ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කරයි

509

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් හත් දෙනෙකුගෙන් යුත් නව‍ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවක් තෝරාපත් කරගෙන තිබෙනවා.

ජාතික ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන අතර කමිටුවේ ලේකම් ලෙස හිටපු ජාතික ටෙනිස් ක්‍රීඩක අර්ජුන් ප්‍රනාන්දු මහතා කටයුතු කරනු ඇත

හිටපු ජාතික ක්‍රිකට් නායක සනත් ජයසූරිය, විශේෂඥ ශල්‍යවෛද්‍ය මයියා ගුණසේකර, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත්, ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, හිටපු මලල ක්‍රීඩිකා සහ දැල්පන්දු ක්‍රීඩිකා තිලකා ජිනදාස යන  මහත්ම මහත්මීන් කමිටුවට ඇතුළත් සෙසු සාමාජිකයින් වනවා.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව

  • ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා (සභාපති)
  • අර්ජුන් ප්‍රනාන්දු මහතා (ලේකම්)
  • ආචාර්ය මයියා ගුණසේකර (සාමාජික)
  • ප්‍රසන්න චන්දිත් (සාමාජික)
  • සනත් ජයසූරිය (සාමාජික)
  • මැක්ස්වෙල් ද සිල්වා (සාමාජික)
  • තිලකා ජිනදාස (සාමාජික)

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<