Danish Kaneriaගෙන් Afridiට උපහාසයක්

2926

පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් පසුගිය සතියේ විශාල වෙනස්කමක් සිදු කරමින් Muhammad Wasim ප්‍රමුඛ තේරීම් කමිටුව ඉවත් කරමින් නව අතුරු තේරීම් කමිටුවක් පත් කිරීමට කටයුතු කළා.

එම අතුරු තේරීම් කමිටුවේ සභාපති ලෙස හිටපු නායක Shahid Afridi පත් කළ අතර ඔහුට අමතරව එම අතුරු තේරීම් කමිටුව සඳහා Abdul Razzaq සහ Rao Iftikhar Anjum ද ඇතුළත් වුනා.

අතුරු කමිටුව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමෙන් පසුව Shahid Afridiගේ කණ්ඩායම් සඟයෙකු වූ Danish Kaneria විසින් සිය twitter ගිණුමට Afridi පන්දුව පළුදු කරන ඡායාරූපයක් එක් කරමින් දරුණු ලෙස උපහාසයට ගෙන තිබුණා.

පාකිස්තාන කණ්ඩායම එංගලන්තය හමුවේ මව් බිමේ දී ලැබූ දැවැන්ත ටෙස්ට් පරාජයෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් විසින් පැවති තේරීම් කමිටුව ඉවත් කර නව අතුරු තේරීම් කමිටුවක් පත් කිරීමට කටයුතු කළා.

එම තේරීම් කමිටුව කෙටි කාලයක් සඳහා පත් කළ එකක් වන අතර නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී පමණක් ඔවුන් එම ධුරයේ කටයුතු කරනවා.

මෙම පුවත මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එම twitter සටහන තැබූ Danish Kaneria, 2010 වසරේ දී Afridi පන්දුව පළුදු කරන ඡායාරූපයක් එක් කරමින් සඳහන් කර තිබුණේ ප්‍රධාන තේරීම් නිලධාරියා ලෙසයි.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති එක්දින තරගයක දී Afridi විසින් එලෙස පන්දුව පළුදු කර තිබූ අතර එයට දඬුවමක් ලෙස ඔහුට තරග තහනමක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූවා.

පසුව ඔහු එය තමන් විසින් සිදු කළ බව පිළිගත් අතර එලෙස පිළිගනිමින් ප්‍රකාශ කළේ එය ඕනෑම කණ්ඩායමක් සිදු කරන දෙයක් බවයි.

“මට එය නොකළ යුතුව තිබුනත් ඒක සිදු වුනා. මම ඒක කළේ මගේ පන්දු යවන්නන්ට තරගය දිනන්න උදව් කරන්නයි. පන්දුව පළුදු නොකරන කිසිම කණ්ඩායමක් නැහැ. මගේ ක්‍රමය වැරදියි, මම ඒ ගැන ලැජ්ජා වෙනවා. මට ඒක නොකර ඉන්න තිබුණේ. මට ඕන වුනේ තරගය දිනන්න විතරයි. ඒත් ඒක වැරදි ක්‍රමයක්,” යැයි එම සිදුවීම පිළිබඳව ඔහු ප්‍රකාශ කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<