19න් පහළ තෙවැනි පෙළ Tier B කොටසේ අවසන් පාසල් 4 තීන්දුයි

වයස අවුරුදු 19න් පහළ තෙවැනි පෙළ Tier B ක්‍රිකට් තරගාවලිය 2021

758

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ තුන්වැනි කාණ්ඩයේ (Division 03) Tier B කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග නිමා වී තිබෙනවා.

රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී මහර ජනාධිපති විද්‍යාලය කඩුලු 9කින් පරාජය කළ තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය කඩුලු 5කින් පරාජය කළ මාතලේ හින්දු විද්‍යාලය අවසන් පූර්ව තරග වටයේ සිය අසුන් වෙන්කර ගත්තා.

ඊට අමතරව, ගාල්ල සියලු සාන්තුවරුන්ගේ විදුහල කඩුලු 7කින් පරාජය කළ පන්නල ජාතික පාසල සහ අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසල ලකුණු 14කින් පරාජය කළ කැළණිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලය ද අනෙක් පසින් අවසන් පූර්ව වටය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගත්තා.

අර්ධ අවසන් පූර්ව තරගවල ලකුණු සාරාංශයන්,

මහර ජනාධිපති විද්‍යාලය සහ තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (රාගම දී)

මහර ජනාධිපති විද්‍යාලය – 99 (30.2): නවෝද්‍ය කුමාර 41, එශාන් ප්‍රනාන්දු 3/08, සවිඳු පෙරේරා 3/20.

තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 104/1 (15.3): දිනුක සිල්වා 48*, කනිෂ්ක ගමගේ 35*.

තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට කඩුලු 9ක ජයක්.


මාතලේ හින්දු විද්‍යාලය සහ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය (මාතලේ දී)

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය – 160 (39.5): රසාංජ තේජාන් 65, ජී. සුජීවන් 5/54, එන්. රිෂිවිරත්නම් 2/09, ජේ. නිමේෂන් 2/32

මාතලේ හින්දු විද්‍යාලය – 163/5 (39.5): එන්. රිෂිවිරත්නම් 34*, කේ. කුමේෂන් 33, කේ. දුලිරුක්ෂන් 31, හිමල් හංසක 2/30

මාතලේ හින්දු විද්‍යාලයට කඩුලු 5ක ජයක්.


පන්නල ජාතික පාසල සහ ගාල්ල සියලු සාන්තුවරුන්ගේ පාසල (පන්නල දී)

ගාල්ල සියලු සාන්තවරුන්ගේ විද්‍යාලය – 51 (35): පසිදු තෙමිල 3/08, අශේන් මුණසිංහ 2/10, පුබුදු ගීතාංජන 2/13

පන්නල ජාතික පාසල – 55/3 (10):

පන්නල ජාතික පාසලට කඩුලු 7ක ජයක්


කැළණිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලය සහ අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසල (කිරිඳිවැල දී),

කැළණිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලය – 96 (34): නුවන් නන්දික 24, එස්. කුමාර 3/30, විනුර කල්හාර 3/17

අලව්ව ශ්‍රී රාහුල ජාතික පාසල – 82 (24): කවිඳු මදුශාන් 4/17, මොහොමඩ් ෆර්ෂාඩ් 2/11, ටශික ශෙනෙල් 2/11

කැළණිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයට ලකුණු 14ක ජයක්

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<