යුනයිටඩ් අනූ නවයෙන් බේරෙයි – EPL 8 වැනි සතිය

147

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ අටවන සතිය මේ සති අන්තයේ දී පැවැත්වුණු අතර දිගින් දිගටම තරග පරාජය වෙමින් සිටි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්තා කරද්දී ලිවර්පූල්, මැන්චෙස්ටර් සිටි සුපිරි ගැටුම ජය පරාජයෙන් තොරව අවසන් විය.

“රොනාල්ඩෝ හොඳින්” – ජුවෙන්ටස් පුහුණුකරු

“ඔහුට සිදුවුණු කරදරය ගැන කිව්වොත්, මම දැනට මාස තුනක ඉඳන් ඔහුව දන්නවා…”

ඇලෙක්සිස් සැන්චෙස් අවසන් මිනිත්තුවේ දී නොසිතූ ජයක් ගෙනේ

ගෝල 2-0ක් ලෙස නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායම හමුවේ පසුපසින් සිටි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම අවසන් මිනිත්තුවේ දී ගෝල 2-3ක සුපිරි ජයක් වාර්තා කළේ රැස්ව සිටි සියල්ලන්ම අන්දමන්ද කරමිනි.

පළමු මිනිත්තු 10 තුලම ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට නිව් කාසල් ක්‍රීඩකයින් සමත් වූ අතර කෙනඩි හා යෝශිනොරි මුටෝ එම ගෝල ද්විත්වයට හිමිකම් කීය.මේ ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් පිටියේ සංචාරක කණ්ඩායමක් පළමු මිනිත්තු දහයක් තුළ ගෝල ද්විත්වයක් වාර්තා කළ පළමු අවස්ථාවයි.

පළමු අර්ධය: නිව්කාසල් 02 – 00 මැන්චෙස්ටර් යුනයිටඩ්

දෙවන අර්ධයේ 70 වැනි මිනිත්තුව වන තුරු නිව් කාසල් සතුව තිබුණු තරගය ක්ෂණිකව තමන් අතට ගන්නට මැන්චෙස්ටර් ක්‍රීඩකයින් සමත් වූයේ ජුවාන් මාටා 70 වැනි මිනිත්තුවේ දී රැස්කර දුන් නිදහස් පහරත් සමඟිනි. අනතුරුව පොල් පොග්බාගේ නුවණක්කාර පන්දු යොමු කිරීමක් ඇන්තනී මාෂල් දැල වෙත යොමු කළේ තරගයේ ගෝල සම කරමිනි.

නාටකයක් බඳු වූ අවසන් මිනිත්තු කිහිපයේ කණ්ඩායම් දෙකම සුපිරි සටනක නිරත වූ නමුත් ඈශ්ලි යන්ග්ගේ හරස් පන්දු යොමු කිරීමක් දැල් වෙත යොමු කළ Sanchez නොසිතූ ලෙස තරගයේ ජය මැන්චෙස්ටර් වෙත දිනා දෙන්නට සමත් විය.

TPFC ආරම්භයේ දී සාන්ත ජෝසප් විදුහලට විශිෂ්ට ජයක්

ගාල්ල මහින්ද විද්‍යාලය ගෝල 5-1ක් ලෙස පරාජය කරමින් 2018 ThePapare පාපන්දු..

ඒ අනුව මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම අටවන ස්ථානයට පැමිණි අතර නිව්කාසල් 19  වන ස්ථානයේ රැඳී සිටියි.

අවසන් ලකුණු තත්වය: නිව්කාසල් 02 – 03 මැන්චෙස්ටර් යුනයිටඩ්

අවසන් ලකුණු තත්වය

  • නිව් කාසල් – Kenedy 7′, Yoshinori Muto 10′
  • මැන්චෙස්ටර් යුනයිටඩ් – Juan Mata 70′, Anthony Martial 76′, Alexis Sánchez 90′

රියාද් මහරෙස් පහසු ජයක් අපතේ යවයි

ලිවර්පූල් හී වසර 15ක් පුරා ජයක් සොයන මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට මෙවරත් හිස් අතින් පැමිණීමට සිදු වූයේ ලිවර්පූල් – සිටි තරගය ගෝල රහිතව අවසන් වීම නිසයි.

සිය ජයග්‍රහණය වාර්තා කර ගැනීමට 84 වැනි මිනිත්තුවේ දී මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට අනගි අවස්ථාවක් ලැබුණේ Virgil van Dijk විසින් Leroy Sane චතුරශ්‍රය තුල දී බිම හෙලීම නිසයි. රියාද් මහරෙස් එම අනගි අවස්ථාව ලබාගත් මුත් ඔහුගේ ප්‍රහාරය ගෝල රාමුවේ ඉහළින් ගියේ මැන්චෙස්ටර් කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ හෙලමිනි.   

ලිවර්පූල් නැවතත් පළමු ස්ථානයට; මැන්චෙස්ටර් සිටි දැවැන්ත ජයක්

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවැනි සතියේ තරග පසුගිය සති අන්තයේ දී..

මහරෙස් මීට පෙරත් දෙවතාවක් ගෝල ලබා ගැනීම සඳහා උත්සහ කළ අතර ඔහුගේ පළමු ප්‍රහාරය ඉවත යද්දී දෙවන ප්‍රහාරය ගෝල රකින ක්‍රීඩක ඇලිසන් බෙකර් විසින් රැක ගන්නා ලදි.

මොහොමඩ් සලාහ් ආසන්නතම ලිවර්පූල් අවස්ථාවට උත්සහ කළ නමුත් ඔහුගේ උත්සාහය නැවතුනේ මැන්චෙස්ටර් ගෝල රකින ක්‍රීඩක එඩර්සන්ගේ දෑතේ ය.

ඒ අනුව සිටි කණ්ඩායම නැවතත් ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත් වෙද්දී, චෙල්සි කණ්ඩායම දෙවන ස්ථානයේත්, ලිවර්පූල් තෙවැනි ස්ථානයේත් රැඳී සිටියි.  

අවසන් ලකුණු තත්වය: ලිවර්පූල් 00 – 00 මැන්චෙස්ටර් සිටි  

හැසාඩ්ගේ චෙල්සි බලකාය තවත් පහසු ජයක් වාර්තා කරයි

සිය අපරාජිත වාර්තාව තරග අටක් දක්වා ගෙන යමින් සවුත් හැම්ප්ටන් කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජය කිරීමට චෙල්සි කණ්ඩායම සමත් විය.

මෙවර ලීග් තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වාර්තා (ගෝල 7 ක්) රැක ගනිමින් 30 වන මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කරමිනි.

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු 12කට පසු Olivier Giroudගේ පන්දු යොමු කිරීමක් Barkley දක්ෂ ලෙස දැල වෙත යොමු කළේ ලකුණු පුවරුව දෙගුණ කරමිනි.  

Kepa Arrizabalaga දෙවරක්ම සවුත් හැම්ප්ටන් අවස්ථා ව්‍යර්ථ කළේ අතර මොරාටා අවසන් මිනිත්තුවේ දී තවත් ගෝලයක් වාර්තා කළේ චෙල්සි කණ්ඩායම ලකුණු සටහනේ දෙවන ස්ථානයට රැගෙන එමිනි.

අවසන් ලකුණු තත්වය: චෙල්සී 03 – 00 සවුත් හැම්ප්ටන්

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • චෙල්සී – Eden Hazard 30′, Ross Barkley 57′, Álvaro Morata 90 +3′

Photos: www.premierleague.com

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<