කටාර් හී පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානයේ අද (23) පැවති තරගයකින් ප්‍රබල ජර්මනිය පරාජය කරමින් පෙරළිකාර ජයක් ලබා ගැනීමට ජපානයට හැකි වෙද්දී, කොස්ටා රිකා කණ්ඩායම පරදවා දැවැන්ත ජයක් ලබා ගැනීමට ස්පාඤ්ඤයට හැකි වුනා.
එමෙන්ම අද (23) දහවල් පැවති Croatia සහ මොරොක්කෝව අතර තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි.
ජපානය සහ ජර්මනිය
Khalifa International ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ආරම්භ වී මිනිත්තු 8ක් ගත වෙද්දී ජර්මනියට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට ජපානයට හැකි වූවත්, එය ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීමක් ලෙස සලකා අවලංගු කිරීමට පැති විනිසුරුවරයා කටයුතු කළා.
ජර්මනිය වෙනුවෙන් තරගාවලියේ පළමු ගෝලය වාර්තා කිරීමට Ilkay Gundogan සමත් වුනේ 33 වැනි මිනිත්තුවේ දීයි. ජපානය ක්‍රීඩකයෙකු සිය දඬුවම් සීමාවේ දී සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය වාර්තා කළා.
පළමු අර්ධයේ අතිරේක කාලය අවසන් වීමට මොහොතක් තිබිය දී ගෝලයක් වාර්තා කිරීමට ජර්මන් ක්‍රීඩක Kai Havertzට හැකි වූවත්, VAR තාක්ෂණය ඔස්සේ එය නැවත නැරඹීමෙන් පසු ගෝලය අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කළේ ක්‍රීඩක අනිසි ස්ථාන ගත වීමක් නිසයි.
මෙතෙක් වෙලා නිහඬව සිටි ජපාන ප්‍රේක්ෂකයින්ට නව ජීවයක් ගෙන දෙමින් ලකුණු තත්වය සම කිරීමට ජපාන ක්‍රීඩක Ritsu Doanට හැකි වුනේ 75 වැනි මිනිත්තුවේ දීයි.

එයට පිළිතුරු ලෙස කිසිදු ගෝලයක් ලබා ගැනීමට ජර්මනියට නොහැකි වීම නිසා ජපානයට ඉතිහාස ගත ජයක් ගෙන දෙමින් තරගය අවසන් වුනා.
අවසන් ලකුණු තත්වය: ජපානය 02 – 01 ජර්මනිය
ගෝල රැස් කළ ක්‍රීඩකයින්,
ජපානය: Ritsu Doan 75’, Takuma Asano 83’
ජර්මනිය: Ilkay Gundogan 33’ (P)
Croatia සහ මොරොක්කෝව
තරගය ආරම්භයේ සිටම සිය ආධිපත්‍ය පැතිර වීමට උත්සහ කළ ලෝක අනුශූර Croatia වෙනුවෙන් 17 වැනි මිනිත්තුවේ දී දිගු පන්දු පහරකින් ගෝලයක් වාර්තා කිරීමට Ivan Perisic උත්සහ කළත්, එය සාර්ථක වුනේ නැහැ.
එම අර්ධයේ වැඩි පන්දු පාලනයක් Croatiaව සතු වූවත් ප්‍රතිවාදී ගෝල රකින්නා සිදු කළ දක්ෂ නවතාලීම් කිහිපයක් නිසා එම අර්ධය ගෝල රහිතව අවසන් කිරීමට ඔවුන්ට සිදු වුනා.
එමෙන්ම එම අර්ධයේ දී ගෝලයක් ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට මොරොක්කෝ කණ්ඩායමට හැකි වූයේ ද නැහැ.
දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දීම පන්දුවට හිසින් පහරක් එල්ල කරමින් ගෝලය වෙත එල්ල කිරීමට මොරොක්කෝ ක්‍රීඩක Noussair Mazraouiට හැකි වූවත් එය දක්ෂ ලෙස නවතාලීමට Dominik Livakovicට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: මොරොක්කෝව 00 – 00 Croatia
- Messi සාර්ථකයි; ආජන්ටිනාව අසාර්ථකයි; සෞදියට සවුදිය!
- එංගලන්තය සහ නෙදර්ලන්තය ජයග්‍රහණ ලබයි
- ඉරුදින ඇරඹෙන 2022 පාපන්දු ලෝක කුසලානය!
- සත්කාරකයින්ට පරාජය ගෙන දෙමින් ලෝක කුසලානය ඇරඹෙයි
ස්පාඤ්ඤය සහ කොස්ටා රිකා
Al Thumama ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ස්පාඤ්ඤය ලෝක කුසලාන තරගයක වාර්තා කළ ඉහළම ගෝල සංඛ්‍යාව වාර්තා කරමින් ජය ගත්තා.
ආරම්භයේ ම සිට ප්‍රබලත්වය පෙන්නුම් කළ ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය Dani Olmo ලබා ගත්තේ තරගයේ 11 වැනි මිනිත්තුවේ දීයි.
තරගය ආරම්භ වී මිනිත්තු 21ක් ගත වෙද්දී දඬුවම් රාමුව තුළ දී ලබා ගත් පන්දුව අලංකාර පහරක් මගින් ගෝලය තුළට එල්ල කිරීමට Marco Asensioට හැකි වුනේ ප්‍රතිවාදී ගෝල රකින්නාට සිතීමට ද ඉඩක් නොතබමිනුයි.
ස්පාඤ්ඤය වෙනුවෙන් තෙවැනි ගෝලය ලබා ගැනීමට Ferran Torresට හැකි වුනේ 31 වැනි මිනිත්තුවේ දීයි. ස්පාඤ්ඤයට හිමි වූ දඬුවම් පහරක් එල්ල කිරීමේ වගකීම ලබා ගත් ඔහු එම දඬුවම් පහර සාර්ථකව එල්ල කරමින් එම ගෝලය රැස් කළා.
54 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ Ferran Torres තවත් ගෝලයක් වාර්තා කරමින් තරගයේ සම්පූර්ණ ආධිපත්‍ය සිය කණ්ඩායමට ගෙන ආවා.

90 වැනි මිනිත්තුවේ දඬුවම් රාමුව තුළ දී නැවත ලැබූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් තරගයේ හයවැනි ගෝලය රැස් කිරීමට Carlos Solerට හැකි වුනා.
එයින් ටික වෙලාවකින් ක්‍රියාත්මක වූ Alvaro Morata අලංකාර ගෝලයක් ලබා ගැනීමට සමත් වුනේ ස්පාඤ්ඤයට ආරම්භක තරගයේ ම දැවන්ත ජයක් ලබා දෙමිනුයි.
අවසන් ලකුණු තත්වය: ස්පාඤ්ඤය 07 – 00 කොස්ටා රිකා
ගෝල රැස් කළ ක්‍රීඩකයින්,
ස්පාඤ්ඤය: Dani Olmo 11’, Marco Asensio 21’, Ferran Torres 31’ (P) & 54’, Gavi 90; Alvaro Morata 90+2’
බෙල්ජියම සහ කැනඩාව
ප්‍රබල බෙල්ජියමයට එරෙහිව තරගයේ 11 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කිරීමට කැනඩාවට ලැබුනත්, එය සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ.
බෙල්ජියම් ක්‍රීඩකයෙකු සිදු කළ වරදක් නිසාවෙන් හිමි වූ එම දඬුවම් පහර ලබා ගත් Jonathan David ගෝලයේ වම් කෙළවරින් එල්ල කළ පහර සාර්ථකව වැළැක්වීමට Thibaut Courtois හැකි වුනා.

තරගයේ මුල් භාගයේ දී ලැබූ දඬුවම් පහර අසාර්ථක වීමෙන් පසු ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට කැනඩාවට පළමු අර්ධයේ දී හැකි වුනේ නැහැ.
දෙවැනි අර්ධයේ ද දෙපිලම සමබර ක්‍රීඩා විලාශයකින් ක්‍රීඩා කළත්, ගෝල ලබා ගැනීමට ලැබූ අවස්ථා කිසිවක් සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වූ නිසා තරගයේ ජය හිමි වුනේ බෙල්ජියමයටයි.
අවසන් ලකුණු තත්වය: බෙල්ජියම 01 – 00 කැනඩාව
ගෝල රැස් කළ ක්‍රීඩකයින්,
බෙල්ජියමය: Toby Alderweireld 44’
2022 පාපන්දු ලෝක කුසලානයේ තවත් තරගයක් හෙට (24) අලුයම පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<






















