ආසියානු බලාපොරොත්තු සුන්; බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව අවසන් 8ට

පාපන්දු ලෝක කුසලානය 2022

970
FIFA World cup Day 16

කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ අද (05) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට බ්‍රසීලය සහ ක්‍රොඒෂියාව සමත් වුනා.

බ්‍රසීලය සහ දකුණු කොරියාව

සිය ප්‍රබලත්වය තරගය ආරම්භයේ සිටම පෙන්නුම් කළ බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය 7 වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට Vinicius Juniorට හැකි වුනේ දඬුවම් රාමුවට තුළට පැමිණි පන්දුවක් ගෝලයට එල්ල කරමිනුයි.

11 වැනි මිනිත්තුවේ දී දකුණු කොරියානු ක්‍රීඩකයින් දඬුවම් රාමුව තුළ සිදු කළ වරදක් නිසා බ්‍රසීලයට දඬුවම් පහරක් හිමි වූ අතර එය එල්ල කිරීමේ වගකීම ලබා ගත්තේ සුපිරි ක්‍රීඩක Neymar විසිනුයි.

ආබාධයකින් පසුව පිටියට පිවිසි Neymar එම දඬුවම් පහර සාර්ථකව අවසන් කළේ පන්දුව දකුණු කෙළවරින් ගෝලය තුළට එල්ල කරමිනුයි.

razil vs South Koreaබ්‍රසීලයේ ආධිපත්‍ය තවදුරටත් ප්‍රදර්ශනය කරමින් 29 වැනි මිනිත්තුවේ දී තෙවැනි ගෝලය වාර්තා කිරීමට Richarlison සමත් වුනා.

එයින් කෙටි වේලාවකට පසුව, එනම් 36 වැනි මිනිත්තුවේ දී, හිමි වූ පන්දුවක් සාර්ථකව ගෝලයට එල්ල කිරීමට බ්‍රසීල ක්‍රීඩක Lucas Paquetaට හැකි වුනේ පළමු අර්ධය තුළ දකුණු කොරියාව තවත් අසරණ කරමිනුයි.

දකුණු කොරියානු ක්‍රීඩකයින්ට තරමක් සහනයක් ගෙන දෙමින් 76 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් දිගු පන්දු පහරක් මගින් ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට Seung-Ho Paikට හැකි වුනා.

නමුත් එම ගෝලයෙන් පසු කිසිදු ගෝලයක් වාර්තා කිරීමට දකුණු කොරියාවට නොහැකි වීම නිසා තරගයේ ජයග්‍රහණය වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට බ්‍රසීල ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: බ්‍රසීලය 04 – 01 දකුණු කොරියාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • බ්‍රසීලය: Vinicius Junior 7’, Neymar 13 (P), Richarlison 29’, Lucas Paqueta 26’
  • දකුණු කොරියාව: Seung-Ho Paik 76’

ජපානය සහ ක්‍රොඒෂියාව

තරගය ආරම්භ වී මිනිත්තු හතක් ගත වෙද්දී ජපාන පසුපෙළ ක්‍රීඩකයෙකු සිදු කළ වරදකින් හිමි වූ පන්දුවක් දඬුවම් රාමුවට රැගෙනවිත් ගෝලයට එල්ල කිරීමට ක්‍රොඒෂියා ක්‍රීඩක Ivan Perisic සමත් වුවත්, එය සාර්ථකව වැළැක්වීමට ජපන් ගෝල රකින්නාට හැකි වුනා.

ලෝක අනුශූරයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් තරගය ආරම්භයේ සිටම අලංකාර ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට ජපානයට හැකි වූවත්, ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔවුන්ට මඟ හැරුණා.

44 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ දී හිමි වූ පන්දුවක් සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට ජපාන ක්‍රීඩක Daizen Maeda සමත් වුනේ ලෝක අනුශූරයින්ට එරෙහිව පළමු අර්ධයේ පෙරමුණට සිය කණ්ඩායමට ගෙන එමිනුයි.Croatia vs Japan

ක්‍රොඒෂියා ක්‍රීඩකයින් නැවත තරගයට ගෙන එමින් 56 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවට පැමිණි පන්දුවක් හිසින් ගෝලය තුළට එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට Ivan Perisiට හැකි වුනා.

තරගයේ සම්පූර්ණ කාලය අවසන් වන තුරුම වෙනත් ගෝලයක් වාර්තා කිරීමට දෙපිලටම නොහැකි වූ නිසා තරගාවලියේ පළමු වරට අතිරේක අමතර කාලයක් ලබා දීමට විනිසුරුවන්ට සිදු වුනා.

අමතර කාලයේ පළමු අර්ධයේ දී ගෝලයක් ලබා ගැනීමට ජපානයට අවස්ථාවක් හිමි වූවත්, එය සාර්ථක නොවීම නිසා එය අවසන් වන විට ගෝල තත්වය දැක්වුණේ ගෝල 1-1ක් ලෙසයි.

එහි දෙවැනි අර්ධයේ වැඩි ආධිපත්‍ය ක්‍රොඒෂියාව සතු වූවත්, ඔවුන්ට ද ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වූ නිසා තරගයේ තීරණය ලබා දීමට දඬුවම් පහරවලට යොමු වීමට සිදු වුනා.

දඬුවම් පහර වටයේ දී ක්‍රොඒෂියා ගෝල රකින ක්‍රීඩක Dominik Livakovic දැක්වූ ඉහළ දස්කම් නිසා එම වටය 3-1ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ක්‍රොඒෂියා ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ක්‍රොඒෂියා 01 – 01 ජපානය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ජපානය: Daizen Maeda 44’,
  • ක්‍රොඒෂියාව: Ivan Perisi 56’

දඬුවම් පහර වටය: ජපානය 01 – 03 ක්‍රොඒෂියාව

  • ජපානය: Takuma Asano
  • ක්‍රොඒෂියාව: Nikola Vlasic, Marcelo Brozovic, Mario Pasalic

තරගාවලියේ අවසන් 16 වටයේ මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර තරගය සහ පෘතුගාලය සහ ස්විස්ටර්ලන්තය අතර තරගය අද (06) පැවැත්වීමට නියමිතයි.

එම තරගවල තොරතුරු සහ තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<