ශූරතා කිරුල හඹා යන ගුවන් සෙබලියන් සහ කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන්

568
Munchee National Volleyball

වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවයි. ලොව වේගවත්ම ක්‍රීඩා අතරින් එකක් ලෙස සැලකෙන වොලිබෝල් ක්‍රීඩාව ජවසම්පන්න පුරුෂයන්ට පමණක් නොව, ලාලිත්‍යයෙන් යුත් කාන්තා පාර්ශවයටත් එක ලෙස තරඟ වැදිය හැකි ක්‍රීඩාවකි.

ශූරතාවයට සිහින දකිනා විදුලි බලය සහ වරාය අධිකාරිය

ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයට වසර 100ක් සපිරෙන මේ වසරේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයත්, සිලෝන් බිස්කට් ආයතනයත් සුසංයෝගයෙන් “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය” සංවිධාන කරන්නේ 11වැනි වතාවටයි.

ඊට සාක්ෂි සපයන එකොළොස් වැනි “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය” ආරම්භ කරමින් කාන්තා වොලිබෝල් කණ්ඩායම් 6ක් පසුගිය 11 වැනි දා සුපර් ලීග් අංශයෙන් තරඟ බිමට පිවිසිණි.

තරඟාවලිය ගැන සාරාංශ වශයෙන්.

සුපර් ලීග් අංශයේ කාන්තා තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්විය.

“A” කාණ්ඩය.
  • යුධ හමුදාව
  • කැෂුවල් ලයින්
  • ශ්‍රී ලංකා වරාය අධිකාරිය
“B” කාණ්ඩය.
  • ගුවන් හමුදාව
  • නාවික හමුදාව
  • ජාතික තරුණ සේවා සභාව

*පොලිස් කාන්තා කණ්ඩායමත්, බ්‍රැන්ඩික්ස් කාන්තා කණ්ඩායමත් තරගයට ආරාධනා ලබා තිබුණද තරඟාවලියට සහභාගී නොවීය.

දින තුනක් පුරා පැවති උත්කර්ෂවත් තරඟ කිහිපයක් අවසානයේදී පෙරළිකාර ජයග්‍රහණයන් කිහිපයක් වාර්තා විණි. නාවික හමුදා කාන්තා කණ්ඩායම විසින් මෙරට වොලිබෝල් ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් හමුදා කාන්තා කණ්ඩායමක් පරාජය කරන ලද්දේ ද මේ තරඟාවලියේදී යි.

පසුව අවසන් පූර්ව වටයේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම විසින් යුධ හමුදා කාන්තා කණ්ඩායම වට 3-0ක් ලෙස පරාජය කල අතර කැෂුවල් ලයින් කණ්ඩායම විසින් නාවික හමුදා කණ්ඩායම වට 3-1ක් ලෙස පරාජය කරන ලදී. එවන් පෙරළිකාර ජයග්‍රහණ මඟින් මනාව ප්‍රදර්ශනය වූයේ කාන්තා වොලිබෝල් පිටියේ උණුසුමයි.

අවසානයේදී ගුවන් හමුදා කණ්ඩායමත්, කැෂුවල් ලයින් කණ්ඩායමත් ශූරතා තරඟයේ ඉඩ වෙන්කර ගැනීමට සමත් විය.

කැෂුවල් ලයින් කණ්ඩායම.

MAS කැෂුවල් ලයින් ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන කැෂුවල් ලයින් කාන්තා වොලිබෝල් කණ්ඩායම, 2000 වර්ෂයේ මැද භාගයේ සිට මෙරට පැවති සියළු වෙළඳ සේවා වොලිබෝල් තරඟාවලි තුළදී කැපී පෙනෙන දස්කම් දැක්වූ කණ්ඩායමකි. 2012, 2013 සහ 2014 යන වර්ෂවලදී පිට පිටම වෙළඳ සේවා කාන්තා වොලිබෝල් ශූරතාව දිනා ඇති කැෂුවල් ලයින් කණ්ඩායම මෙවර තම ප්‍රථම ජාතික ශූරතාවයේ සතුට විඳින්නට සැරසෙයි. මෙරටට නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන ගෞරවනීය පුහුණුකරුවෙකු සේ හැඳින්වෙන ආනන්ද වන්නිතිලක මහතා විසින් ඔප මට්ටම් කරන ලද දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් පෙලක් කණ්ඩායමේ ක්‍රීඩා කරනු ලබයි. ආණමඩුව ප්‍රදේශය කේන්ද්‍ර කරගත් ක්‍රීඩිකාවන් බොහොමයකගෙන් කණ්ඩායම සමන්විත වේ.

ප්‍රබල ක්‍රීඩිකාවන්.

තවමත් 20 වන වියෙහි පසුවන තක්ෂිලා මධුරංගි, මේ වන විටත් ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කරන වේගවත් ඉල්පීමක් සහිත ක්‍රීඩිකාවකි.

ලක්ෂි ප්‍රබෝධිනී සහ අනුරිෂා චතුනි යන දෙදෙනාම ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික සංචිතය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනෙකි.

චායා සංජීවනීද තම වේගවත් දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව සහිත ක්‍රීඩිකාවක් වෙයි.

සචිනි නිමන්තිකා ගේ අත්දැකීම්ද කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් සවිමත් කරයි.

ඔවුන්ගේ පුහුණුකරු ආනන්ද වන්නිතිලක මහතා අවසන් තරඟයට පෙර ThePapare.com සමඟින් පවසා සිටියේ,

ජාතික තරඟාවලියක අවසන් තරඟයට ප්‍රථම වරටයි මේ කණ්ඩායම එක්වෙන්නේ. ඒ ගැන සතුටුයි. වෙළඳ සේවා තරඟාවලියේ ක්‍රීඩා කරන කණ්ඩායමක් ප්‍රථම වරටයි ජාතික ශූරතාවක් වෙනුවෙන් අවසන් තරඟයකට එන්නේ. මේ දරුවො පොඩි කාලෙ ඉඳන්ම මං පුහුණු කරපු අය. නමුත් කිහිපදෙනෙක් අපේ කණ්ඩායමෙන් වෙන කණ්ඩායම් වෙත ගියා. මොකද අපි වෙළඳ ආයතනයක්නේ. ඒත් ආයතනයේ සහයත් ලැබුණු නිසා අපි තරඟාවලියේ ඉහළට ආවා. ඩයලොග් ආධුනික වොලිබෝල් ශූරතාවලියේදීත් අපි පිරිමි සහ කාන්තා අවසන් තරඟ දෙකේම ඉන්නවා. මේ කණ්ඩායමේ එක්කෙනෙක් හැර අනික් හැමෝම වයස 23ට අඩු අය. අපිම හොයාගෙන අපිම හදපු ක්‍රීඩිකාවෝ තමයි මේ.” යැයි ඔහු පවසා සිටියේ ඉමහත් සතුටිනි.

අවසන් තරඟයට පෙර කැෂුවල් ලයින් ක්‍රීඩිකා නිසනිකා සඳමාලි ThePapare.com හා අදහස් දක්වමින් පැවසූවේ,

අවසන් තරඟයට පැමිණීම ගැන සතුටුයි. ආනන්ද වන්නිතිලක සර්ගෙත්, කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන්ගේත් අවංක උත්සහයයි, කැපවීමයි නිසා තමයි අපට මේ දක්වා එන්න ලැබුණේ. B කාණ්ඩයේ තරඟයේදී අපි යුධ හමුදා කණ්ඩායම ඉදිරියේ පරාජය වුණ නිසා එම කාණ්ඩයෙන් අවසන් තරඟයට එන්න නම් නාවික හමුදා කණ්ඩායම අනිවාර්යෙන් පරාජය කරන්න අපට සිදුවුණා. අපි ඒක කළා. නාවික හමුදා කණ්ඩායමේ ඩී. පෙරේරා ඒ තරඟයේදී ආබාධයකට ලක්වුණු එක ගැන අපිටත් කණගාටුයි. කොහොම වුණත් අවසන් තරඟයේදී හොඳ සටනක් දෙනවා.” යැයි නිසනිකා පැවසීය.

ඈ පැවසූ අවසන් කාරණා කිහිපය කැෂුවල් ලයින් කණ්ඩායමේ ක්‍රීඩාශීලීත්වය ගැන කදිම නිදසුනකි.

විදුලි බලයට අභියෝග කරන්නට වරාය ක්‍රීඩකයන් සූදානම්

“මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සිව්වන දිනය නිමාවට පත්වන විට, පිරිමි අංශයෙන් විදුලි බල මණ්ඩල කණ්ඩායමත්,

සංචිතය.

තක්ෂිලා මධුරංගි (නායිකා), නිසනිකා සඳමාලි, හිරුණි චාපා, චායා සංජීවනී, සචිනි නිමන්තිකා, අනුරිෂා චතුනි, ලක්ෂි ප්‍රබෝධිනී, නඳුනි නිමන්සලා, සෙව්වන්දිකා පියුමි, පියුමි හංසිකා, සුදීෂා

  • පුහුණුකරු – ආනන්ද වන්නිතිලක
  • කළමණාකරු – චන්දන විජේසිංහ
  • ශාරීරික යෝග්‍යතා උපදේශිකා – රේණුකා නිල්මිණි  
  • ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී – චන්දන ගලප්පත්ති
  • මානව සම්පත් කළමනාකාරිණී – හිරුණි මංචනායක

ප්‍රථම වරට සුපර් ලීග් ශූරතාවලියක අවසන් තරඟය වෙත ආ වෙළඳ සේවා කණ්ඩායම වීමේ ගෞරවය හිමිකරගත් කැෂුවල් ලයින් කණ්ඩායම, අවසන් තරඟයේ ජයග්‍රහණයද ලැබුවහොත් එය වොලිබෝල් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන බව නොඅනුමානය.

ගුවන් හමුදා කණ්ඩායම.

ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් පිටියේ සිය අණසක පතුරුවාගෙන සිටින කණ්ඩායමක් වන්නේ ගුවන් හමුදා කණ්ඩායමයි. 2006/07 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ හොඳම කාන්තා වොලිබෝල් කණ්ඩායම ලෙස සම්මානයට පාත්‍ර වූ ඔවුන් මෙවර ආරක්ෂක සේවා වොලිබෝල් තරඟාවලියේද ශූරියන් බවට පත්විය.

පැවති දේශීය ශූරතාවලි බොහෝමයකදී සිය ආධිපත්‍ය පැතිරවූ ගුවන් කාන්තාවන්, මෙවර මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ අවසන් තරඟයට සුදුසුකම් ලැබුවේද නොසැලෙන අධිෂ්ඨානය ප්‍රකඨ කරමින් ජය ගත යුතුව තිබූ පීඩනාත්මක තරඟයකදී යුධ හමුදා ක්‍රීඩිකාවන් හමුවේ ද ජයග්‍රහණය වාර්තා කරමිනි. පිරිමි ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන සමන් චන්ද්‍රනාත්, ඔවුන්ගේ පුහුණුකරු ය.

යුධ හමුදාවෙන් සුපිරි දස්කම්

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා සහ පිරිමි අංශයන්හි තෙවන ස්ථාන සඳහා වන තරඟ අද (16) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

ප්‍රබල ක්‍රීඩිකාවන්.

කණ්ඩායම් නායිකා දිනේෂා ප්‍රසාදිනී, මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල උස පන්දු ප්‍රහාරිකාවක් වන අතර ඇය කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩිකාවයි. ඇගේ ප්‍රහාරක දක්ෂතා මෙන්ම උපක්‍රමශීලී දක්ෂතා ද ගුවන් හමුදා කණ්ඩායමේ ජයග්‍රහණය කෙරෙහි බලපාන සාධකයක් වේ.

ගුවන් හමුදා කණ්ඩායමේ කෙටි පන්දු පන්දු ප්‍රහාරිකාවන් වන චතුරිකා රණසිංහ සහ ඉරේෂා උමයන්ගනී දෙදෙනාම ජාතික කණ්ඩායම නියෝජනය කරන්නන් ය.

අනුෂා සඳමාලි සහ අශානි චමෝදිකා ද තරඟාවලියට හොඳින් අවතීර්ණ වී සිටින බැව් තරඟාවලිය පුරාම ප්‍රදර්ශනය විය.

තවමත් 19 හැවිරිදි වියේ පසුවන රිද්මි සකුන්තලා, තමා අනාගත ශ්‍රී ලංකා බලාපොරොත්තුවක් බව සපථ කිරීමට මේ තරඟාවලියේදී සමත්විය.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු සමන් චන්ද්‍රනාත් ThePapare.com සමඟින් සිය කණ්ඩායම ගැන පවසා සිටියේ,

අවසන් තරඟය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. තරඟය ලේසියෙන් දිනනවාට වඩා දිගු තරඟයකටයි අපි සූදානම් වෙන්නේ, වට පහක් වුණත් ක්‍රීඩා කර ජයගන්න මගේ කණ්ඩායම සූදානම්. කණ්ඩායම් දෙක සංසන්දනය කළොත් අපේ කණ්ඩායම වඩා ශක්තිමත්. අත්දැකීම් වලින් වැඩි කණ්ඩායමක් තමයි අපට ඉන්නේ. ඉතින් ඒකත් අපට වාසියක් වෙයි.” ඔහු ජයග්‍රහණය ගැන පසුවන්නේ විශ්වාසයෙනි.

කැෂුවල් ලයින් කණ්ඩායම අවසන් තරඟයේදී මුණගැහෙයි කියලා අපි කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ඔවුන් හොඳ කණ්ඩායමක් බව පේනවා. අපිට ඔවුන් සමඟ තරඟ අත්දැකීම් නැහැ. නාවික හමුදාව හමුවේ ලබපු අනපේක්ෂිත පරාජයත් එක්ක අපිට යුධ හමුදා කණ්ඩායමත් එක්ක ලොකු සටනක් දෙන්න සිදුවුණා අවසන් තරඟයට එන්න. ඉතින් මේ අවස්ථාව අත්හැරෙන්න අපි ඉඩදෙන්නෙ නෑ. හැමෝම තරඟයට ලෑස්ති පිට ඉන්නේ. ජයග්‍රහණය කරන්න බලාගෙන පුහුණුවීම් කරනවා.” යැයි ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ නායිකා දිනේෂා ප්‍රසාදිනී ThePapare.com වෙත පැවසීය.

සංචිතය.

දිනේෂා ප්‍රසාදිනී (නායිකා), අශානි චමෝදිකා, චම්පා කල්‍යාණි, රුවනි තක්ෂිලා, චතුරිකා රණසිංහ, නදීකා අතුකෝරාල, චන්දිමා දමයන්ති, ඉරේෂා උමයන්ගනී, අනුෂා සඳමාලි, රිද්මි සකුන්තලා, අනුත්තරා සඳමාලි, ශ්‍යාමා මධුරංග

  • පුහුණුකරු – සමන් චන්ද්‍රනාත්
  • සහය පුහුණුකරු – ජානක ප්‍රනාන්දු
  • ශාරීරික යෝග්‍යතා උපදේශක – සුසිරි මංගල

උස, අත්දැකීම් සහ දක්ෂතා එකලෙස කැටිකොටගත් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ශක්තිය අතින් උසස් මට්ටමක පසුවන අතර කැෂුවල් ලයින් අභියෝගය හමුවේ ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි 26 වන දා පැවැත්වෙන “මන්චි ජාතික වොලිබෝල් ශුරතාවලියේ” කාන්තා අවසන් තරඟයේදී ප්‍රකට වනු ඇත.