Home Sinhala මෝගන් පිටිය සිසාරා 6 පහරවල් එල්ල කරද්දී රෂීඩ්ටත් වාර්තාවක්

මෝගන් පිටිය සිසාරා 6 පහරවල් එල්ල කරද්දී රෂීඩ්ටත් වාර්තාවක්

233
Afghanistan vs England CWC19

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (18) මැන්චෙස්ටර් හිදී පැවති අතර එහි දී ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ලකුණු 150ක පහසු ජයක් වාර්තා කිරීමට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් විය.

ශකිබ් සහ ලිටන් වාර්තා පොත් අලුත් කරයි!

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 397ක් රැස්කළේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි.

ආබාධයක් හේතුවෙන් එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ජේසන් රෝයි අද තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහුගේ ස්ථානය හිමිකර ගත් ජේම්ස් වින්ස්, ජොනී බෙයාස්ටෝව් සමඟින් ඉනිම ආරම්භ කරන ලදි.

එංගලන්ත පිතිකරුවන් ඉනිම ආරම්භයේ දී සාපේක්ෂව අඩු ලකුණු වේගයක් පවත්වා ගෙන ගිය අතර ඔවුන්ගේ පළමු කඩුල්ල ලෙස ලකුණු 26ක් ලබා සිටි ජේම්ස් වින්ස් දවා ගැනීමට ඩව්ලට් සඩ්රාන් සමත් විය.

ඉන්පසු බෙයාස්ටෝව් සමඟින් පිටියේ එක්වූ ජෝ රූට් දෙවන කඩුල්ලට ලකුණු 120ක සබඳතාවයක් ගොඩ නැඟූ අතර එය බිඳ වැටුණේ බෙයාස්ටෝව් ලකුණු 90කට දැවී යාමත් සමඟිනි. ඒ වන විට ඉනිමේ 30 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් පැවති අතර එංගලන්ත ලකුණු පුවරුව දැක්වූයේ කඩුලු 2කට ලකුණු 164ක් ලෙසිනි.

නමුත් අංක 04 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි එංගලන්ත නායක ඔයින් මෝගන් හට සියල්ල වෙනස් කිරීමට ගත වූයේ සුළු වේලාවක් පමණි. ඔහු ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව දිගට හරහට පහර එල්ල කිරීමට වූයේ කිසිදු පන්දු යවන්නෙකු තඹ දොයිතුවකට මායිම් නොකරමිනි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ඔහු තම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව සහ සිය 13 වැනි ශතකය ද වාර්තා කරමින් පන්දු 71ක් තුළ ලකුණු 148ක් වාර්තා කළ අතර පන්දු 57කින් වාර්තා වූ ඔහුගේ ශතකය ලෝක කුසලාන තරගයක සිව්වැනි වේගවත්ම ශතකය ලෙස වාර්තා පොත් අතරට එක්විය.

එමෙන්ම මෝගන්ගේ ඉනිමට හයේ පහර 17ක් ඇතුළත් වූ අතර එය එක්දින ජාත්‍යන්තර තරගයක දී පිතිකරුවෙකු රැස්කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.

මෝගන්ට අනගි සහයක් ලබා දුන් ජෝ රූට් ලකුණු 88ක් රැස්කළ අතර එංගලන්ත ඉනිමේ අග භාගයේ දී මොයින් අලි පන්දු 9ක දී හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් සමඟින් වේගවත් ලකුණු 31ක් වාර්තා කළේ එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 397ක් දක්වා රැගෙන යාමට දායකත්වය සපයමිනි.

පන්දු යැවීමේ දී මුජීබ් රහ්මාන් හට කඩුලු ලබා ගැනීමට නොහැකි වුවත් සිය පන්දුවාර 10 ලකුණු 44කට සීමා කිරීමට සමත් වූ අතර නායක ගුලාබ්ඩින් නයිබ් සහ සඩ්රාන් කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

ලෝක කුසලානය ගැන සංගා දැඩි අසතුටෙන්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා……….

එමෙන්ම සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් කාන් යැවූ පන්දුවාර 09 තුළ දී ලකුණු 110ක් ලබා දීම කැපී පෙනුණු අතර එය ලෝක කුසලාන තරගයක පන්දු යවන්නෙකු ලබා දුන් ඉහළම ලකුණු සංඛ්‍යාව ද විය.

ලකුණු 398ක අතිදැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 04ක්ව තිබිය දී බිඳ වැටුණේ නූර් අලි සඩ්රාන් ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ජොෆ්රා ආචර් සමත් වීමත් සමඟිනි.

ඉන්පසු ඇෆ්ගනිස්තාන පිතිකරුවන් හොඳින් පිතිකරණයේ යෙදුණ ද ඔවුන් ඉදිරියේ පැවති විශාල ඉලක්කය කරා යෑමට තරම් එම උත්සාහය කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

මෙහි දී හෂ්මතුල්ලා ශහිඩි ලකුණු 76ක් ලබා ගත් අතර හිටපු නායක අස්ගර් ඇෆ්ගන් ලකුණු 44ක් සහ රහමට් ෂා ලකුණු 46ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව ඉහළ දැමීමට කටයුතු කළහ.

නියමිත පන්දුවාර 50 නිමා වන විට ඇෆ්ගනිස්තානයට කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 247ක් පමණි.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී ආදිල් රෂීඩ් සහ ජොෆ්රා ආචර් කඩුලු 3 බැගින් දවා ගත් අතර මාක් වුඩ් කඩුලු 2ක් බිඳ හෙලීය.

දකුණු අප්‍රිකානු බර අවියක් මීළඟ තරගයට සූදානමින්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් …..

මෙම ජයග්‍රහණයත් සමඟින් එංගලන්ත කණ්ඩායම ඉහළ දල ලකුණු වේගයක් පවත්වා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

හයේ පහර වර්ෂාවක් සමඟින් ලකුණු 148ක් ලබා ගත් ඔයින් මෝගන් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගය හෙට (19) දින බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


England
397/6 (50)

Afghanistan
247/8 (50)

Batsmen R B 4s 6s SR
JM Vince c Mujeeb ur Rahman b Dawlat Zadran 26 31 3 0 83.87
Jonny Bairstow c & b Gulbadin Naib 90 99 8 3 90.91
Joe Root c Rahmat Shah b Gulbadin Naib 88 82 5 1 107.32
Eoin Morgan c Rahmat Shah b Gulbadin Naib 148 71 17 4 208.45
Jos Buttler c Mohammad Nabi b Dawlat Zadran 2 2 0 0 100.00
Ben Stokes b Dawlat Zadran 2 6 0 0 33.33
Moeen Ali not out 31 9 1 4 344.44
Chris Woakes not out 1 1 0 0 100.00


Extras 9 (b 0 , lb 1 , nb 1, w 7, pen 0)
Total 397/6 (50 Overs, RR: 7.94)
Fall of Wickets 1-44 (9.3) JM Vince, 2-164 (29.5) Jonny Bairstow, 3-353 (46.4) Joe Root, 4-359 (46.6) Eoin Morgan, 5-362 (47.4) Jos Buttler, 6-378 (47.4) Ben Stokes,

Bowling O M R W Econ
Mujeeb ur Rahman 10 0 44 0 4.40
Dawlat Zadran 10 0 85 3 8.50
Mohammad Nabi 9 0 70 0 7.78
Gulbadin Naib 10 0 68 3 6.80
Rahmat Shah 2 0 19 0 9.50
Rashid Khan 9 0 110 0 12.22


Batsmen R B 4s 6s SR
Noor Ali Zadran b Jofra Archer 0 7 0 0 0.00
Gulbadin Naib c Jos Buttler b Mark Wood 37 28 4 1 132.14
Rahmat Shah c Jonny Bairstow b Adil Rashid 46 74 3 1 62.16
Hashmatullah Shahidi b Jofra Archer 76 100 5 2 76.00
Asghar Afghan c Joe Root b Adil Rashid 44 48 3 2 91.67
Mohammad Nabi c Ben Stokes b Adil Rashid 9 7 0 1 128.57
Najibullah Zadran b Mark Wood 15 13 0 1 115.38
Rashid Khan c Jonny Bairstow b Jofra Archer 8 13 1 0 61.54
Ikram Alikhil not out 3 10 0 0 30.00
Dawlat Zadran not out 0 0 0 0 0.00


Extras 9 (b 0 , lb 1 , nb 0, w 8, pen 0)
Total 247/8 (50 Overs, RR: 4.94)
Fall of Wickets 1-4 (1.2) Noor Ali Zadran, 2-52 (1.2) Gulbadin Naib, 3-104 (24.5) Rahmat Shah, 4-198 (40.5) Asghar Afghan, 5-210 (42.4) Mohammad Nabi, 6-234 (45.5) Hashmatullah Shahidi, 7-234 (46.2) Najibullah Zadran, 8-247 (49.4) Rashid Khan,

Bowling O M R W Econ
Chris Woakes 9 0 41 0 4.56
Jofra Archer 10 1 52 3 5.20
Moeen Ali 7 0 35 0 5.00
Mark Wood 10 1 40 2 4.00
Ben Stokes 4 0 12 0 3.00
Adil Rashid 10 0 66 3 6.60