ශසිකලා හා වැන්ඩොර්ට්ගෙන් සටන්කාමී පිතිකරණයක්

221
Sri Lanka Womens Cricket

ඩියැන්ඩ්‍රා ඩොටින්ගේ වේගවත් ශතකය නිසාවෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වූ තෙවන හා අවසන් විස්සයි විස්ස තරගය ද ලකුණු 31කින් ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායමට හැකි විය.

අතපත්තුගේ වෑයම වරදියි; කොදෙව්වන්ට ජය

ස්ටෙෆනි ටේලර් හා ඒෆයි ෆෙලෙචර්ගේ දක්ෂ ක්‍රීඩා විලාසය හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම…

කාසියේ වාසිය දිනූ කොදෙව් කාන්තාවන් පළමුව පිතිකරණයේ නිරත විය. කොදෙව් ආරම්භක පිතිකාරිනියන් යුගල වන හෙයිලි මැතිව්ස් හා ස්ටෙෆනි ටේලර් හට පළමු කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි වුවත්, අනතුරුව පිටියට පැමිණි ඩියැන්ඩ්‍රා ඩොටින් හා එක්වූ හෙයිලි ලකුණු 121ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූයේ ශ්‍රී ලංකා කාන්තාවන්ට වැඩි පීඩනයක් එල්ල කරමිනි.

කොදෙව් කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගිය හෙයිලි 4 පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබාගෙන සිටිය දී දුවද්දී දැවී ගියාය. අනෙක් අන්තයේ ස්ථාවරත්වය රැකගෙන ශතකයක් වෙත පිය නැගූ ඩොටින් 6 පහර 5ක් හා 4 පහර 9ක්  පිටිය සිසාරා එල්ල කරමින් ලකුණු 112ක් ලබා ගන්නා ලදි. ඇය ඒ සඳහා වැය කළේ පන්දු 67ක් පමණි. අවසානයේ ඇය අමා කාංචනා එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යන ලදි.

එසේම කොදෙව් කණ්ඩායමේ අවසන් කඩුලු 4 ලකුණු 29ක් තුළ දවා ගැනීමට කාංචනා ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකි විය. එහි දී කාංචනා විසින් ලකුණු 24ක් තුල කඩුලු 2ක් දවා ගන්නා ලදි.

විශිෂ්ටයින්ගේ ශූරතාවය MAS කණ්ඩායමට

වෙළඳසේවා මලල ක්‍රීඩා සංගමය (MAF) විසින් 34 වැනි වරටත් සංවිධානය කරන ලද…

ලකුණු 160ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුලු 2ක ලකුණු 14ක් වන විට දවා ගැනීමට හෙයිලි සමත් විය. එහි දී චමරි අතපත්තු ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වූ විට, යසෝදා මෙන්ඩිස් ලකුණු 9ක් ලබාගෙන සිටිය දී දැවී යන ලදි.  නිපුනි හංසිකා ලකුණු 12යි.

කඩුලු 3ක් දැවී ලකුණු 42ක් ලෙස සටහන්ව තිබූ ශ්‍රී ලංකා කාන්තා ඉනිමට නව ජවයක් එක් කළ දකුණතින් පිත්ත හසුරුවන ශසිකලා සිරිවර්ධන හා ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩිකා රෙබේකා වැන්ඩොර්ට් සිව්වන කඩුල්ලට ලකුණු 84ක හොඳ සබඳතාවයක් ගොඩනංවන ලදි. එහි දී ශසිකලා පන්දු 44ක් තුළ 4 පහර 6ක් සමඟින් ලකුණු 50ක් ලබා ගන්නා විට, ඇයට සහය වූ වැන්ඩොර්ට් 4 පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබාගෙන ඇයගේ අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තාය. අවසානයේ ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණි.

පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යවන ක්‍රීඩිකා හෙයිලි ලකුණු 18ක් තුළ කඩුලු 4ක් දවා ගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය දායකත්වය දක්වන ලදි.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම – 159-6 (20): ඩියැන්ඩ්‍රා ඩොටින් 112, හෙයිලි මැතිව්ස් 34, අමා කාංචනා 2/24.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 128/5 (20): රෙබේකා වැන්ඩොර්ට් 50, ශසිකලා සිරිවර්ධන 50, හෙයිලි මැතිව්ස් 4/18.

තරගයේ හා තරගාවලියේ වීරවරිය – ඩියැන්ඩ්‍රා ඩොටින් (බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම)

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය හා විස්සයි විස්ස යන තරගාවලි 2කම තරග 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට කොදෙව් කාන්තා කණ්ඩායමට හැකි විය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<