LPL 5 වැනි අදියරට Galle Titans අලුත් නමකින්

LPL 2024

70

ලංකා ප්‍රිමියර් ලීග් පස් වැනි අදියර වෙනුවෙන් මෙතෙක් Galle Titans ලෙස සහභාගී වූ කණ්ඩායම සිය නම Galle Marvels යනුවෙන් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

කණ්ඩායම නව හිමිකාරිත්වයක් යටතට පත්වීමත් සමඟ මෙම වෙනස්කම සිදු වී ඇති අතර, ඒ අනුව දැන් Galle Marvels කණ්ඩායමේ හිමිකාරිත්වය හිමි වී තිබෙන්නේ Tattva Group හිමිකරුවන් වන Malav Patel සහ Neil Patel, Aanya Properties LLC හිමිකරු වන Himanshu Patel සහ Thakkar Group කළමනාකාර අධ්‍යක්ෂක Prem Thakkar යන ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකටයි. 

මෙම නම් වෙනස් කිරීම පිළිබඳ Galle Marvels කණ්ඩායම විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇති අතර, LPL තරගාවලියට සම්බන්ධ වූවා සේ ම ඉදිරියේ දී තවත් ක්‍රිකට් ලීග් තරගාවලි සමඟ ද එක් වීමට මෙම සමූහය සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ. 

මේ අනුව මෙය ගාල්ල කණ්ඩායම මෙතෙක් LPL ඉතිහාසයේ ලද තෙවන නම ලෙසයි සටහන් වන්නේ. පළමුව Galle Gladiators නමින් LPL තරගාවලිය නියෝජනය කළ ඔවුන් දෙවැනුවයි Galle Titans නමින් තරගාවලියට සම්බන්ධ වුනේ. 

2024 LPL තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<