County ගිය ලක්මාල්ගෙන් සුපිරි කඩුලු 5ක්

County දෙවැනි පෙළ ශූරතාවය 2022

5219

ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් County ක්‍රිකට් පිටියේ සිය පළමු කඩුලු 5 අවස්ථාව සම්පූර්ණ කරගන්නට අද (30) සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් නිල වශයෙන් විශ්‍රාම ගැනීම අනතුරුව ඔහු එංගලන්තයේ Derbyshire කණ්ඩායම සමඟ එකතු වුනේ මීට මාස 2 දෙකකට පමණ ඉහත දීයි.

34 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ලක්මාල් ලකුණු 82ක දී කඩුලු 5ක් දවා ගන්නට සමත් වුනේ Glamorgan කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දීයි. ඔහුගේ එම දවා ගැනීම් 5 අතරට ලොව අංක 1 පිතිකරු Marnus Labuschagne ද ඇතුළත් වීම කැපී පෙනෙනවා.

ලක්මාල් මේ වන විට Derbyshire වෙනුවෙන් තරග 4කට ක්‍රීඩා කර තිබෙන අතර එහි දී ඔහු මේ වන තෙක් දවා ගැනීමට සමත් වූ කඩුලු ගණන 11ක්.

ඔහු නියෝජනය කරන Derbyshire කණ්ඩායම County දෙවැනි පෙළ ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගන්නට මේ වන විට සමත්ව සිටින්නේ තරග 4ක් තුල ප්‍රසාද ලකුණු 57ක් රැස්කර ගනිමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<