රග්බි පිටිය දෙවනත් කරන්නට තෝමසුවන් සහ ජෝසප්වරුන් පෙරමුණ ගනී

1397

මාස හතරක් වැනි දීර්ඝ කාලයක් පුරාවට පැවති Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය අවසන් වනවාත් සමගම රග්බි පිටිය නැවතත් උණුසුම් කරමින් 2019 Singer අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාවලිය හෙටින් (28) ආරම්භ වීමට නියමිතයි.

පාසල් 100කට අධික ප්‍රමාණයක් සහාභාගී වන අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාවලියේ ප්‍රථම තරගය හෙට (28) සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විදුහල අතර තරගයෙන් ආරම්භ වේ.

පසුගිය වසරේ මෙන්ම මෙම වසරේදීත් ඉතා උණුසුම් තරග රාශියක් රග්බි ක්‍රීඩාලෝලීන්ට රැගෙන ඒමට ThePapare.com සූදානම්. ශ්‍රී ලාංකීය පාසල් රග්බි ඉතිහාසයේ සුවිශේෂී දස්කම් පෑ පාසල් සියල්ලක්ම උරෙනුර ගැටෙන 2019 අන්තර් පාසල් රග්බි ශූරතාවලිය, ශූරතාවලියකට වඩා රග්බි සැණකෙළියක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.

නව බලාපොරොත්තු රැසක් සමඟින් සහිරා කණ්ඩායම යුධ පිටියට

දීර්ඝ රග්බි ඉතිහාසයකට හිමිකම් කියන මරදාන සහිරා විද්‍යාලයීය රග්බි කණ්ඩායම වරෙක ශ්‍රී ලංකාවේ ….

පසුගිය වසරේ සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ පාසල්වලට අළු ගසා දමා නැවත නැගී සිටීමට අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාවලිය හොඳ පිටිවහලක් වනවා නොඅනුමානයි.

A කාණ්ඩයේ පාසල් අතරින්, පසුගිය වසරේ ශූරයින් වන රාජකීය විද්‍යාලය, අනුශූරතාවය දිනා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, නුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, සහිරා විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, සාන්ත අන්තෝනි විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය මේ වසරේ දී ශූරතාවය වෙනුවෙන් තරග කරනු ලබයි.

B කාණ්ඩය නියෝජනය කරමින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, C. W. W. කන්නංගර මහා විද්‍යාලය, සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මහානාම විද්‍යාලය, D. S. සේනානායක විද්‍යාලය, ලුම්බිණි විදුහල, ශ්‍රී සුමංගල විදුහල, ආනන්ද විද්‍යාලය, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල තරග කරනු ඇත.

තර්ස්ටන් විදුහල් රග්බි කණ්ඩායමට නව අනුග්‍රාහකයෙක්.

මෙම සති අන්තයේ ආරම්භවීමට නියමිත අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි ශූරතාවලියේ B කාණ්ඩයෙන් ….

හෙටින් ආරම්භ වන 2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි ශූරතාවලියේ තරග වාර්තා, පෙර විමසුම් ලිපි, විශ්ලේෂණ වාර්තා, ඡායාරූප සහ සජීව විකාශයන් ඇතුළු තවත් බොහෝ දෑ ThePapare.com තුලින් ඔබ වෙත සමීප කරන්නට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<