ලෝක අනුශූරයින් පරදවමින් ආජන්ටිනාව අවසන් මහා තරගයට

පාපන්දු ලෝක කුසලානය 2022

3083
Croatia vs Argentina
@AFP

මේ දිනවල පාපන්දු පිටිය උණුසුම් කරමින් කටාර් හිදි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලෝක අනුශූර ක්‍රොඒෂියාව පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල ආජන්ටිනාව සමත් වුනා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) අලුයම පැවති මෙම තරගයේ 34 වැනි මිනිත්තුවේ දී ක්‍රොඒෂියා ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් එල්ල කිරීමේ වගකීම හිමි වුනේ සුපිරි ක්‍රීඩක Lionel Messi හටයි.

දැඩි පීඩනයක් යටතේ ලබා ගත් එම දඬුවම් පහර තරගාවලියේ මෙතෙක් සුපිරි ගෝල රැකීමක නිරත වූ ක්‍රොඒෂියා ගෝල රකින්නා පසු කර ගෝලයේ දකුණු කෙළවරින් සාර්ථකව දැල තුලට එල්ල කිරීමට මෙසී සමත් වුනා.

FIFA World cup Semi Final 01එම ගෝලයෙන් මිනිත්තු කිහිපයකට පසු, එනම් 39 වැනි මිනිත්තුවේ දී, ක්‍රියාත්මක වූ Julian Alvarez ආජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේ තරගයේ වැඩි ආධිපත්‍ය සිය කණ්ඩායමට දිනා දෙමින්.

එම අර්ධය තුළ ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට පවා ක්‍රොඒෂියාවට හැකි වුනේ නැහැ.

69 වැනි මිනිත්තුවේ දී මෙසී ලබා දුන් පන්දුවක් නැවතත් සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් සිය දෙවැනි ගෝලයත් වාර්තා කිරීමට Julian Alvarezට හැකි වුනේ ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට තවත් පියවරක් ළං කරමිනුයි.

FIFA World cup Semi Final 01එම අර්ධයේ ද ක්‍රෝඒෂියා ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීමට දැරූ උත්සහයන් සියල්ල අසාර්ථක වූ නිසා වසර අටකට පසුව ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමට ආජන්ටිනාවට හැකි වුනේ ලෝක අනුශූරයින් තරගාවලියෙන් ඉවත් කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: ආජන්ටිනාව 03 – 01 ක්‍රොඒෂියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ආජන්ටිනාව: Lionel Messi 34’ (P), Julian Alvarez 39’ & 69’

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (15) අලුයම මොරොක්කෝව සහ ලෝක ශූර ප්‍රංශය අතර පැවැත්වීමට නියමිතයි. එම තරගයේ තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<