Home Sinhala හර්ෂිතාගේ වෑයම අපතේ යයි; ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

හර්ෂිතාගේ වෑයම අපතේ යයි; ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු සංචාරය 2022

700

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (3) Karachi හිදී අවසන් වුනා.

එම තරගයෙන් ද ලකුණු 73ක පහසු ජයක් ලබා ගත් පාකිස්තානය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සමත් වුනා.

ICC කාන්තා ලෝක ශූරතාවලියේ තරගයක් ලෙස පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් 20 හැවිරිදි සචිනි නිසංසලා ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත්තා.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්

  • ශ්‍රී ලංකාව – හසිනි පෙරේරා, චමරි අතපත්තු (C), හංසිමා කරුණාරත්න, ප්‍රසාදිනී වීරක්කොඩි, හර්ෂිතා මාධවී, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, ඕෂදි රණසිංහ, සචිනි නිසංසලා, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය
  • පාකිස්තානය – Muneeba Ali, Sidra Ameen, Bismah Maroof (C), Nida Dar, Omaima Sohail, Sidra Nawaz, Aliya Riaz, Fatima Sana, Diana Baig, Ghulam Fatima, Sadia Iqbal

පාකිස්තානු ඉනිම ආරම්භ කළ Sidra Ameen සහ Muneeba Ali ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 158ක දැවැන්ත ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනු අතර එහි දී Ameen සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් පළමු ශතකය ලබාගෙන සිය හොඳම ලකුණු අතරට පිවිසියා.

ඒ සඳහා අනෙක් අන්තයෙන් අගනා සහයක් ලබා දුන් 24 හැවිරිදි Ali ඇයගේ එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවැනි අර්ධ ශතකය වාර්තා කළා.

පන්දු 213ක් තුල ගොඩනැංවුණු එම සබඳතාවය බිඳ දමමින් 4 පහර 3ක් සමඟ ලකුණු 56ක් ලබාගෙන සිටි Ali දවා ගැනීමට ඕෂදි රණසිංහ සමත් වුනා. අනතුරුව පිටියට පිවිසි නායිකා Bismah Maroof ද ශ්‍රී ලංකා පන්දු යවන්නියන් තවදුරටත්  පීඩනයකට හසුකරමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩනංවමින් පන්දු පන්දු 70ක් තුල වේගවත් ලකුණු 74ක සබඳතාවයක් ගොඩනැංවූවා.

අවසානයේ දී එතෙක් වේලාවක් පාකිස්තානු ඉනිම සවිමත් කළ Ameenගේ කඩුල්ල දවා ගැනීමට කවීෂා දිල්හාරි සමත් වුනා. පාකිස්තානය වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ Ameen පන්දු 150ක් තුල ලකුණු 123ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වුණු අතර අවසානයේ දී ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 253ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 50 නිමා වන තෙක් ක්‍රීඩා කිරීමට සමත් වුනු නමුත් කඩුලු 9ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 180ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වුනු උපනායිකා හර්ෂිතා මාධවී පන්දු 48ක් තුල ලකුණු 41ක් ලබා  ගත් අතර ඇයගේ එම ඉනිමට එක් 4 පහරක් පමණක් ඇතුළත් වුනා. නායිකා චමරි අතපත්තු හට මේ තරගයේ දී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 16ක් පමණයි.

ලකුණු 90කට ශ්‍රී ලංකා කඩුලු 4ක් බිඳ වැටී ගොස් තිබුණු අවස්ථාවේ දී 5 වැනි කඩුල්ල වෙනුවෙන් එක්වුණු මාධවී සහ දිල්හාරි පන්දු 70ක් තුල ලකුණු 61ක සබඳතාවයක් ගොඩනංවමින් යම් සටන්කාමී පිතිකරණයක නිරත වුවත් එය සාර්ථක අවසානයක් දක්වා මෙහෙයවීමට හැකියාවක් ලැබුණේ නැහැ.

දිල්හාරි 4 පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුනා. හංසිමා කරුණාරත්න ලකුණු 27යි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිතිකාරිණියන් හොඳින් මෙල්ල කළ 20 හැවිරිදි දකුණතින් මද වේගපන්දු යවන Fatima Sana දක්ෂ පන්දුකරණයක නිරත වෙමින් කඩුලු 4ක් දවා ගත්තා.

ඇය සිය නියමිත පන්දුවාර 10 තුල නිලකුණු පන්දුවාර 3ක් ද සමඟ ලකුණු 26කට මේ කඩුලු 4ක් දවා ගැනීම කැපී පෙනුණා.

  • පාකිස්තානය – 253/2 (50): Sidra Ameen 123, Muneeba Ali 58, Bismah Maroof 36*, කවීෂා දිල්හාරි 1/43, ඕෂදි රණසිංහ 1/44.
  • ශ්‍රී ලංකාව – 180/9 (50): හර්ෂිතා මාධවී 41, කවීෂා දිල්හාරි 32, හංසිමා කරුණාරත්න 27, Fatima Sana 4/26, Omaima Sohail 2/35.

තරගයේ වීරවරිය – Sidra Ameen (පාකිස්තානය)

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අනිද්දා (5) පාකිස්තානයේ Karachi හිදී ආරම්භ වීමට නියමිත. එම තරගයේ තොරතුරු ද රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Sri Lanka Women
180/9 (50)

Pakistan Women
253/2 (50)

Batsmen R B 4s 6s SR
Muneeba Ali c Harshitha Madavi b Oshadi Ranasinghe 56 100 3 0 56.00
Sidra Ameen c Harshitha Madavi b Kavisha Dilhari 123 150 11 0 82.00
Bismah Maroof not out 36 43 0 0 83.72
Nida Dar not out 10 7 1 0 142.86


Extras 28 (b 0 , lb 5 , nb 0, w 23, pen 0)
Total 253/2 (50 Overs, RR: 5.06)
Bowling O M R W Econ
Achini Kulasuriya 9 0 48 0 5.33
Oshadi Ranasinghe 10 0 44 1 4.40
Kavisha Dilhari 10 2 43 1 4.30
Inoka Ranaweera 10 0 52 0 5.20
Sachini Nisansala 4 0 24 0 6.00
Nilakshi de Silva 7 0 37 0 5.29


Batsmen R B 4s 6s SR
Hasini Perera c Nida Dar b Fatima Sana 14 19 2 0 73.68
Chamari Athapaththu c Sidra Ameen b Nida Dar 16 34 2 0 47.06
Hansima Karunarathne c Fatima Sana b Omaima Sohail 27 59 4 0 45.76
Prasadani Weerakkody run out (Omaima Sohail) 20 42 1 0 47.62
Harshitha Madavi run out (Sidra Nawaz) 41 48 1 0 85.42
Kavisha Dilhari st Sidra Nawaz b Omaima Sohail 32 35 3 0 91.43
Nilakshi de Silva c Aliya Riaz b Fatima Sana 17 18 1 0 94.44
Oshadi Ranasinghe c Diana Baig b Fatima Sana 1 7 0 0 14.29
Sachini Nisansala b Fatima Sana 0 1 0 0 0.00
Inoka Ranaweera not out 2 28 0 0 7.14
Achini Kulasuriya not out 3 10 0 0 30.00


Extras 7 (b 0 , lb 1 , nb 1, w 5, pen 0)
Total 180/9 (50 Overs, RR: 3.6)
Bowling O M R W Econ
Diana Baig 7 2 24 0 3.43
Fatima Sana 10 3 26 4 2.60
Nida Dar 7 1 29 1 4.14
Sadia Iqbal 8 3 30 0 3.75
Ghulam Fatima 10 1 35 0 3.50
Omaima Sohail 8 0 35 2 4.38