ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙක්ට අබුඩාබි T10 වරම්

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

3248

2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ Bangla Tigers කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස (icon player) ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදාන තෝරාගෙන ඇත.

2020 වසරේ නොවැම්බර් මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසාවෙන් පෙර සැලසුම් කරගත් පරිදි පැවැත්වීමට නොහැකි වුවත්, මේ වන විට එම තරගාවලිය 2021 වසරේ ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 6 වැනිදා දක්වා Sheikh Zayed ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

LPL තතුවිත්ති:

2019 වසරේ දී පැවති අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී ලසිත් මාලිංග, තිසර පෙරේරා, කුසල් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කළ නමුත් එම ක්‍රීඩකයින් අතරින් මෙවර තරගාවලිය සඳහා ඒ ඒ කණ්ඩායම් විසින් දැනට රඳවා තබා ගෙන ඇත්තේ ඉසුරු උදාන, දසුන් ශානක, භානුක රාජපක්ෂ සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයින් සිව්දෙනායි.

  • ඉසුරු උදාන – Bangla Tigers
  • දසුන් ශානක – Bangla Tigers
  • භානුක රාජපක්ෂ – Deccan Gladiators
  • දුෂ්මන්ත චමීර – Delhi Bulls

එසේම තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉදිරි දින කිහිපය තුල මේ 2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම් ගත වීමට නියමිත බව වාර්තා වේ.

ක්‍රීඩකයින් හැරුණු විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශ්ලේෂක සහ දිල්ලි කැපිටල් කාර්ය සාධන විශ්ලේෂක ශ්‍රීරාම් සෞමියාජලා Bangla Tigers කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු ලෙස ද තහවුරු කර තිබේ. මෙම ලීගය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තෝරා ගැනීමට ඔහු පෙරමුණ ගෙන සිටින බව ThePapare.com වෙත විශ්වාසදායී ආරංචි මාර්ගවලින් තහවුරු කරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<