ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරගයේ දී හොඳ සටනක් දෙයි

6352

ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනය (International Netball Federation) විසින් සංවිධානය කරනු ලබන “2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය” අද (12) ආරම්භ විය. තරගාවලියේ පළමු වටයේ තරග 8ක් ලිවර්පූල් නගරයේ M&S Bank Arena ක්‍රීඩාංගණයේ දී අද දින පැවැත්විනි.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ආසියාවේ තෙවැනි තැනට

11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වන තරගය ශ්‍රී ලංකාව හා හොංකොං අතර…

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව 

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 79-49ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සිම්බාබ්වේ දැල්පන්දු කණ්ඩායම සමත් විය. ඒ අනුව තරගාවලියේ 4 වැනි තරගය ලෙස පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හොඳ සටන් දීමෙන් අනතුරුව පරාජයට පත්විය. ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාව 19 වැනි ස්ථානයේ පසු වූ අතර ප්‍රතිවාදීන් වූ සිම්බාබ්වේ කණ්ඩායම 14 වැනි ස්ථානයේ පසුවිය. 

පළමු කාර්තුවේ පළමු ලකුණ රැස් කරමින් සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් තරගයට අවතීර්ණ වූ අතර ඉන්පසු අඛණ්ඩව ලකුණු 2ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකාව ද තරගයට අවතීර්ණ විය. ඉන්පසු ලකුණු 2-2ක්, 3-3ක්, 4-4ක්, සහ ලකුණු 5-5ක් ලෙස කරට කර ලකුණු පුවරුවක් පැවති අතර ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණීමට සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් සමත් විය. එම කාර්තුව අවසන් වූයේ ලකුණු 19-14ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට පෙරමුණ හිමිකර දෙමිනි. (සිම්බාබ්වේ 19 – 14 ශ්‍රී ලංකාව) 

දෙවන කාර්තුවේ දී ද පළමු ලකුණු රැස්කර ගෙන පෙරමුණ තහවුරු කර ගත් සිම්බාබ්වේ ක්‍රීඩිකාවන්ට අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී සිවලිංගම් අඛණ්ඩව ලකුණු 5ක් රැස්කරමින් මුළු ලකුණු 20-19ක් දක්වා ඉදිරියට ගෙන ඒමට සමත් විය. නමුත් දෙවන කාර්තුව තුළ දී ද සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් ලකුණු 19ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එම කාර්තුව තුළදී ලකුණු 15කින් සෑහීමකට පත්වීමට සිදුවිය. (සිම්බාබ්වේ 38 – 29 ශ්‍රී ලංකාව) 

තෙවැනි කාර්තුව ආරම්භයේ දී ම අඛණ්ඩව ලකුණු 3ක් රැස් කිරීමට සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් සමත් වූ අතර පසුව මුළු ලකුණු 43-30ක් ලෙස ලකුණු පරතරය වැඩි කරගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි විය. එම කාර්තුව තුළ දී සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් ලකුණු 15ක් රැස්කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 13ක් රැස් කළහ. (සිම්බාබ්වේ 53 – 42 ශ්‍රී ලංකාව) 

සිව්වැනි කාර්තුව ආරම්භයේ දී ද අඛණ්ඩව ලකුණු 3ක් රැස් කිරීමට සිම්බාබ්වේ ක්‍රීඩිකා J. Takaidza සමත් වූ අතර ඉන්පසුව ද ඇය අඛණ්ඩව ලකුණු 6ක් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් රැස්කර දී මුළු ලකුණු 62-42ක් දක්වා ඉහළ ගෙන ඒමට සමත් විය. 

මෙම කාර්තුවේ 09 වැනි මිනිත්තුව වන විට 67-46ක්ව තිබූ ලකුණු පුවරුව 75-45ක් දක්වා තවත් ඉහළට ගෙන යාමට සිම්බාබ්වේ ක්‍රීඩිකාවන්ට හැකි විය. එම කාර්තුවේ දී සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් ලකුණු 26ක් රැස්කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 7ක් පමණි. (සිම්බාබ්වේ 79 – 49 ශ්‍රී ලංකාව)

තරගයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය වන තිලකා ජිනදාස මහත්මිය මෙසේ අදහස් දැක්වීය.

“අපේ ආරක්ෂක ක්‍රීඩිකාවන් තරගයේ හැරවුම් ලක්ෂ්‍යයන් සාර්ථක කරගත්තේ නැති නිසා කණ්ඩායම අසාර්ථක වුනා. සිදුවූ අත්වැරදීම් වලින් අපිට ගොඩක් පාඩු වුනා. නමුත් මං පෞද්ගලිකව හිතනවා අපි හොඳ සටනක් ලබා දුන්නා කියලා. සිව්වන කාර්තුවේ අවස්ථාවන් අහිමි වී යද්දී අපේ රිද්මයට එන්න අමාරු වුනා වගේම අනෙක් අන්තයේ සිට අපේ ආරක්ෂක ක්‍රීඩිකාවන් එතරම් සහයෝගයක් දැක්වූයේ නැහැ.” 

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින මීළඟ තරගය උතුරු අයර්ලන්තය සමඟ හෙට (13) දින ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.55 ට ආරම්භ වේ. 

විශ්වවිද්‍යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මහා මංගල්‍යය ගැන දන්නවා ද?

අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල කීයක් තියනවා ද? ඒ ඒ විශ්වවිද්‍යාල වල ක්‍රීඩා කණ්ඩායම් කීයක් විතර ඉන්නවා ද? ලංකාවේ හැම….

පළමු තරගය – නවසීලන්තය සහ මලාවි රාජ්‍යය 

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 64-45ක් ලෙස ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් විය. 

  • පළමු කාර්තුව: නවසීලන්තය 17 – 11 මලාවි 
  • දෙවන කාර්තුව: නවසීලන්තය 32 – 17 මලාවි
  • තෙවැනි කාර්තුව: නවසීලන්තය 49 – 30 මලාවි
  • සිව්වැනි කාර්තුව:  නවසීලන්තය 64 – 45 මලාවි

දෙවන තරගය – බාබඩෝස් සහ සිංගප්පූරුව 

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 69-34ක් ලෙස ජයග්‍රහණය කිරීමට බාබඩෝස් දැල්පන්දු කණ්ඩායම සමත් විය. 

  • පළමු කාර්තුව: බාබඩෝස් 17 – 06 සිංගප්පූරුව
  • දෙවන කාර්තුව: බාබඩෝස් 33 – 14 සිංගප්පූරුව
  • තෙවන කාර්තුව: බාබඩෝස් 47 – 24 සිංගප්පූරුව
  • සිව්වැනි කාර්තුව:  බාබඩෝස් 69 – 34 සිංගප්පූරුව

තෙවැනි තරගය – ඕස්ට්‍රේලියාව සහ උතුරු අයර්ලන්තය 

A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 88-24ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. 

  • පළමු කාර්තුව: ඕස්ට්‍රේලියාව 24 – 07 උතුරු අයර්ලන්තය 
  • දෙවන කාර්තුව: ඕස්ට්‍රේලියාව 45 – 15 උතුරු අයර්ලන්තය
  • තෙවැනි කාර්තුව: ඕස්ට්‍රේලියාව 67 – 19 උතුරු අයර්ලන්තය
  • සිව්වැනි කාර්තුව: ඕස්ට්‍රේලියාව 88 – 24 උතුරු අයර්ලන්තය 

පස්වන තරගය – ජැමෙයිකාව සහ ෆීජි රාජ්‍යය 

  • පළමු කාර්තුව: ජැමෙයිකාව 19 – 08 ෆීජි රාජ්‍යය 
  • දෙවන කාර්තුව: ජැමෙයිකාව 40 – 14 ෆීජි රාජ්‍යය 
  • තෙවන කාර්තුව: ජැමෙයිකාව 67 – 18 ෆීජි රාජ්‍යය 
  • සිව්වන කාර්තුව: ජැමෙයිකාව 85 – 29 ෆීජි රාජ්‍යය 

සයවන තරගය – දකුණු අප්‍රිකාව සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ 

  • පළමු කාර්තුව: දකුණු අප්‍රිකාව 19 – 15 ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ 
  • දෙවන කාර්තුව: දකුණු අප්‍රිකාව 40 – 26 ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ 
  • තෙවන කාර්තුව: දකුණු අප්‍රිකාව 56 – 34 ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ 
  • සිව්වන කාර්තුව: දකුණු අප්‍රිකාව 76 – 45 ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ

Video – අපි ඉලක්කය අතහැරියේ නැහැ – මෙලනි විජේසිංහ

“මෙතෙක් කලක් මම ඉටු කරපු ජයග්‍රාහීම සේවාව මට ඉටු කරන්නට ලැබීම ගැන සතුටුයි” යැයි 11 වැනි ආසියානු….

සත්වන තරගය – එංගලන්තය සහ උගන්ඩාව 

  • පළමු කාර්තුව: එංගලන්තය 15 – 06 උගන්ඩාව 
  • දෙවන කාර්තුව: එංගලන්තය 31 – 18 උගන්ඩාව 
  • තෙවන කාර්තුව: එංගලන්තය 44 – 26 උගන්ඩාව 
  • සිව්වන කාර්තුව: එංගලන්තය 64 – 32 උගන්ඩාව 

අටවන තරගය – ස්කොට්ලන්තය සහ සැමෝවා රාජ්‍යය 

  • පළමු කාර්තුව: ස්කොට්ලන්තය 09 – 07 සැමෝවා රාජ්‍යය 
  • දෙවන කාර්තුව: ස්කොට්ලන්තය 24 – 16 සැමෝවා රාජ්‍යය 
  • තෙවන කාර්තුව: ස්කොට්ලන්තය 41 – 26 සැමෝවා රාජ්‍යය 
  • සිව්වන කාර්තුව: ස්කොට්ලන්තය 53 – 35 සැමෝවා රාජ්‍යය 

මෙවර ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ සියලුම තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප සූදානමින් සිටි. රැඳී සිටින්න ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<