ගරුක සංකේත් Delhi Capitals සමඟ එක් වෙයි!

IPL 2024

86
IPL 2024

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වන ගරුක සංකේත් මෙවර IPL තරගාවලිය සඳහා Delhi Capitals කණ්ඩායමේ දැල් පන්දු යවන්නකු ලෙස තෝරා ගෙන තිබෙනවා.

තවමත් 18 හැවිරිදි වියේ පසු වන ගරුකගේ පන්දු යැවීමේ ඉරියව්ව නිසා ඔහුට නිමා වූ 19 පහළ ලෝක කුසලාන තරගාවලිය තුළ විශේෂ අවධානයක් ද යොමු වුනා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමඟ තරග 16ක් ක්‍රීඩා කර ඇති ගරුක 27.67ක පන්දු යැවීමේ සාමාන්‍යයක් ද සහිතව කඩුලු 22ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, ඔහුගේ හොඳම පන්දු යැවීම සටහන් වන්නේ ලකුණු 48කට කඩුලු 5ක් ලෙසයි.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<