සම්ප්‍රදායෙහි වෙනසක් සිදු කරමින් බ්‍රැඩ්බි ශූරතාවලියේ දින වෙනසක්

101

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන “බ්‍රැඩ්බි පළිහ” මහා රග්බි සංග්‍රාමය මෙවර තරමක් වෙනස් දිශානතියකට යොමු කරමින් පාසල් රග්බි තරග වාරය අවසන් වීමෙන් අනතුරුව දියත් කිරීමට විද්‍යාල දෙකෙහිම තරගාවලි සංවිධායක කමිටු විසින් පොදු එකඟතාවකට පැමිණ තිබෙනවා.

බටහිර රග්බි සංගමයේ මුල්පුටුව අලුත් වෙයි

බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ සභාපති ලෙස ශ්‍රී ලංකා හිටපු සත් සාමාජික ……..

අදියර දෙකකින් සමන්විත මෙම උද්වේගකර රග්බි සංග්‍රාමය මෙවර ඉතිහාස පොත් අතරට එකතු වන්නේ නොකඩවා පැවැත්වෙන 76 වැනි බ්‍රැඩ්බි ශූරතාවලිය ලෙසයි. කෙසේ නමුත් සම්ප්‍රදායෙන් තරමක් ඔබ්බට යමින් මෙවර තරගාවලිය ක්‍රියාත්මක වීමට දින නියම කර තිබෙන්නේ පාසල් රග්බි ලීග් තරගාවලිය සහ මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි ද්විත්වය අවසන් වීමෙන් අනතුරුවයි.

ගෙවුණු වසර 11කට ආසන්න කාලයක් පුරාවට බ්‍රැඩ්බි ශූරතාවලියෙහි පළමු අදියර පැවැත්වූයේ පාසල් ලීග් ශූරතාවලිය යටතේ, ඊට සමගාමිව පැවැත්වෙන පළමු වටයේ තරගයක් ලෙසින් වූවත් තරග කාලසටහන ද ඇතුළුව යම් වෙනස්කම් කිහිපයක් ද සමඟින් මෙවර තරගාවලිය පැවැත්වීමට සංවිධායක කමිටුව හට සිදුව තිබෙන්නේ බ්‍රැඩ්බි පලිහ ශූරතාවලිය සඳහා දිගු කලක සිට ප්‍රධාන අනුග්‍රහකත්වය දැරූ සිංගර් ලංකා ආයතනය මෙවර එම වගකීමෙන් මිඳීමට ගෙන ඇති තීරණය නිසාවෙනි.

2020 පාසල් රග්බි තරග වාරය පෙබරවාරි මස 28 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර ලීග් ශූරතාවලියෙන් අනතුරුව තරග වරයේ අවසානය සනිටුහන්ව වීමට දින නියම වී ඇත්තේ ජුනි මස 23 වැනිදායින් නිමාව දකින මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියත් සමඟිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<