දිමුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් සමඟ ගිවිසුමකට

1853

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න Australia Premier League කණ්ඩායමක් වන Endeavour Hills Cricket Club සමඟින් ගිවිසුම් ගත වූ බව එම කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

දිමුත් එම කණ්ඩායම සමඟ සැප්තැම්බර් මාසයේ දී එක්වීමට නියමිත අතර ඔහු ඊට පෙර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත පාකිස්තාන සහ ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෑත කාලයේ ලෝක ටෙස්ට් පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න පසුගිය මාසයේ දී එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන Yorkshire කණ්ඩායම සමඟ ද ගිවිසුම් අත්සන් කළා.

දිමුත් එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ Yorkshire නියෝජනය කරමින් තරග කිහිපයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඊයේ (15) ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරගාවලියේ කණ්ඩායම මෙහෙයවීම සඳහා නැවතත් කණ්ඩායම සමඟ එක්වුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<