහක දිනුම් වාර්තා කරන ගැමුණු, 2018 වසරේ ලීගය අවසන් කරන්නේ උත්සාහක දිනුම් 12ක් වාර්තා කරමින්. සාන්ත ජෝසප් විද්‍යාලයට එම වසරේ පාසල් රග්බි ලීගයේ අනුශූරතාවය හිමිවන්නේ ගැමුණුගේ පිහිටෙන්. ඉන්පසුව ගැමුණු චේතිය ශ්‍රී ලංකා කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ නායකත්වය දැරූ අතර පසුව ඔහු CR&FC කණ්ඩායමේ විශේෂ තුරුම්පුවක් වෙනවා.

ගැමුණු චේතිය

එම වසරේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වන්නේ සාන්ත පීතර විදුහලේ ෂෙහාන් ලියනපතිරණ යි. පන්දුව ගෝල කණු අතරින් පා කර යැවීමේ විශේෂ දක්ෂතාවයක් ඇති ෂෙහාන් එම වසරේ ලීගය අවසානයේදී ලකුණු 77ක් වාර්තා කළා. 2018 වසරේ ශ්‍රී ලංකා වයස අවරුදු 18න් පහළ පාපන්දු කණ්ඩායමේ නායකයා වූ ෂෙහාන් ලියනපතිරණ 2018 වසරේ ඔහුගේ පාසලට රග්බි ක්‍රීඩාවෙන්ද කීර්තියක් ගෙන ඒමට සමත් වෙනවා.

ෂෙහාන් ලියනපතිරණ

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<