අජන්ත මෙන්ඩිස් කටාර් T10 තරගාවලියට

117

ශ්‍රී ලංකාව බිහි කළ ප්‍රබල දඟපන්දු ‍යවන්නෙකු වන අජන්ත මෙන්ඩිස් එළඹෙන කටාර් T10 ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තෝරාගෙන ඇත. ඒ පර්ල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසිනි. අජන්ත මෙන්ඩිස් පසුගිය දා තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ද නිවේදනය කළේය

අවිශ්ක, හෂාන් සහ චතුරංග එස්. එස්. සී. පිටිය වර්ණවත් කරයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන වෙළඳසේවා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට්…

කටාර් ක්‍රිකට් සම්මේලනය විසින් මෙම වසරේ කටාර් T10 ප්‍රිමියර් ලීග් තරගාවලිය නිවේදනය කළ අතර එය ගල්ෆ් කලාපයේ පැවැත්වීමට නියමිතය. මේ සඳහා කණ්ඩායම් 6ක් එක්ව ඇත. තරගාවලිය දෙසැම්බර් මස 07 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වේ. ඒ දෝහා හි Asian Town ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. 

මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග කාලසටහනේ නවතම තරගාවලියක් ලෙස එක්වන අතර එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අනුමත කර ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අජන්ත මෙන්ඩිස් මෙන්ම රමිත් රඹුක්වැල්ල, මලින්ද පුෂ්පකුමාර, කිත්රුවන් විතානගේ ද මෙම තරගාවලිය සඳහා එක්ව ඇත. 

තවද මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වන විට කටාර් හි ජීවත් වන ක්‍රීඩකයන් තිදෙනෙකු ද තරගාවලිය සඳහා එක්ව සිටී. 

තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

  • අජන්ත මෙන්ඩිස් – පර්ල් ග්ලැඩියේටර්ස් 
  • රමිත් රඹුක්වැල්ල – ඩෙසර්ට් රයිඩර්ස්
  • මලින්ද පුශ්පකුමාර – පර්ල් ග්ලැඩියේටර්ස් 
  • කිත්රුවන් විතානගේ – ඩෙසර්ට් රයිඩර්ස්
  • ඉමාල් ලියනගේ – ඩෙසර්ට් රයිඩර්ස් 
  • ඇන්ඩ්‍රි බෙරෙන්ජර් – හීට් ස්ට්‍රෝමර්ස්
  • ගයාන් බුද්ධික – හීට් ස්ට්‍රෝමර්ස්

SAG2019 – සම්මු සහ උමේෂාගෙන් අර්ධ ශතක

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්වන් සඳහා අද (03) සහභාගී වූ ශ්‍රි ලංකා ක්‍රීඩක…

ඇන්ඩ්‍රි බෙරෙන්ජර් හිටපු ශ්‍රී ලංකා 19න් පහළ නායකයෙකු වන අතර ඔහු පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කණ්ඩායම සඳහා එක්ව තිබුණි. ඉමාල් ලියනයේ 2012 වසරේ රාජකීය විද්‍යාලයීය නායකයායි. 

මෙම තරගාවලියේ සන්නාම තානාපති ලෙස හිටපු පාකිස්තාන ක්‍රීඩක සහීඩ් අෆ්‍රිඩි එක්ව සිටින අතර International Pro Events ආයතනය තරගාවලිය සඳහා අනුග්‍රහය සපයා ඇත. 

2019 T10 තරගාවලියේ තරග තොරතුරු හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා පිළිබඳව දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<