Shahid Afridiට නව තනතුරක්

1107

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ අතුරු සභාපති ධුරයට, හිටපු පාකිස්තාන නායක Shahid Afridi පත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා. 

Abdul Razzaq සහ Rao Iftikhar Anjum එම අතුරු කමිටුවේ අනෙක් සාමාජිකයින් වන අතර පාකිස්තාන ක්‍රිකට් කළමනාකාර කමිටුවේ සාමාජිකයෙකු වන Haroon Rashid අතුරු කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඒ අනුව Mohammad Wasim ප්‍රධානත්වය දැරූ තේරීම් කමිටුවෙන් වැඩ භාර ගන්නා මෙම ත්‍රිපුද්ගල තේරීම් කමිටුව නම් කර ඇත්තේ නවසීලන්ත තරගාවලියට පමණක් වීම විශේෂත්වයක්.

දෙසැම්බර් 26 සිට ජනවාරි 14 දක්වා පැවැත්වීමට නියමිත එම තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග තුනක් ඇතුළත්.

මෙම අතුරු තේරීම් කමිටුව පිළිබඳව අදහස් දැක්වූ පාකිස්තාන ක්‍රිකට් බලධාරි Najam Sethi ප්‍රකාශ කළේ,

“මම නව අතුරු තේරීම් කමිටුව පිළිගන්නා අතර සීමිත කාලයක් තිබුනත් නවසීලන්ත තරගාවලිය අවශ්‍ය නිර්භීත තීරණ ඔවුන් ගන්නා බවට කිසිම සැකයක් නැහැ.

Shahid Afridi යනු කිසිම බියකින් තොරව සියලුම ආකෘති ක්‍රීඩා කළ වසර 20කට ආසන්න අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ඒ හැම ආකෘතියකම සාර්ථක වෙලා තියෙනවා.

ඒ වගේම ඔහු නවක ක්‍රීඩකයින්ට සෑම විටම උදව් කරනවා. නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ අභියෝග තේරුම් අරන් කටයුතු කරන්න ඔහු තරම් හොඳ පුද්ගලයෙකුට තවත් නැහැ.

ඔහුගේ ක්‍රීඩාව පිළිබඳ බුද්ධිය සහ දැනුම තුළින් හොඳ ක්‍රීඩකයින් තෝරා ගැනීමට සහ ඉදිරි තරගාවලියේ කණ්ඩායමේ සාර්ථකත්වයට දායක වෙන්න ඔහුට පුළුවන් කියලා මම විශ්වාස කරනවා.”

තමාට ලැබුණු තනතුර පිළිබඳව අදහස් දක්වමින් Afridi ප්‍රකාශ කළේ, මෙය ඔහුට ඉතාම ගෞරවයක් ලෙස සලකන බවත් සහ එහි වගකීම තමන් ඉතාමත් හොඳින් ඉටු කරන බවයි.

“අපි නැවතත් ජයග්‍රාහී මාවතට යන්න ඕන, කුසලතා සහ උපායශීලී තේරීම් මගින් නවසීලන්ත තරගාවලියේ දස්කම් දක්වා අපගේ ක්‍රීඩාලෝලීන්ගේ විශ්වාසය නැවතත් අප වෙත ගන්න ඕන. ඒ නිසා මම ඉක්මනින් ම තේරීම් කමිටුව කැඳවා අපගේ සැලසුම් බෙදා ගැනීමට කටයුතු කරනවා.”

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<