වසීම් අක්‍රම්ගෙන් ඇතර්ටන්ට යෝකර් පන්දුවක්!

890
Cricket World Cup 1999 Wasim Akram takes the last Australian wicket 66769-23 (Photo by Patrick Eagar/Patrick Eagar via Getty Images)

වසීම් අක්‍රම් යනු එක්දින ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම වමත් වේගපන්දු යවන්නා බව බහුතර මතයයි. ඔහුට වයස අවුරුදු 56 දීත් ඔහු විසින් In-swinging yorker පන්දු යවමින් සිටියි.

නැසී ගිය ෂේන් වෝන් සිහිකරමින් එංගලන්තයේ දී ක්‍රීඩා කෙරුණු පුණ්‍යාධාර ක්‍රිකට් තරගයක දී වසීම් අක්‍රම් විසින් යැවූ පන්දුවක්, පිතිකරණ අන්තයේ සිටි මයිකල් ඇතර්ටන් වෙතට දෝලනය වී ගොස් යෝකර් පන්දුවක් වශයෙන් ඔහුගේ කඩුල්ල බිඳ දමා ඇත.

මෙය සිදුව ඇත්තේ අනෙක් පිතිකරණ අන්තයේ බ්‍රයන් ලාරා සිටින අතර, විනිසුරු වශයෙන් ක්ලයිව් ලොයිඩ් සිටි මොහොතකය.

’90 දශකයේ ප්‍රකට ක්‍රිකට් නම් දෙකක් වූ මේ දෙදෙනාගේ සටනින් වසීම් ජය ගත් පසුව ඇතර්ටන් සිනහමුසු මුහුණින් නැවත ක්‍රීඩාගාරයට ගියේය. ඔවුන් දෙදෙනා ලැන්කෂයර් කණ්ඩායම වෙනුවෙන් කලක් එකට ක්‍රීඩා කළේය.

මේ ගැන Twitter හරහා ඇතර්ටන් හට විනෝදයෙන් පණිවුඩයක් යවා ඇති වසීම් එහි සටහන් කොට තිබුනේ,

“කනගාටුයි ඇතර්ස්. අපි වයසට යනවා වෙන්න පුළුවන්. ඒත් සමහර දේවල් නම් එහෙමමයි”, යනුවෙන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<