අම්බති රයිදු ඔසවා තැබූ ඉනිම යුස්වෙන්ද්‍ර චාහල් ආරක්ෂා කර ගනී

269

සත්කාරක නවසීලන්තය සහ සංචාරක ඉන්දියාව අතර අද (03) වෙලිංටන් වෙස්ට්පැක් ක්‍රීඩාංගණයේ දී නිමා වූ 5 වැනි සහ අවසාන එක්දින තරගයෙන් ලකුණු 35ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව තරග 5කින් යුත් තරගාවලිය ද 4-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ද ඔවුන් සමත් වූහ.

නේපාලය අවසන් තරගය සේ ම තරගාවලිය ද ජය ගනී

වර්ෂාව හේතුවෙන් පැය දෙකක පමණ ප්‍රමාදයකින් ආරම්භ වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය අතර විස්සයි විස්ස තෙවැනි තරගය ලකුණු 14කින් ජයග්‍රහණයක කළ නේපාල…

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 252ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නවසීලන්ත ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 217ක් පමණි. ඒ තවත් පන්දු 35ක් ඉතිරිව තිබිය දී ය.

කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සන්තක කර ගත්තේ ය. නමුත් එම තීරණයේ ආරම්භය එතරම්ම සාර්ථක වූයේ නැත. ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 18ක් තුළ නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූ හ. ක්‍රියාත්මක වෙමින් තිබුණේ ඉනිමේ 10 වැනි පන්දුවාරයයි.

ඒ වෙද්දී නායක රෝහිත් ෂර්මා (2), ෂිකර් ධවාන් (6), සුබ්මාන් ගිල් (7) සහ මහේන්ද්‍රසිං දෝනි (1) තම ඉනිම් හැර ගොස් තිබුණි. ඉන් අනතුරුව කඩුල්ලේ දී ඉන්දීය ඉනිම ගොඩ එන්නේ අම්බති රයිදු සහ විජේ ශංකර්ට පිං සිදු වෙන්නට ය. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 98ක සබඳතාවක් ගොඩ නැගූහ. විජේ ශංකර් පන්දු 64කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටිය දී 5 වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් විය.

අනතුරුව කඩුල්ලේ දී ලකුණු 74ක සබඳතාවක් ගොඩ නගන්නට අම්බති රයිදු සහ කේදර් ජාධව් සමත් වූහ. එවර දැවී ගියේ අම්බති රයිදු ය. ඔහු පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 90ක් ලබා ගන්නේ ය. එය ඔහුගේ 10 වැනි එක්දින අර්ධ ශතකය වන අතර නවසීලන්තයට එරෙහිව රැස් කරන ලද හොඳම ඉනිම ද විය.

ශෂිකලා 1000 ඉක්මවා යද්දී සත්කාරකයින් තරගාවලිය ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයත් කඩුලු…

එතැන් සිට කණ්ඩායම් වෙනුවෙන් යමක් කළා නම් කළේ හර්ඩික් පාන්ඩ්‍යා ය. ඔහු පන්දු 22ක දී ලකුණු 45ක් ලබා ගන්නේ ය. ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය.

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක පන්දු යවන්නෝ දෙදෙනා කඩුලු 7ක් බෙදා ගත්හ. ඒ අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ මැට් හෙන්රි ය. ඔහු ලකුණු 35කට කඩුලු 4ක් දවා ගන්නේ ය. ට්‍රෙන්ට් බෝල්ට් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 3කි.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සත්කාරක ක්‍රීඩකයෝ ස්ථාවර ඉනිමක් ගොඩ නගන අයුරක් පෙන්නුම් කළ ද ඉන්දීය පන්දු යවන්නන් හමුවේ එය අසාර්ථක විය. පළමු වරට එය සිදු වන්නේ දෙවැනි සහ තෙවැනි කඩුලුවල දී ය. පන්දු 7ක් තුළ ලකුණක් තුළ එම කඩුලු දෙක දැවී යන්නේ ය.

ඊට පසු කඩුල්ලේ දී නායක කේන් විලියම්සන් සහ ටොම් ලතම් එක්ව ලකුණු 67ක සබඳතාවක් ගොඩ නගති. කේන් විලියම්සන් පන්දු 73කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා ගනිමින් සිව්වැනි කඩුල්ලට පිටියෙන් ඉවත් විය. නවසීලන්ත ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව වූයේ ද එයයි.

ටොම් ලේතම් පන්දු 49කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේ ය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජේම්ස් නීෂාම් ය. ඔහු ලකුණු 44ක් ලබා ගත්තේ ය. පන්දු 32ක් වැය වූ එම ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

කඩුලු ලබා ගැනීමේ දී යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර මොහොමඩ් ෂාමි සහ හරඩික් පාන්ඩ්‍යා එක්ව කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

ඇන්ජලෝ පෙරේරා දෙවැනි ඉනිමේත් ද්විත්ව ශතකයක් ලබයි

එන්. සී. සී. කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා තම දෙවැනි ඉනිමේ දී ද ද්විත්ව ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය…

තරගයේ වීරයා ලෙසින් අම්බති රයිදු නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා ලෙසින් මොහොමඩ් ෂාමි නම් කෙරුණි.

ඉන්දියාව; සියලුම දෙනා දැවී 252 (49.5) අම්බති රයිදු 90, විජේ ශංකර් 45, කේදර් ජාධව් 34, හර්ඩික් පාන්ඩ්‍යා 45, මැට් හෙන්රි 4/35, ට්‍රෙන්ට් බෝල්ට් 3/39

නවසීලන්තය; සියලුම දෙනා දැවී 217 (44.1) කොලින් මුන්රෝ 24, කේන් විලියම්සන් 39, ටොම් ලේතම් 37, ජේම්ස් නීෂාම් 44, මිචෙල් සන්ට්නර් 22, මොහොමඩ් ෂාමි 2/35, හර්ඩික් පාන්ඩ්‍යා 2/50, යුස්වේන්ද්‍ර චාහල් 3/41

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<