අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන විද්‍යාලය කිහිපයක් අතර පැවැති සුහද ක්‍රිකට් තරග ත්‍රිත්වයක් අද (22) දවසේ දී නිමා වුනා.
එහි දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ දිනුල් විජේසිංහ මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහි ව පන්දු 236කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 105ක් ලබා ගනිමින් දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වුනා.
මේ අතර අද දවසේ දී ත්‍රිත්ව විද්‍යාලයේ රජිඳු තිලකරත්න අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරමින් කැපී පෙණුන අතර රිච්මන්ඩ් විද්‍යාලයේ මලිත් ද සිල්වා කඩුලු 5ක් දවා ගනිමින් ද සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ නායක ශාරුජන් ශම්මුගනාදන් කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය ධර්මරාජ විද්‍යාලයීය පිටියේ දී.
- ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 442 (98.1) කාශ්‍යප දිසානායක 101, තරිඳු වර්ණකුලගේ 81, ලක්වින් අබේසිංහ 135, ඉසුරු පන්නලගේ 45, ඔනිජ සේසත් 28, බිමාෂ් සමරසිංහ 4/103, කෙවන් ප්‍රනාන්දු 2/61, නේදන් ඊබට් 3/75
- සාන්ත අන්තෝනි විද්‍යාලය– පළමු ඉනිමසියලුම දෙනා දැවී 217 (59.5) ජානුක රත්නායක 41, නේදන් ඊබට් 27, බිමාෂ් සමරසිංහ 29, දිනුල් මතීශ 31, සනිතු ගුණතිලක 31, දක්ශික මනුකල්ප 4/48, ලක්වින් අබේසිංහ 3/39
- සාන්ත අන්තෝනි විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 291 (90.0) ජානුක රත්නායක 27, තිලිණ එදිරිසිංහ 71, දිනුල් විජේසිංහ නොදැවී 105, චාරුක ඒකනායක 41, කෙවන් ප්‍රනාන්දු නොදැවී 39, දක්ශික මනුකල්ප 2/90, ලක්වින් අබේසිංහ 2/69
තරගය විසඳුමකින් තොරයි.
- ත්‍රිත්ව ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට
- මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය Tier A අවසන් තරගයට!
- මනුප, පෙසඳු පරාජිත ඉනිමේ දක්ෂතා දක්වයි
මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී.
- රිච්මන්ඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (65.5)තමිඳු ප්‍රදීප්ත 20, බෙවින් ජයවර්ධන 22, ශෙහාන් ද සොයිසා 59, පෙසඳු සංජන 2/29, දිනුර පවින්ජි 2/29, මනුග ගුරුගේ 2/33, විහඟ සංකලන 2/15
- සාන්ත තෝමස් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 80 (34.4)ඔචින්ත චාමික 20, මලිත් ද සිල්වා 5/35, යූරි කොත්තිගොඩ 2/22, නෙතුජ බාශිත 2/01
- සාන්ත තෝමස් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 70 (41.2)ඔචින්ත චාමික 16, අබ්දුල් මාජිඩ් නොදැවී 22, මලිත් ද සිල්වා 2/14, යූරි කොත්තිගොඩ 3/27, තෙනුශ නිම්සර 2/04, පුබුදු මිහිරංග 2/09
රිච්මන්ඩ් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 35ක ජයක්.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කඳාන ද බෙනඩික්ට් විද්‍යාලය අතර තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී.
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 147 (44.2)දුමිඳු යෙහාන් 33, මෙවන් දිසානායක 31, නදුන් ප්‍රනාන්දු 27, තිසල් යාපා 4/49, වතිල උදාර 2/38, මලිත් රත්නායක 2/34, රනුල් ගුණරත්න 2/12
- ත්‍රිත්ව විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 222 (48.0)පුලිශ තිලකරත්න 132, මහේන්ද්‍ර අබේසිංහ 31, ආදම් හිල්මි 59, රජිඳු තිලකරත්න 51, වතිල උදාර 48, ජයවි ලියනගම 31, අයේෂ් ගජනායක 2/72, මෙවන් දිසානායක 3/96, ශාරුජන් ශම්මුගනාදන් 4/60
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 110 (38.1) දිදුල එදිරිසූරිය නොදැවී 38, ජනිඳු නන්දසේන 30, ශාරුජන් ශම්මුගනාදන් නොදැවී 19
තරගයේ විසඳුමක් නෑ.
පාසල් ක්‍රිකට් පිටියේ තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.