ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2019 අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය (U19 Super Provincial Tournament 2019) පසුගිය දා (23) නිමා වූයේ කොළඹ ක්‍රීඩකයන්ට ශූරතාවත් සහ දඹුලු ක්‍රීඩකයන්ට අනුශූරතාවත් හිමි කර දෙමිනි. අනාගත ක්‍රීඩකයන් සොයා ගිය මේ ගමනේ පසු විපරමකි මේ.

කමිල් සහ අහන් අපරාජිත කොළඹ විජයග්‍රාහී ජයග්‍රහණයට කැඳවා ගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ…….

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ කොළඹ කණ්ඩායමේ කමිල් මිෂාර ය. එහි දෙවැනි ස්ථානය කොළම කණ්ඩායම නියෝජනය කළ අහන් වික්‍රමසිංහ පත් වූ අතර තෙවැනි ස්ථානයට පත්වූයේ ගාල්ල කණ්ඩායමේ නායක නවෝද් පරණවිතාන ය. 

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කළ සඳුන් මෙන්ඩිස් ය. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය කැළණිය ගුරුකුල විද්‍යාලයේ ප්‍රවීන් නිමේෂ්ට හිමිවෙන අතර තෙවැනි ස්ථානය දඹුලු කණ්ඩායමේ දිලුම් සුධීරට හිමිය. 

තරගාවලියේ කැපී පෙණෙන පන්දු යවන්නා වූයේ ලොහාන් ද සොයිසා ය. ඔහු කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේය. 

කමිල් මිෂාර Kamil Mishara - U19 Super Provincial 2019

තරගාවලියේ වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා වූයේ පානදුර මහානාමයෙන් කොළඹ රාජකීය විද්‍යාලයට සංක්‍රමණය වූ කමිල් මිෂාර ය. 

මෙම තරගාවලියේ මංගල ශතකය මෙන්ම ශතක දෙකක් රැස් කළ එකම ක්‍රීඩකයා වූයේ කමිල් මිෂාරය. ඔහු මෙම ශතක දෙකම රැස් කළේ දඹුල්ල ක්‍රීඩාංගණයේ දී ය. මහනුවර කණ්ඩායමට එරෙහිව වාර්තා කළ පළමු ශතක ඉනිම් පන්දු 161කින් සමන්විත වූ අතර හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 152ක් විය. අනතුරුව ඔහු දෙවැනි ශතකය වාර්තා කළේ අවසාන මහා තරගයේ දී දඹුල්ල කණ්ඩායමට එරෙහිවය. 

එම තරගයේ දී ඔහු ඔහු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 120ක් ලබා ගත්තේය. 

තරගාවලියේ වීරයා සම්මානයට පාත්‍ර විණි නම් සැබැවින්ම කමිල් මිෂාර ඊට සුදුස්සා වන්නේය. ඔහු මෙම ශතක දෙකට අමතරව ගාල්ල කණ්ඩායමට එරෙහිව දඹුල්ලේ දී ම පැවති පළමු වටයේ තරගයක දි පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 97ක් ලබා ගත්තේය. 

ඔහු මෙම තරගාවලියේ දී තරග 4කට සහභාගී වී ඉනිම් 4ක දී ලකුණු 377ක් වාර්තා කරමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට ද පත්විය. ඔහුගේ මෙම දක්ෂතාවයේ සාමාන්‍ය වනුයේ 94.25කි.


අහන් වික්‍රමසිංහ

කොළඹ රාජකීය විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි අහන් වික්‍රමසිංහ මෙම තරගාවලියේ දී තරගයක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය විමසීමේ දී පළමුවැනියා වූයේ ඉනිම 4කට සහභාගී වෙමින් ලකුණු 290ක් ලබා ගනිමිනි. 

තරගාවලියේ තරගයක ලකුණු ලබා ගැනීමේ දී ඔහු පසු වෙන්නේ 145.00 සාමාන්‍ය තත්ත්වයක ය. ඔහු  අවසන් තරගයේ දී වාර්තා කළ ශතකයත් සමඟින් අර්ධ ශතක දෙකක් ද තම ඉනිමට ඇතුළත් කර ගත්තේය. 

අපි තරගාවලිය 2-0ක් කරමු?

ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග….


නවෝද් පරණවිතාන Navod Paranavitana - U19 Super Provincial 2019

පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයට පත් වූයේ ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කළ ගාල්ල කණ්ඩායමේ නවෝද් පරණවිතාන ය. ඔහු තරග 4කට සහභාගී වෙමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 189ක් ලබා ගත්තේය.  

නවෝද් එක් ඉනිමක දී කිසිදු ලකුණක් නොලබා දැවී යෑම හේතුවෙන් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 47.25ක් විය. තරගාවලියේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන තෝරා ගැනීම සඳහා පැවති තරගයේ දී පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 91ක් ලබා ගැනීම ඔහුගේ හොඳම ඉනිම විය.


සඳුන් මෙන්ඩිස්

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වමතින් දඟපන්දු යවන සඳුන් මෙන්ඩිස් ය. ඔහු තරග 4කට සහභාගී වෙමින් කඩුලු 12ක් ලබා ගන්නේය. යොවුන් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ සොයුරා වන කමිඳු මෙම තරගාවලියේ තරගයක පෑ හොඳම දක්ෂයතාව වන්නේ ලකුණු 57කට ලබා ගත් කඩුලු 4ය. ඔහු එම දක්ෂතාව දැක්වූයේ නුවර කණ්ඩායමට එරෙහිවය. 


ප්‍රවීන් ද සිල්වා 

කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් වමතින් වේගපන්දු යැවූ ප්‍රවින් ද සිල්වා තරගාවලියේ කඩුලු 9ක දවා ගනිමින් දෙවැනියට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා බවට පත්විය. 

ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වන්නේ දඹුලු කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට ලබා ගත් කඩුලු 4යි. 

නවසීලන්තයෙන් පැමිණි බෙන් ස්ටෝක්ස්ට එංගලන්තයෙන් රහසින් ආධාර

මීට වසර තුනකට පෙර ඔහුගේ පන්දුවාරයක් හමුවේ පහසුවෙන් දිනා…..


දිලුම් සුධීරDilum Sudheera - U19 Super Provincial 2019

වමතින් දඟපන්දු යැවූ දිලුම් සුධීර දඹුලු කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව විය. ඔහු නිමා වූ තරගාවලියේ දී තරග 4කට සහභාගී වෙමින් කඩුලු 9ක් ලබා ගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් දායකත්වය දැක්විය. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වූයේ මහනුවර කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 26කට ලබා ගත් කඩුලු 3යි. 

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් අත්පොත් තැබූ දිලුම් සුධීර ගාල්ල රිචමන්ඩ් විද්‍යාලය නියෝජනය කරමින් දඹුලු කණ්ඩායමට ක්‍රීඩා කළේය.


 ලොහාන් ද සොයිසාLohan De Zoysa - U19 Super Provincial 2019

ගාල්ලේ ක්‍රිකට් ගැසූ ලොහාන් ද සොයිසා නුවරට කණ්ඩායමට එක් වී ගාල්ලට එරෙහිව වාර්තා කළ කඩුලු ත්‍රිත්වය හේතුවෙන් තරගාවලියේ කාගේත් අවධානයට ලක් වූ පන්දු යවන්නා බවට පත්විය. 

අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් පිටිය අවතීර්ණ වූ ලොහාන් මෙම තරගාවලියේ දී සහභාගී වූයේ තරග දෙකකට පමණි. තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා පැවති තරගයේ දී ඔහු ලකුණු 48කට කඩුලු 5ක් දවා ගනිමින් තරගාවලියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව ද තමන් සන්තක කර ගත්තේය. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<