Mohammad Hafeez ජාත්‍යන්තර ක්‍රිකට් සමුදෙයි

1633

වසර 18ක් තිස්සේ පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම  නියෝජනය කරමින් දස්කම් දැක්වූ Mohammad Hafeez ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් ඔහු ක්‍රිකට් ලීග් සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇත.

2003 වසරේ පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගනිමින් මුල් වරට ජාත්‍යන්තර ක්‍රිකට් පැමිණි Mohammad Hafeezගේ ප්‍රතිවාදීන් වුනේ සිම්බාබ්වේ කණ්ඩායමයි. 2021 විස්සයි විස්ස  කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය Hafeezගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වන අතර ඕස්ට්‍රේලියාව සමඟ පැවති එම තරගය පාකිස්තානය පරාජයට පත් වුනා.

41 හැවිරිදි වියේ පසුවන ඔහු පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 55ක්, ජාත්‍යන්තර එක්දින තරග 218ක් සහ විස්සයි විස්ස තරග 119ක් වෙනුවෙන් ක්‍රීඩා කොට තිබෙනවා.

මුල්පෙළ පිතිකරුවෙක් සහ දකුණතින් පිට දඟපන්දු යවමින් තුන් ඉරියව් දස්කම් දක්වන Hafeez ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශතක 22ක් සහ අර්ධ ශතක 64ක් සමඟ මුළු ලකුණු 12,780ක් ලබාගෙන තිබෙනවා. ඊට අමතර ඔහු දවාගෙන තිබෙන මුළු ජාත්‍යන්තර කඩුලු ගණන 253ක්.

පාකිස්තානු ක්‍රීඩකයින් අතර වැඩිම තරගයේ වීරයා සම්මාන දිනා ගෙන තිබෙන ක්‍රීඩකයින් අතර සිව්වැනි තැන පසුවන Hafeez තරග 32ක දී තරගයේ වීරයා සම්මානය දිනාගෙන තිබෙනවා. එම ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින Shahid Afridi ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල තරගයේ වීරයා සම්මාන 43ක් දිනාගෙන තිබෙනවා.

ඔහු පසුගිය දා නිමා වුනු 2021 LPL තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් Galle Gladiators කණ්ඩායමේ ද සාමාජිකයෙක් ලෙස කටයුතු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<