නිදහස් පහරකින් ජයග්‍රහණය සෝන්ඩර්ස් සමාජයට

167

සෝන්ඩර්ස් නායක ක්‍රිෂාන්ත අබේසේකර සාර්ථක කර ගත් නිදහස් පහරත් සමඟින් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූයේ ගෝල 01-00ක් වශයෙනි. සිටි ලීග් සභාපති කුසලානයේ B කාණ්ඩයට අයත් මෙම තරගය ඊයේ (18) පැවතියේ සිටි ලීග් පාපන්දු ක්‍රීඩා පිටියේ දීයි.

නිව් යංග්ස්ගෙන් මොරටු සිසුන්ට දැවැන්ත ප්‍රහාරයක්!

2016/17 FA කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරගයක් ඊයේ (17) කැළණිය පාපන්දු පිටියේ දී පැවැත්වූයේ මොරටුව විශ්ව විද්‍යාලය සහ නිව් යංග්ස් ක්‍රීඩා සමාජය අතරයි…

මෙම තරගයේ දී පරාජය වන්නට සිදුවූවත්, සහභාගී වූ අවසන් තරගයේ දී මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය විසින් ශූරයින්ගේ කුසලානයේ ජයග්‍රාහකයින් වන කොළඹ පාපන්දු සමාජය 02-00ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

සෝන්ඩර්ස් කණ්ඩායම තරගයට වඩාත් හොඳින් අවතීර්ණ වූවත් ගෝලයක් දක්වා එම උත්සාහය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. විශේෂයෙන්ම සුන්තරාජ් නිරේෂ් හට පහසුවෙන් ගෝලයක් වාර්තා කිරීමට අවකාශය තිබුණ ද පන්දුව දැලෙන් ඉවතට යෑම නිසා එය අසාර්ථක විය.

කෙසේ නමුත් එම අසාර්ථකත්වයේ තව තවත් ගැලී නොසිට ගෝලයක් වාර්තා කරන්නට ඔවුන් උත්සහා දැරූ අතර යාර 30කින් නිදහස් පහර අවස්ථාවක් ඔවුන්ට හිමි විය.

අබේසේකර මනා සූදානමින් යුතුව සිය පාදය පන්දුව දෙසට වේගයෙන් එල්ල කල අතර ගෝලය සාර්ථකව ගුවනේ පාවී ගොස් දැල් රකින්නාගේ දෑත් අතරින් දැල තුලට ගමන් කරන ලදි. ඒ සමඟින් ලකුණු පුවරුව ආරම්භ වූ අතර ප්‍රේක්ෂකයින් සහ කණ්ඩායම් සගයින් ගෝලයේ සතුට සැමරීය.

කෙසේ නමුත් ප්‍රථම අර්ධය අවසන් වන තෙක් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයට ගෝලයක් වාර්තා කරන්නට නොහැකි විය.

ප්‍රථම අර්ධය: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 01 – 00 මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය

කණ්ඩායම් දෙකම විවේකයෙන් අනතුරුව නැවතත් පිටියට පිවිසි අතර සුපුරුදු පරිදි සෝන්ඩර්ස් කණ්ඩායම සාර්ථක උත්සාහයක නිරත වුවද ප්‍රතිවාදී ගෝල රකින්නා සාර්ථකව ඒවා වළක්වන ලදි.

මොරගස්මුල්ල කණ්ඩායම ද කෙසේ හෝ ගෝලයක් වාර්තා කිරීමට ඉදිරියට එනු දක්නට ලැබුනි. ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම් ක්‍රීඩක ඩිලාන් මදුෂංක ප්‍රතිවාදීන්ට හිසරදයක් වූ අතර මොරගස්මුල්ලට ලැබුණු නිදහස් පහරක් ඔවුන් අතින් ආසර්ථක වී ගියේ ලකුණු පුවරුව සම කර ගැනීමට තිබුණු අවස්ථාවක් ද අපතේ යවමිනි.

මදුෂංක සහ ජී. එස්. ප්‍රියවංස හට ගෝල වාර්තා කිරීමට අවස්ථාවන් කිහිපයක් ලැබුනත් ඒවා සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කර ගැනීමට සෝන්ඩර්ස් ආරක්ෂකයින් ඉඩ ලබා දුන්නේ නැත. එලෙසම අනෙක් අන්තයෙන් සනෝජ් සමීර ගෝලයක් වාර්තා කිරීමට පහසු අවස්ථාවක් ලැබුණ ද එය දැල තුලට යොමු කිරීමට ඔහුට නොහැකි විය.

කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු පුවරුවේ වෙනසක් සිදු නොවුනු අතර ජයග්‍රහණය සෝන්ඩර්ස් කණ්ඩායම සතු විය.

අවසන් ලකුණු: සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 01 – 00 මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: ක්‍රිෂාන්ත අබේසේකර

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්

  • සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය: ක්‍රිෂාන්ත අබේසේකර 33’

කහ කාඩ්පත්:

  • සෝන්ඩර්ස් – ජනිත් පියුමාල් 68 ‘, එස්. එම්. ප්‍රියදර්ශණ 78
  • මොරගස්මුල්ල- එස්. සමන්ත25’, ජී. එස්. ප්‍රියවංස 27’, ජී. අයි. මදුෂංක 77’

රතු කාඩ්පත්

  • මොරගස්මුල්ල පිල – ජී. එස්. ප්‍රියවංස

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට