මැතිව්ස් ප්‍රථම තරගයට නැහැ

213

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් අද (20) උදෑසන පුහුණුවීම් අතරතුර පාදයේ මස් පිඬු ඇදීමකට ලක්ව ඇත.

කැරිබියන් මිතුරන් ශ්‍රී ලංකා ක්‍රිකට් බේරාගත් හැටි

වෙස්වලාගත් ආශිර්වාදයන් සෑම කලකම ශ්‍රී ලංකා ක්‍රිකට් පසුපස හඹා එන බව ඔබට මතක ඇති. 1996 ලෝක කුසලාන…

මැතිව්ස් පසුගිය කාලය පුරාවටම වරින් වර ආබාධවලට ලක්වූ ක්‍රීඩකයෙක් වන අතර, ඔහුට නැවත වරක් ආබාධයක් ඇතිවීම නිසා ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සැප්තැම්බර් 28 වන දා ඩුබායි හිදී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මඟ හැරෙනු ඇත.

“මේක මැතිව්ස්ගේ පාදයේ වෙච්ච පොඩි ඇදීමක්. ඔහුව යෝග්‍යතා පරීක්ෂණයකට දාලා තමා ඔහු පිළිබඳව අවසන් තීරණයකට එන්න වෙන්නේ. “ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු වන අසංක ගුරුසිංහ මහතා ThePapare.com වෙත පවසන ලදි.

නිමාවූ ඉන්දීය ටෙස්ට් තරගාවලියේ දී මැතිව්ස් ඉනිම 6ක් තුළම ලබා ගත්තේ ලකුණු 162කි. නමුත් එක්දින තරගාවලියේ දී අර්ධ ශතකයන් දෙකක් ලබා ගැනීමට මැතිව්ස්ට හැකි විය.

පසුගියදා අලුුතින් පත්වන ලද ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ඇතුළු නව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරාගත් සංචිතය තුළ මැතිව්ස් නොමැති අතර, යොවුන් ක්‍රීඩක සධීර සමරවික්‍රම ඒ සඳහා සංචිතයට කැඳවා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<