දකුණු අප්‍රිකානු බර අවියක් මීළඟ තරගයට සූදානමින්

162

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද දකුණු අප්‍රිකානු සංචිතයේ සිටි වේගපන්දු යවන ක්‍රීඩක ලුන්ගි න්ගිඩි ආබාධයට පසුව නවසීලන්තය සමඟ හෙට (19) දින පැවැත්වෙන මීළඟ තරගය සඳහා සූදානමින් සිටින බව වාර්තා වේ.

ලෝක කුසලානය ගැන සංගා දැඩි අසතුටෙන්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විවිධ ස්වභාවයන් සහිත තණතීරු ලබා දීම…

දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ මේ වනවිට තරග 5කට සහභාගී වී ඉන් තරග 3ක් පරාජයට පත්ව එක් තරගයක් පමණ ජයගෙන ඉතාමත් අසීරු මට්ටමක සිටින නිසා නවසීලන්තය සමඟ හෙට (19) දින එඩ්ග්බස්ටන් හිදී පැවැත්වෙන තරගය ජයගැනීම දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඉතාමත් වැදගත් වේ.  

මෙම ආබාධය හේතුවෙන් ලුන්ගි න්ගිඩි හට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් දැනටමත් අහිමි වී තිබේ. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැත්වුණු තරග අතුරෙන් තරග දෙකක් ක්‍රීඩා කළ ලුන්ගි න්ගිඩි එංගලන්තයට එරෙහිව පැවති තරගයේ දී කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූ නමුත් බංග්ලාදේශය සමඟ පැවති තරගයේදී කඩුලු දවාගැනීමට නොහැකි විය.

පසුගිය 02 වැනිදා බංග්ලාදේශය සමඟ පැවති තරගයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවාර 4ක් යොමු කළ ලුන්ගි න්ගිඩි එම පන්දුවාර 4 තුළදී ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 34ක් ලබා දෙන ලදි. නමුත් පසුව තරගයේ හත්වැනි පන්දුවාරය වනවිට වහා ක්‍රියාත්මක වන පරිදි ඔහු විවේකාගාරයට ගමන් කළේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙනි. කෙසේ වෙතත් ආබාධය හේතුවෙන් ඔහුට යළිත් තරගයේ පන්දු යැවීමට අවස්ථාව හිමි නොවීය.

“ආබාධ කියන්නේ ඕනෑම කණ්ඩායමකට අමාරු දෙයක්. ලුන්ගි න්ගිඩි මේ වනවිට ඉතාමත් හොඳ ශාරීරික යෝග්‍යතා මට්ටමකින් ඉන්නවා. ඔහු හෙට පැවැත්වෙන තීරණාත්මක තරගයට ඉතාමත් හොඳ සූදානමකින් ඉන්නවා.” යැයි දකුණු අප්‍රිකා කණ්ඩායමේ කළමණකරු වෛද්‍ය මොහොමඩ් මොසාජි මහතා මාධ්‍ය වෙත සඳහන් කරන ලදි.

චක් දේ ඇෆ්ගනිස්තාන්

2019 එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වන පෙරළිකාරීම කණ්ඩායම ලෙස ඇෆ්ගනිස්තානය හඳුන්වන්න පුළුවන්.

“මම අද මගේ ෆිට්නස් ටෙස්ට් එක 100%ක්ම සාර්ථකව කළා. ඒක නිසා මම හෙට තරගය සඳහා හොඳ සූදානමින් ඉන්නවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි ලුන්ගි න්ගිඩි මාධ්‍ය අමතමින් පවසා සිටියේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් මීළඟට පැවැත්වෙන තරග සියල්ලම ඔවුන් ජයගැනීම ඉතාමත් වැදගත් වේ.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අත්දැකීම් බහුලම වේගපන්දු යවන්නා වන ඩේල් ස්ටෙයින් හටද ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඔහුගේ උරහිසෙහි ඇතිවී තිබූ ආබාධය සුව නොවීම හේතුවෙනි.

ශක්තිමත් හා එකමුතු මැදපෙළක් ඕන – අර්ජුන රණතුංග

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට අවශ්‍ය නම් මැදපෙළ පිතිකරුවන් ශක්තිමත්ව හා කණ්ඩායම්….

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටෙයින්ගේ සහභාගීත්වය නොමැති වීම මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශාල පාඩුවක් බව ක්‍රිකට් විචාරකයන් පවසා තිබේ.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<