තවත් තරගාවලියක ඉරණම කෝවිඩ් විසඳයි

64

ICC ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබූ තවත් එක් තරගාවලියක් දින නියමයකින් තොරව කල් දැමීමට බංග්ලාදේශ සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක ආයතනයන් එකඟතාවය පළකර ඇති බව වාර්තා වේ. 

සුපිරි එංගලන්ත කඩුලු රකින්නාගේ ජර්සියට ඉහළ මිලකට අලෙවි වේ!

ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අනතුරේ හෙළමින් ශීඝ්‍රයෙන් පැතිර යන Covid-19 වසංගතයට….

COVID-19 වසංගතය මේ වන විට දකුණු ආසියානු කලාපීය රටවල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිර යාමේ දැඩි අවධානමක් පැන නැගී ඇත. එම නිසාවෙන් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ ජුනි 11 වනදා සිට 23 වනදා දක්වා කාලසීමාව තුළ කිසිඳු තරගයක් ක්‍රීඩා නොකිරීමට දෙරටේම ක්‍රිකට් ආයතන පියවර ගෙන තිබේ. 

බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉදිරියේ දී කණ්ඩායම් දෙකේ තරගාවලි කාලසටහන් පිළිබඳව නිසි අධ්‍යයනයකින් අනතුරුව වඩාත් සුදුසු දින වකවානුවක් තෝරා ගනිමින් දියත් කිරීමට සංවිධායකවරුන් අපේක්ෂා කෙරේ. 

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නිසම්මුදීන් චවුද්රි මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඉතාමත් ඕනෑකමින් බලා සිටි තරගාවලියක් මෙසේ අවාසනාවන්ත අයුරින් දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවීම දෙපාර්ශවයේම ක්‍රීඩකයින් ඇතුළු සියලුදෙනා හටම කණගාටුවට කරුණක් බවයි. 

ක්ලාක්ගේ සැර ප්‍රකාශයට පේන්ගෙන් පිළිතුරු

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හිටපු නායක මයිකල් ක්ලාක් පසුගිය දා පැවති මාධ්‍ය වැඩසටහනක දී යම් ආන්දෝලනාත්මක…..

“අපි මේ තීරණය ගත්තේ හුඟාක් හිතලා බලලා. මොකද ක්‍රිකට් ආයතන විදියට අපි බැඳිලා ඉන්නවා ක්‍රීඩකයින්ගේ, ක්‍රීඩාලෝලීන්ගේ ඇතුළු සමස්ත ප්‍රජාවගේම සෞඛ්‍ය සහ ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් ලබා දීලා කටයුතු කරන්න. ඒ නිසා මේ වෙලාවේ දී ගත යුතු නිවැරදිම තීරණය අපි ගත්තා කියලා විශ්වාස කරනවා.” යනුවෙන් සඳහන් කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිලධාරී කෙවින් රොබට්ස් මහතා පෙන්වා දුන්නේ මෙම කලබලකාරී තත්වය පහව ගිය පසු නුදුරේ දීම බංග්ලාදේශයේ හි සංචාරය කිරීමට තම කණ්ඩායම බලාපොරොත්තුවෙන් පසුවන බවයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<