සිව්කොන් විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වීමේ අමුණින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන 9 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම, ඉන්දීය 19න් පහළ A සහ B කණ්ඩායම් මෙන්ම බටහිර ඉන්දීය 19න් පහළ කාන්තා කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් 4යි.
තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන තරග නොවැම්බර් 13, 15 සහ 17 යන දිනවල විසාකාපට්නම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (Vizag) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 19 වැනිදා පැවැත්වෙනු ඇත.
තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ කාලසටහන
දිනය | තරගය | ස්ථානය |
නොවැම්බර් 13 | ශ්‍රී ලංකාව සහ ඉන්දීය B | Vizag |
නොවැම්බර් 15 | ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් | Vizag |
නොවැම්බර් 17 | ශ්‍රී ලංකාව සහ ඉන්දීය A | Vizag |
තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<