අළු මතින් නැගී සිට නැවත පොර බැඳීමට සූදානම් වන කන්නංගරයින්

708

කනිෂ්ඨ – ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සුසංයෝගයක් හා නව මුහුණුවරක් සමඟින් මෙවර පළමු කාණ්ඩයේ B කොටසේ තරග කරන සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයීය රග්බි කණ්ඩායම පසුගිය වර්ෂවල දී සිදු වූ වැරදි නිවැරදි කරගනිමින් නව මං සොයා පිය නඟන්නට සූදානමින් පසුවේ.

නවකයින් රැසක් සමඟ පිටියට පිවිසෙන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මෙම වසරේ (2019) පාසල් රග්බි පිටියේ නව නායකත්වයක් යටතේ පෙරළියක් ඇති කිරීමට කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය රග්බි…

කන්නංගර රග්බි ඉතිහාසය වසර 18ක් තරම් ඈතට දිවයන අතර දිනෙන් දින ඉදිරියට ඒමට වෙර දරන පාසලක් ලෙස නම් කළ හැක. කණ්ඩායමේ ක්‍රීඩකයින් පවසන ආකාරයට පාසලට නාමයක් ගෙන දෙන්නේ රග්බි යැයි පැවසීමෙහි වරදක් නැත.

2013 වසරේ සත් සාමාජික රග්බි පලඟ ශූරතාවය දිනූ කන්නංගරයින්ට 2014 වසරේ එතරම් ඉහළ මට්ටමක ක්‍රීඩා විලාශයක් පෙන්වීමට නොහැකි වූවද 2015 වසරේ ප්‍රථම වතාවට A කාණ්ඩයේ අසුන් වෙන්කර ගැනීමට ඔවුන් සමත් විය.

එහෙත් ඔවුන්ට එම තරගාවලිය සාර්ථකව නිමා කරන්නට අවස්ථාව නොලැබෙන අතර ඒ සියලු කඩා වැටීම් පසෙකලා අළු මතින් නැගී සිටිමින් නැවත වරක් සිය පාසල් නාමය A කාණ්ඩය දක්වා ගෙන ඒමට කැප වීමෙන් ක්‍රියා කරනු දක්නට ලැබේ.

පසුගිය වසරේ දී අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ සියලු රග්බි අංගෝපාංග ගින්නෙන් විනාශ වී ගිය ද තම අධිෂ්ඨානය අත්නොහල කන්නංගරයින් එම අළු මතින්ම කන්නංගර රග්බි නාමය ගොඩ ගැනීමට සමත් විය.

අවධානය දිනා ගත් ක්‍රීඩකයින් 

චමෝත් සත්සර – වේගවත්  ක්‍රීඩා විලාශයකට හිමිකම් කියන චමෝත් මේ ගෙවන්නේ කන්නංගර කණ්ඩායමේ 5 වැනි වසරයි. පසුගිය වසරේ නායකත්වයේ අත්දැකීම් නිසා ආකාරව මේ වසරේ ක්‍රීඩා විලාශයට එකතු කරගනිමින් අනෙක් කණ්ඩායම්වලට හිසරදයක් වන්නට චමෝත් සූදානමින් සිටියි.

පලඟ ශූරයින් මෙවර කුසලාන ශූරතාවයට මෙහෙයුම් දියත් කරයි

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය දිනා ගත් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය මෙවර තරගවාරයට පිවිසෙන්නේ…

අරවින්ද් රාජු – තම කණ්ඩායම ගැන මනා අදහසක් ඇති අරවින්ද්ට ඕනෑම ක්‍රීඩකයෙකු තමන්ගේ ග්‍රහණයට ගෙන බිම වැට්ටීම අපහසු කාර්‍යයක් නොවේ. ඉක්මන් තීරණ ගැනීමට ඇති හැකියාව හා වසර 4ක පළපුරුද්ද රාජු ගැන අවධානය යොමු විය යුතු තවත් කරුණකි.

අරුණ මදුශාන් – තම වේගයෙන් කන්නංගරයින්ට වසර 4ක් පුරාවට විශාල මෙහෙයක් ඉටු කරන අරුණව මෙල්ල කිරීමට නම් ප්‍රතිවාදීන්ට ඔහු සඳහා වෙනම සැලැස්මක් දියත් කිරීමට සිදුවනවා නොඅනුමානයි.

අශේන් මදුශාන් – තුන්වැනි වසරටත් කන්නංගරයින්ට සේවයක් කිරීමට බලා සිටින අශේන් කිසිවෙකු නොසිතූ මොහොතක ක්‍රියාත්මක වී පන්දුව ඩැහැ ගැනීමට හා ඒ හරහා ජයග්‍රහණය කරා මාවත් නිර්මාණය කරගන්නා දක්ෂයෙකි.

“පසුගිය වසරේ තර්ස්ටන් විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු දෙකකින් අපි පරාද වුනා, අපිට පුළුවන් මෙවර ඔවුන් පරාජය කරන්න. මේ පාර අපි ඉන්නේ හොඳ මානසිකත්වයකක්‍රීඩා කරන්නේ වෙනස්ම ආකාරයකට, අපි අවුරුදු දෙකකට පස්සේ Division 1 ක්‍රීඩා කරන්නේ. අපිට පුළුවන් මේ දේ කරන්නට. මගේ කණ්ඩායම ගැන මට විශ්වාසයි.”

– චමොත් සත්සර

කණ්ඩායම් පුහුණුකරුවන් –

පාසලේ ආදිශිෂ්‍යයෙක් වන ගොඩ්ෆ්‍රී අයන්වයිට්ට තම කණ්ඩායම ගැන මනා අවබෝධයක් ඇති අතර ඔහුගෙන් හා ශෙහාන් දීපාල්ගෙන් ද කණ්ඩායමට විශාල මෙහෙයක් සිදුවන බව ක්‍රීඩකයින් පවසා සිටියේ ඉමහත් ගෞරවයෙනි. එසේම පුහුණුකරුවන් දෙදෙනා පාසලේ ආදි ශිෂ්‍යයන් වන අතර ඔවුන් ද සිය පාසල වෙනුවෙන් උපරිමය කරන්නට සූදානමින් සිටියි.  ක්‍රීඩා භාර ගුරුතුමිය ලෙස කටයුතු කරන්නේ සාගරිකා මහත්මියයි.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න රග්බි පිටුවට <<