ආසියානු අනුශූරයින් සමඟ සටනට බංග්ලාදේශය මෙරටට

438

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙම යොවුන් ක්‍රිකට් තරගාවලිය සඳහා සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා එක්දින ක්‍රිකට් තරග පහක් ඇතුළත්.

19න් පහළ ආසියානු කුසලානයේ අනුශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු කලාපයේ යොවුන් ශූරයන් කවුරුන් ද යන්න තේරීම වෙනුවෙන් හත්වැනි වරටත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ

නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (8) දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණියේය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිවෙළින් බංග්ලාදේශය, හොංකොං, පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය පරාජය කරමින් අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි අතර අවසානයේ දී ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ අවසන් මහා තරගය පරාජයට පත්විය.

ඉන්දීය යොවුන් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර පසුගිය ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 10 වැනිදා දක්වා පැවති ක්‍රිකට් තරගාවලියේ දී හා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙය වූයේ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය විසිනි.

එම තරගාවලි දෙක තුල දී ම ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළේ පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරමිනි. ඉන්දීය යොවුන් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ ටෙස්ට් ක්‍රිකට් තරග දෙක ඉන්දීය කණ්ඩායම පහසුවෙන්ම ජයග්‍රහණය කළේය. එක්දින ක්‍රිකට් තරගාවලියේ 3-2ක් ලෙස අවසන් වූ නමුත් ප්‍රබල ඉන්දීය යොවුන් කණ්ඩායමට තියුණු සටනක් ලබා දීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර මෙතෙක් පවත්වා ඇති තරුණ ටෙස්ට් ක්‍රිකට් තරග හතරෙන් එක් තරගයක් (2007 වර්ෂයේ දී) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරග තුනම ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

එසේම මේ කණ්ඩායම් දෙක අතර එක්දින ක්‍රිකට් තරග 11ක් පවත්වා තිබෙන අතර එහි දී නම් වැඩි වාසිය හිමිකරගෙන ඇත්තේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමයි. ඒ එක්දින ක්‍රිකට් තරග 6ක් ජයග්‍රහණය කරමිනි. ශ්‍රී ලංකාව බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම හමුවේ එක්දින තරග 4ක් ජයග්‍රහණය කර තිබෙන අතර තරග එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

තරග කාලසටහන  

  • පළමු ටෙස්ට් තරගය – ඔක්තෝබර්  16- 20 – NCC ක්‍රීඩා පිටිය
  • දෙවන ටෙස්ට් තරගය  – ඔක්තෝබර් 23-26 – කටුනායක
  • පළමු එක්දින තරගය – ඔක්තෝබර්  30 – දඹුල්ල
  • දෙවන එක්දින තරගය –  නොවැම්බර් 1 – දඹුල්ල
  • තෙවන එක්දින තරගය –  නොවැම්බර් 3 – දඹුල්ල
  • සිව්දින තරගය –  නොවැම්බර් 6 – කටුනායක
  • පස්වන එක්දින තරගය – නොවැම්බර් 9 – කටුනායක

මේ ක්‍රිකට් තරගාවලියේ සියලුම තරග වාර්තා, සේයා රූ හා එසැණ තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<