වෘත්තීය පිරිමි කණ්ඩායමක පළමු කළමනාකාරවරිය වූ හැනා දෙසතියෙන් ඉවතට

2451

ෆොරස්ට් ග්‍රීන් රෝවර්ස් කණ්ඩායමේ කළමනාකාරිත්වයට හැනා ඩින්ග්ලි පත්වුණේ මින් දෙසතියකට පෙරදීයි. එංගලන්ත වෘත්තීය පිරිමි පාපන්දු කණ්ඩායමක කළමනාකාරවරිය වූ පළමු කාන්තාව වන ඇයව දෙසතියක් තුළ තනතුරෙන් ඉවත් කෙරුණා.

කණ්ඩායමේ පාලනාධිකාරිය විසින් ඩේවිස් හෝස්මන්ව කණ්ඩායමේ කළමනාකරු ලෙස තෝරාගෙන තිබෙනවා. කොවෙන්ට්‍රි සිටි සහ එවර්ටන් 21න් පහළ කණ්ඩායම්වලට එරෙහිව තරග වදින්නට නියමිත ෆොරස්ට් ග්‍රීන් රෝවර්ස් කණ්ඩායමට ඒ තරග දෙක අවසන් වන තෙක් හැනාගේ පුහුණුකාරීත්වය ලැබෙනු ඇති.

අපි සම්පූර්ණ බඳවාගැනීමේ පටිපාටිය අනුගමනය කරන තෙක් කණ්ඩායමේ බලකොටුව රැකගැනීම ගැන අපි හැනාට කෘතඥ වෙනවා,” යැයි කණ්ඩායමේ හිමිකරු ඩේල් වින්ස් පැවසුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<