තෙන්දුල්කාර් දැඩි තීරණයක් සමඟින් නඩු මගට

365

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා උපකරණ නිෂ්පාදන ආයතනයකට එරෙහිව නඩු මඟට යාමට හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් තීරණය කර තිබෙනවා. ඒ එම සමාගම සමඟින් එළඹුණු ගිවිසුමකට අනුව තමන්ට හිමි විය යුතු ඩොලර් මිලියන ගණනක් ගෙවීම පැහැර හැර ඇති නිසාවෙනි. 

2016 වසරේ දී Spartan සමාගම සමඟින් තෙන්දුල්කාර් ගිවිසුමකට එළඹ ඇත්තේ එම සමාගමේ ක්‍රීඩා උපකරණ හා ක්‍රීඩා ඇඳුම් ප්‍රචාරණ අනුග්‍රහය සඳහායි. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය හමුවේ ඉන්දියාව හිතාමතාම පැරදෙයි ලු!

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකාව සහ…

මෙම ගණුදෙනුවේ දී තමන්ට සිදු වූ පාඩුව පිළිබඳව තෙන්දුල්කාර් සිඩ්නි හි ෆෙඩරල් උසාවියක නඩුවක් ගොනු කර ඇත. එහි චෝදනා ලෙස Spartan ක්‍රීඩා සමාජය විසින් අදාළ ගිවිසුමට අනුව තෙන්දුල්කාර්ට හිමි විය යුතු ගෙවීම සිදු කර නොමැති බවත්, තෙන්දුල්කාර් තම ගිවිසුමෙන් ඉවත් වූ පසුව ද ඔහුගේ නම හා ඡායාරූප යොදාගෙන ප්‍රචාරණ කටයුතු සිදු කිරීම යන චෝදනා ඇතුළත් වේ. 

මෙම ගිවිසුමට අනුව වසර දෙකක කාලයක් සඳහා තෙන්දුල්කාර් තම නම හා ඡායාරූප Spartan ආයතනයේ ප්‍රචාරණය සඳහා යොදාගැනීමට අවසර ලබා දී ඇත. තවද ලන්ඩන් හි හා මුම්බායි හි පැවති ප්‍රචාරණ වැඩසටහන් සඳහා ද තෙන්දුල්කාර් සහභාගි වී ඇත. සිඩ්නි හි ප්‍රසිද්ධ නීතිඥ සමාගමක් වන ගිල්බර්ට් හා ටෝබින් සමාගම මේ පිළිබඳව පවසා සිටියා. 

එම ආයතනයේ නියෝජිතයෙකු වන සියාබන් සීට් තවදුරටත් පවසා සිටියේ Spartan ආයතනය සිදු කර ඇති වගකීම් පැහැර හැරීම් නිසාවෙන් මෙම තීරණය ගත් බවයි. 

මෙම පැමිණිල්ල මඟින් තෙන්දුල්කාර්ගේ නම ඇතුලත් සියලු නිෂ්පාදන වහාම නවත්වන ලෙස ද ඉල්ලා ඇත. 

කෙසේ වෙතත් නීතිඥ සමාගම විසින් මෙම පැමිණිල්ලට අදාළ මූල්‍යමය තොරතුරු කිසිවක් ප්‍රසිද්ධ කර නැත. නමුත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා මඟින් Spartan සමාගම මෙම වසර දෙකක ගිවිසුමට අනුව ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් මුදලක් තෙන්දුල්කාර්ට ගෙවීම පැහැර හැර ඇති බව හෙළිකර ඇත. 

ප්ලෙසී සහ අම්ලා ශ්‍රී ලංකාව ලැජ්ජාවට පත් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි තරග ප්‍රමාණයක දී ආතුර වී සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ අද…

“තෙන්දුල්කාර් මෙම පැමිණිල්ල කරන්න කලින් Spartan සමාගම සමඟින් කතා කරලා මේක විසඳ ගන්න ගොඩක් උත්සාහ කළා” සීට් පවසා සිටියා. 

“Spartan සමාගම ඔහුගේ ඉල්ලීම් එතරම් සැලකුවේ නෑ. ඒත් ඔවුන් තෙන්දුල්කාර්ගේ නම හා එම නිෂ්පාදන ඔහුගේ අනුමැතියෙන් තොරව යොදා ගත්තා. අපිට වෙන විකල්පයක් තිබුණේ නෑ නීතිමය පියවර ගන්නවා ඇරෙන්න. ” 

මෙම නඩුව මෙම වසරේ අවසන් භාගයේ හෝ මීළඟ වසරේ මුල්භාගයේ දී  විභාගයට ගනු ඇති බව සීට් පවසා සිටියා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<