ආසියානු 23න් පහළ කාන්තා තරගාවලියට ශ්‍රී ලංකාව “C “කාණ්ඩයෙන්

448

තායිලන්තයේ නාකොන් රචසිමා හිදී පැවැත්වෙන “දෙවන ආසියානු 23න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලිය” සඳහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම “C” කාණ්ඩයෙන් තරගාවලියට එක්වීමට නියමිතව තිබේ. එහි ස්ථාන ගත වී ඇති අනෙකුත් කණ්ඩායම් වන්නේ චීන තායිපේ, කසකස්තානය සහ ඕස්ට්‍රේලියාවයි. තරගාවලිය මැයි 13 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වේ.

ආසියානු 23න් පහළ තරගාවලියට ශ්‍රී ලංකාව “D”කාණ්ඩයෙන්

දෙවන වරටත් පැවැත්වෙන “ආසියානු 23න් පහළ වොලිබෝල් ශූරතාවලිය” සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම “D” කාණ්ඩයෙන් තරගාවලියට එක්වීමට..

චීන තායිපේ සහ කසකස්තානය, මින් පෙර පැවති තරගාවලියේ දී පිළිවෙළින් 5 වැනි සහ 9 වැනි ස්ථාන දිනා ගත්තේය. ඕස්ට්‍රේලියාවත්, ශ්‍රී ලංකාවත් තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙයයි.

තායිලන්තයේ දුසිත් ප්‍රින්සස් ශ්‍රිනකාරින් හෝටලයේ පිහිටුවා ඇති ආසියානු වොලිබෝල් සමාජ සම්මේලනයේ දී, කාණ්ඩ බෙදීමට අදාළ කුසපත් ඇදීම සිදු විය.

ආසියානු වොලිබෝල් සම්මේලනයේ තරගාවලි කවුන්සිලයේ ප්‍රධානී; ආචාර්ය ඉයොම් හන් ජෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කුසපත් ඇදීමට, තායිලන්ත වොලිබෝල් සම්මේලනයේ සභාපති සොම්පොන් චයිබන්යන් මහතා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූ අතර මූලාසනයේ කතාව පැවැත්වුණේ ද ඔහු විසිනි.  

ලෝක ශූරතා ලෝකඩ පදක්කම් ගෙන ආ පැරා වොලී

පැරා ක්‍රීඩා, එසේත් නැත්නම් “ආබාධිතයන් සඳහා වෙන්වූ ක්‍රීඩා”, ලොව සාමාන්‍ය ක්‍රීඩා මෙන්ම ජනාදරයට පත්ව..

කණ්ඩායම් 13ක්, කාණ්ඩ 4ක් යටතේ මෙවර තරග වැදීමට නියමිතයි. මින් පෙර පැවති තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා ලද්දේ චීනය විසින් වන අතර තායිලන්තය සහ දකුණු කොරියාව පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන වලට පත්විය.

ස්ලොවේනියාවේ ලුබියානා සහ මරිබෝ නුවර වල දී පැවැත්වෙන, “23න් පහළ ලෝක කුසලාන කාන්තා තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට” මෙම තරගාවලිය මඟින් වටපිටාව සකසා දෙන අතර එහි පළමු සහ දෙවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් ලෝක කුසලාන 23න් පහළ තරගාවලියට සුදුසුකම් ලබයි.

කාණ්ඩ

A – තායිලන්තය, මැකාවු, හොංකොං
B – ජපානය, උස්බෙකිස්තානය, වියට්නාමය
C – චීන තායිපේ, කසකස්තානය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව
D – පිලිපීනය, ඉරානය, මැලේසියාව, නවසීලන්තය

  තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට