First Capital ආයතන CR&FC සවිබල ගන්වයි

Nippon Paint Club Rugby League 2023/24

196
First Capital Announces Platinum Sponsorship

ජනශක්ති සමූහයේ  සමාගමක් වන First Capital Holdings PLC ආයතනය ඉදිරියේ එළඹෙන රග්බි ක්‍රීඩා සමයේ දී  ප්ලැටිනම් අනුග්‍රාහකයා  වශයෙන්  CR&FC කණ්ඩායම සමග ගිවිසුම් ගතව තිබෙනවා.

First Capital ආයතනය රග්බි ක්ෂේත්‍රයට පිවිසෙන පළමු අවස්ථාව මෙය වන අතර විශාල ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවක ආදරයට පාත්‍ර වී තිබෙන ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවෙහි වර්ධනය උදෙසා කටයුතු කිරීම අරමුණ වෙනවා.  

 ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන්  වසර100ක සාඩම්බර උරුමයක් CR&FC ක්‍රීඩා සමාජය සතුව පවතියි. අප රට නියෝජනය කරන සුවිශේෂී රග්බි ක්‍රීඩකයන් බිහි කළ විශිෂ්ට ක්‍රීඩා සමාජයක් වශයෙන් CR&FC හිමි කර ගෙන ඇති ඉහළ පිළිගැනීම  ඊට කදිම නිදසුනක්.  

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රග්බි ක්‍රීඩා සමාජ අතරින්  සුවිශේෂී ක්‍රීඩා සමාජයක් වන CR&FC  සමග හවුල්කාරිත්වය දැරීම තුළින්  First Capital ආයතනය අදහස් කරන්නේ, රටේ ක්‍රීඩාලෝලී බහුතරයක් ඉහළ ම ළැදියාවක් හා ආශාවක් දක්වන ක්‍රීඩාව වැඩිදියුණු  කිරීමයි.  

First Capital ආයතනය සිය ශක්තීන් සම්බන්ධයෙන් ඉදිරියෙන් තබා සිටින්නේ ‘Performance First’ නම් වූ තේමාවයි. සැමට අනේක ප්‍රතිලාභ සැලසෙන දැවැන්ත සාර්ථකත්වයක් මෙම හවුල්කාරිත්වය හරහා ළඟා කර ගැනීමේ හැකියාව අත්පත් කර ගැනීමට එකී තේමාව ඉවහල් වනවා. 

First Capital ආයතනයේ අලෙවිකරන ප්‍රධානී, රන්දිනිත් මදනායක මහතා මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම ගැන සිය අදහස් පළ කරමින් කියා සිටියේ 

ෆස්ට් කැපිටල් හි අපට මග පෙන්වන මූලධර්මය වන්නේ ‘Performance First’ යන අගනා තේමා පාඨයයි. ක්‍රීඩා පිටියේ විශිෂ්ටත්වයේ සැබෑ ප්‍රතිමූර්තිය බඳු CR&FC සමග හවුල්කාරිත්වයක් දැරීම තුළින්  අපට එකී සාරධර්ම පුළුල් ප්‍රජාව වෙත ගෙන යාමේ අවස්ථාව සැලසී තිබෙනවා.  

එසේම, මෙවන් විශේෂිත දුෂ්කර සමයක දී  ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සම්බන්ධයෙන්  අපගේ කැපවීම පෙන්නුම්  කිරීමේ හැකියාව ද ඒ හරහා අපට ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවට දීප්තිමත්  අනාගතයක්  ඇති බව අප විශ්වාස කරනවා. එම නිසාම, එම ක්‍රීඩාව විශිෂ්ට මට්ටමක් කරා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනයට ද අප ඇප-කැප වෙනවා. එපමණක් නොව, ක්‍රීඩකයන්ගේ මූල්‍යකරණ දැනුවත් භාවය වෙත සහය සැලසීමට ද ෆස්ට් කැපිටල් 

ආයතනය දායකත්වය සපයනවා. මෙම අනුග්‍රාහකත්වය  මගින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් පරිපූර්ණ සංවර්ධනයක් කෙරෙහි පමණක් නොව, මූල්‍ය  විසඳුම් තුළින්  සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වැඩිදියුණුවට  පත් කිරීම කෙරෙහි ද මනා අවධානයක් යොමු කිරීමට අප අදහස් කරනවා. එවන් ප්‍රගතියක් උදෙසා මූල්‍යකරණ බල ගැන්වීම අතිශයින්  වැදගත් බව අප දැඩිව විශ්වාස කරන අතර, එම සහය නොමඳව ලබා දීමට අපි හොඳ සූදානමකින්  සිටින බව ද අවධාරණය කරනවා.”  

ශ්‍රී ලංකා මූල්‍ය වෙළඳපළ තුළ ඉතා කැපී පෙනෙන ආයතනයක් වන First Capital ආයතනය ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවට පිවිසීම දේශීය ක්‍රීඩා පිටියේ වර්ධනයට ඉතා වැදගත් වන අතර ඔවුන්ගේ නාමය ක්‍රීඩා පිටිය තුළ ව්‍යාප්ත කිරීමට මෙම CR&FC සමඟ ඇති කරගත් සහයෝගිතාව ඉතා වැදගත් වෙනවා.  

2023/24 Nippon Paint Club රග්බි ලීග් තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare අප සූදානම්. රැඳී සිටින්න අප සමඟ.  

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<