පාපන්දු සම්මේලනයේ දූෂණ විමර්ශනයට

108

දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යයවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවක් මගින් ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ දූෂණ හා අක්‍රමිකතා අනාවරණය විය.

ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය නවීන් දිසානායක මහතා නව රජයේ මැතිවරණයට පෙර අමාත්‍යංශ තුළ සිදු විණැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරන ලදී.

ධර්මසේන දිසානායක, එන්.පද්මනාදන්හා රුෂ්ලි හුසේන්ගෙන් සමන්විත මෙම ත්‍රිපුද්ගල කමිටුවේ උපදෙස් සමග පසුගිය පස් අවුරුදු කාලයක් තුළ සමග සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ කාරණා සොයා ගැනීමට පෙබරවාරි 2 වන දින පත් කරන ලදී.

මෙම කමිටුව විසින් සම්මේලනය, ඉතාලයෙන් ලැබුනු යුරෝ 40,000 හා ආසියානු පාපන්දු සම්මේලනයෙන් ලැබුනු ඇමරිකානු ඩොලර් 260,000 වැරදි ලෙස භාවිතා කර ඇති අතර, තව දුරටත් සුනාමියෙන් විපතට පත් පුද්ගලයන් සඳහා නිවාස ඉදිකිරීමට හොල්සිම් විසින් දුන් බව ශ්‍රි ලංකා රුපියල් මිලියන 10 ක් වැරදි ලෙස භාවිතා කර ඇති බවට සොයාගෙන ඇත.

විගණකාධිපතිවරයා විසින් ජනවාරි 19 වන 2015 විගණන වාර්තාව සමාලෝචනය කිරීමෙන් පසු මෙම කරුණු සත්‍යය බව තහවුරු කරන ලදී. මෙම කමිටුව එම වාර්තාව අනුව මේ දූෂණයට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමට යෝජනා කර ඇත.

මෙම AFC විසින් දෙන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 260,000 දකුණු ආසියානු පාපන්දු ශූරතාව සඳහා 2008 දී ද (ඇමෙරිකානු ඩොලර් මිලියන 60,000 ක්) 2008 දී AFC කුසලානය සඳහා ඇමරිකානු ඩොලර් 200,000 දුන් මුදලේ එකතුව වේග

ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති රංජිත් රුද්රිගු මෙසේ පැවසීය,

 

“අපි, අදාළ බලධාරීන් වෙත විගණන වාර්තා ලබා ඇති අතර, අප දූෂණ ඇති වී බව පිලිගන්නවා. එය මගේ කාලය තුල නොවුනත් කණගා‍ටුවට කරුණක්. අපි සම්පූර්ණයෙන්ම පරීක්ෂණයේ දී විගණකාධිපති හා කමිටුව සමග සහයෝගයෙන් කටයුතු කරනවා. “