චමරි අතපත්තුගෙන් නැවතත් සුපිරි දස්කම්

Fairbreak ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

4701

FairBreak Invitational තරගාවලියේ සහභාගී වූ දෙවැනි තරගයෙන් පන්දු 31 තුළ ලකුණු 42ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට චමරි අතපත්තුට හැකි වුනා.

එමෙන්ම තරගාවලියේ පළමු කඩුල්ල දවා ගැනීමට චමරි එම තරගයේ දී සමත් වුනේ කවීෂා එගොඩගොඩගේ ලකුණු 24කට දවා ගනිමිනුයි.

Barmy Army ක්‍රීඩිකා Deandra Dottin ලබා ගත් ලකුණු 80 නිසාවෙන් එම කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 152ක් රැස් කළා.

පිළිතුරු ඉනිම හඹා යෑමට පිටියට පිවිසි Falcons ආරම්භක පිතිකාරිනියන් වූ චමරි අතපත්තු සහ Dannielle Wyatt ලකුණු 67ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වීමෙන් පසුව චමරි අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවුනේ ලකුණු 42ක් ලබා සිටින විටයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Wyatt ලබා ගත් ලකුණු 76 නිසාවෙන් Falcons ක්‍රීඩිකාවන් ජයග්‍රාහී සීමාව පසු කළේ පන්දුවාර 17.3 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී තිබිය දීයි.

  • Barmy Army 152/3 (20): Deandra Dottin 80, කවීෂා එගොඩගොඩගේ 24, Gunjan Shukla 1/12, Jahanara Alam 1/26
  • Falcons 156/2 (17.3): Danni Wyatt 76, චමරි අතපත්තු 42, Ruchitha Venkatesh 1/21

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

තරගයේ විශේෂ අවස්ථා,