වරායේ කොමා කඩුලු 11ක් ලබා ගනී

78

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ අද (09) අවසන් වූ වරාය සහ කුරුණෑගල යූත් අතර තරගයේ දී ලකුණු 172කට කඩුලු 11ක් ලබා ගැනීමට වරාය අධිකාරිය ක්‍රිකට් සමාජයේ චානක කොමසාරු සමත් විය. මේ ඔහු පළමු පෙළ තරගවල කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් 9 වැනි අවස්ථාවයි.  

විශාද් සහ සඳුන් ශතකවලින් සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (07) ..

වරාය අධිකාරිය සහ කුරුණෑගල යූත්

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.  

පළමුවෙන් පන්දුවට පහර දුන් කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 235ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 331ක් ලබා ගත්හ.

ලකුණු 96ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි කුරුණෑගල යූත් ක්‍රීඩකයෝ එවර කඩුලු 9ක් දැවී ලකුණු 309ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් මාලිංග මලිගස්පේ පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 89ක් ලබා ගත්තේය. ඊට අමතරව නායක ලහිරු ජයරත්න පන්දු 88ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 55ක් ලබා ගත්තේය. 

එම ඉනිමේ ලකුණු 100කට කඩුලු 6ක් දවා ගැනීමට වමතින් දඟපන්දු යවන චානක කොමසාරු සමත් විය. ඔහු පළමු ඉනිමේ දී ලකුණු 72කට කඩුලු 5ක් දවා ගත්තේය. 

තරගය නතර කරන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 221ක ඉලක්කයක් කරා ගිය වරාය අධිකාරිය ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 55ක් ලබා සිටියහ. 

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 235 (74.4) සමීර සඳමාල් 21, කේශාන් වන්නිආරච්චි 97, රන්දීර රණසිංහ 82, චානක කොමසාරු 5/72, රජීව වීරසිංහ 4/57

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 12.3ක දී කඩුල්ලක් දැවී 28) සියලුම දෙනා දැවී 331 (93.1) සයිඩ් බින් නසීර් 26, අදීශ නානායක්කාර 33, ඉෂාන් රංගන 35, හස්නයින් බොකාරි 121, නවින් කවිකාර 5/102, ශිවකුමාර් ටිරෝන් 3/98

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 7ක දී කඩුල්ලක් දැවී 20) කඩුලු 9ක් දැවී 309 (80) මාලිංග මලිගස්පේ 89, සයින් අබ්බාස් 22, විනෝද් පෙරේරා 29, රන්දීර රණසිංහ 37, ලහිරු ජයරත්න නොදැවී 55, නවින් කවිකාර 20, ශිවකුමාර නොදැවී 22, චානක කොමසාරු 6/100, හස්නයින් බොකාරි 2/95

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 55 (18) යොහාන් ද සිල්වා නොදැවී 21, රමේෂ් නිමන්ත 24

විශාද් සහ සඳුන් ශතකවලින් සැරසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (07) දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වීමට )…

බ්ලුම්ෆීල්ඩ් සහ නුගේගොඩ

කොළඹ 7, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය දිනාගත් නුගේගොඩ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 294ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 327ක් ලබා ගත්හ. 

බ්ලුම්ෆීල්ඩ් ඉනිම වෙනුවෙන් පෙර දිනයේ නොදැවී ලකුණු 23ක් ලබා සිටි ආරම්භක පිතිකරු ඩිල්හාන් කුරේ අද පන්දු 180කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 96ක් ලබා ගත්තේය. ඔහු හර්ෂ විතාන සමග සිව්වැනි කඩුල්ලට එක් වෙමින් ලකුණු 126ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් විය. 

හර්ෂ විතාන පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේය. ඊට අමතරව බ්ලූම්ෆිල්ඩ් ඉනිම අවසන් වෙන විට මිෂේන් සිල්වා පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියේය. 

පන්දු යැවීමේ දී පසිඳු මධුශාන් ලකුණු 74කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර මතීෂ පෙරේරා  කඩුලු 4ක් දවා ගත්තේය. 

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන නුගේගොඩ ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 45ක් ලබා සිටියහ. 

ඉන් ලකුණු 35ක්ම නොදැවී පිටියේ රැඳී සිටින ඉරෝෂ් සමරසූරිය රැස් කරගෙන සිටියේය. දැවී ගිය කඩුලු දෙකේ හිමිකාරීත්වය ගයාන් සිරිසෝම සතු විය. 

නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 294 (80.2) ඩිලංක වික්‍රමසිංහ 45, ඉරෝෂ් සමරසූරිය 40, ප්‍රමුද් හෙට්ටිවත්ත 48, ෂෙහාන් වීරසිංහ 44, දෙනුවන් රාජකරුණා 51, ගයාන් සිරිසෝම 7/97

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 13ක දී කඩුල්ලක් දැවී 48) සියලුම දෙනා දැවී 327 (78.1) ඩිල්හාන් කුරේ 96, හර්ෂ විතාන 72, චාමර සිල්වා 35, මිෂේන් සිල්වා නොදැවී 51, මතීෂ පෙරේරා 4/91, පසිඳු මධුශාන් 5/74

නුගේගොඩ ක්‍රීඩා සමාජය; කඩුලු 2ක් දැවී 45 (22) ඉරෝෂ් සමරසූරිය නොදැවී 35, ගයාන් සිරිසෝම 2/12

මෙම තරගය හෙට (10) තෙවැනි දිනයට ක්‍රියාත්මකය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<