මාලිංග වෙනුවට මුම්බායි කණ්ඩායමට එක්කරගත හැකි ක්‍රීඩකයා කවුද?

223

තෙවරක් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ආරම්භ වන විටම විශාල ගැටලුවකට මුහුණ දී තිබේ.

ඒ මෙවර තරගාවලිය සඳහා සිය කණ්ඩායමට තෝරාගත් වත්මන් ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර විස්සයි විස්ස නායක ලසිත් මාලිංග තරගාවලියේ ප්‍රථම තරග 6ට ක්‍රීඩා නොකරන බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දන්වා තිබීම හේතුවෙනි.

මාලිංග ජාත්‍යන්තරයෙන් සමුගන්නා කාලය නිවේදනය කරයි

ලොව සිටින අත්දැකීම් බහුලතම විශිෂ්ට වේගපන්දු යවන්නෙක් සහ වත්මන් ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර විස්ස කණ්ඩායම් හි නායකත්වය දරණ ලසිත් මාලිංග…

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය තේරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන පළාත් ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම හේතුවෙන් මෙලෙස මාලිංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරග 6 සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වූ මාලිංගව පසුගිය 2018 තරග වාරයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිල දී ගත්තේ නැත.

කෙසේ වෙතත් එම වර්ෂයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු යවන අංශය භාර පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට මාලිංගට අවස්ථාව හිමි විය. කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී නැවතත් මාලිංගව ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකට මුම්බායි ඉන්දියන්ස් විසින් මිල දී ගන්නා ලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන මෙම තරගාවලියේ ගාල්ල කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ද මාලිංගයි.

ෆින්ච්ගේ නායකත්ව ඉනිම ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච්ගේ සුපිරි නායකත්ව ඉනිම සහ ෂෝන් මාර්ස්ගේ ආක්‍රමණශීලී නොදැවුණු ඉනිම හේතුවෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම…

තමා පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමින් නොසිට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට එක්කර ගන්නවා නම් තමන් ඒ පිළිබඳව තැකීමක් සිදු නොකරන බව ද මාලිංග ප්‍රකාශ කර තිබේ.

පසුගිය තරග වාරයේ දී පස්වැනි ස්ථානය හිමිකරගත් රෝහිත් ශර්මා ප්‍රමුඛ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙම සිදුවීමත් සමඟ ගැටලුවකට මුහුණ පා සිටින්නේ සිය වේගපන්දු බලඇණිය පිළිබඳවය.

යම් හෙයකින් මාලිංග සිය කණ්ඩායමෙන් ඉවත් කළහොත් මුල් තරග සඳහා මාලිංග වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්කර ගැනීමට අවස්ථාව තිබෙන ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිබඳව අවධානය යොමු වී තිබේ.

  1. ජේම්ස් පැටින්සන්

මාලිංග නොමැති විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සතුව සිටින්නේ තවත් විදේශීය වේගපන්දු යවන්නන් තිදෙනෙකු පමනි.

ජේසන් බෙහෙරන්ඩොෆ්, බෙන් කටිං හා මිචෙල් මැක්ලෙනගන් යන එම ක්‍රීඩකයින් තිදෙනාගෙන් බෙන් කටිං දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් වන අතර බෙහෙරන්ඩොෆ් තරගාවලිය අතරතුර නැවත පිටත් වීමට නියමිත වේ.

මෙවැනි අවස්ථාවක ජේම්ස් පැටින්සන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට හොඳම විකල්පයයි.

2011හා 2012 වසරවල දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළ පැටින්සන් මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිල දී ගත්තේ නැත.

IPL වලට වඩා මාලිංග රට ගැන සිතා තීරණයක් ගනී

වර්තමාන ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අද (23) ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී (IPL) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීම…

  1. ජේසන් හෝල්ඩර්

ජේසන් හෝල්ඩර් යනු පන්දුවාර විස්සයි විස්ස තරග පිටියේ පන්දු යැවීමෙන් මෙන්ම පසුපෙළ ක්‍රීඩා කරමින් ප්‍රහාරාත්මක පිතිකරණයක් දියත් කිරීමට හැකි ක්‍රීඩකයෙකි.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි නොවූ හෝල්ඩර් මාලිංග වෙනුවට යොදා ගත හැකි තවත් විකල්පයකි.

මෙවර වෙන්දේසියේ දී ලක්ෂ 75 කාණ්ඩයේ සිටි ජේසන් හෝල්ඩර් කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් වැනි ප්‍රහාරාත්මක පිතිකරුවෙකි.

  1. ඩේල් ස්ටේන්

දකුණු අප්‍රිකාව සතු අත්දැකීම්වලින් පරිපූර්ණ හා දක්ෂ වේගපන්දු යවන්නෙකු වන ඩේල් ස්ටේන් ද මාලිංග වෙනුවට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට යොදා ගත හැකි තවත් ක්‍රීඩකයෙකි.

ඩේල් ස්ටේන් 2016 වසරෙන් පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වී නොමැත. 35 හැවිරිදි ස්ටේන් නිමාවට පත්වු දකුණු අප්‍රිකා ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ද වූයේ තරග 9ක දී කඩුලු 12ක් දවා ගනිමිනි. ඔහු එම තරගාවලියේ දී  කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායම නියෝජනය කළේය.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී මිලියන 15 කාණ්ඩය යටතේ අලෙවි නොවූ ස්ටේන් මාලිංග වෙනුවට යොදා ගත හැකි අනෙක් විකල්පයයි.

Sportskeeda හි පලවූ ලිපියක පරිවර්තනයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<