ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ නැගී එන ක්‍රිකට් තරගාවලියේ තවත් අදියරක් මේ වසරේ සැප්තැම්බර් මස 7 වැනිදා සිට ආරම්භ වීමට නියමිතව ඇත.
යොවුන් ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
8 වන වරට පැවැත්වෙන ආසියානු කුසලාන වයස …….
මෙම තරගාවලියේ මූලික වටයේ තරග දෙදින තරග ලෙස පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට අවසන් මහා තරගය දක්වා පැවැත්වෙන සියලුම තරග තෙදින තරග ලෙස පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයටයි. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 22ක් සහභාගී වන අතර කාණ්ඩ 4ක් යටතේ තරගාවලියේ මූලික වටය පැවැත්වේ. මූලික වටය අවසානයේ ඒ ඒ කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 2ක බැගින් කණ්ඩායම් 8ක් වයස අවුරුදු 23න් පහළ මේ නැගී එන ක්‍රිකට් තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.
ඒ ඒ කණ්ඩායම් තරග වදිනු ලබන තරග කාණ්ඩයන් මෙසේයි,
| A කාණ්ඩය | B කාණ්ඩය | C කාණ්ඩය | D කාණ්ඩය |
| සිංහල ක්‍රීඩා සමාජය | සී.සී.සී ක්‍රීඩා සමාජය | සැරසන්ස් ක්‍රීඩා සමාජය | මුවර්ස් ක්‍රීඩා සමාජය |
| රාගම ක්‍රීඩා සමාජය | එන්.සී.සී ක්‍රීඩා සමාජය | පානදුර ක්‍රීඩා සමාජය | යුද හමුදා ක්‍රීඩා සමාජය |
| බී.ආර්.සී ක්‍රීඩා සමාජය | කෝල්ට්ස් ක්‍රීඩා සමාජය | හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය | ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය |
| ගාලු ක්‍රීඩා සමාජය | මීගමුව ක්‍රීඩා සමාජය | ගුවන් හමුදා ක්‍රීඩා සමාජය | කුරුණෑගල ක්‍රීඩා සමාජය |
| නාවික හමුදා ක්‍රීඩා සමාජය | බදුරලිය ක්‍රීඩා සමාජය | බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය | ලංකන්ස් ක්‍රීඩා සමාජය |
| පොලිස් ක්‍රීඩා සමාජය | වරාය අධිකාරී ක්‍රීඩා සමාජය |
මෙම වසර අග දී ආරම්භ වන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට (අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය) පෙර යොවුන් ක්‍රීඩකයන් හට මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමෙන් ඔවුන් හට දේශීය ක්‍රිකට් පිටියේ තරග අත්දැකීම ලබා දීම සහ දක්ෂ ක්‍රීඩකයන් හඳුනා ගැනීම මෙම තරගාවලියේ මූලිකම අරමුණ වේ.
පසුගිය වසරේ දී “ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන තරගාවලිය” යන නමින් පැවැත්වුණු මෙම තරගාවලිය සඳහා කාණ්ඩයන් 8ක් යටතේ කණ්ඩායම් 24ක් සහභාගී වූ අතර එම තරගාවලිය සඳහා තරග වදිනු ලබන එක් කණ්ඩායමකට වයස අවුරුදු 23ට වැඩි ක්‍රීඩකයින් 4 දෙනෙකු ක්‍රීඩා කළ යුතු යන තරග කොන්දේසිය මේ වතාවේ සිට බල නොපැවැත්වෙනු ඇත. ඒ අනුව මෙවර තරගාවලිය සඳහා වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් පමණක් සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංග්ලාදේශ කාලසටහන නිකුත් වෙයි
ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ……….
පසුගිය වසරේ දී පැවති වයස අවුරුදු 23න් පහළ නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම පරාජය කළ සිංහල ක්‍රීඩා සමාජයයි (SSC) එහි ශූරතාව දිනා ගත්තේය.
තරග කාලසටහන,
| දිනය | සත්කාරක කණ්ඩායම | සංචාරක කණ්ඩායම |
| සැප්තැම්බර් 7-8 | සිංහල ක්‍රීඩා සමාජය | පොලිස් ක්‍රීඩා සමාජය |
| නාවික හමුදා ක්‍රීඩා සමාජය | රාගම ක්‍රීඩා සමාජය | |
| බී.ආර්.සී ක්‍රීඩා සමාජය | ගාලු ක්‍රීඩා සමාජය | |
| සී.සී.සී ක්‍රීඩා සමාජය | වරාය අධිකාරී ක්‍රීඩා සමාජය | |
| එන්.සී.සී ක්‍රීඩා සමාජය | බදුරලිය ක්‍රීඩා සමාජය | |
| කෝල්ට්ස් ක්‍රීඩා සමාජය | මීගමුව ක්‍රීඩා සමාජය | |
| සැරසන්ස් ක්‍රීඩා සමාජය | පානදුර ක්‍රීඩා සමාජය | |
| හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය | ගුවන් හමුදා ක්‍රීඩා සමාජය | |
| මුවර්ස් ක්‍රීඩා සමාජය | යුද හමුදා ක්‍රීඩා සමාජය | |
| ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය | කුරුණෑගල ක්‍රීඩා සමාජය | |
| සැප්තැම්බර් 11-12 | රාගම ක්‍රීඩා සමාජය | සිංහල ක්‍රීඩා සමාජය |
| නාවික හමුදා ක්‍රීඩා සමාජය | බී.ආර්.සී ක්‍රීඩා සමාජය | |
| පොලිස් ක්‍රීඩා සමාජය | ගාලු ක්‍රීඩා සමාජය | |
| සී.සී.සී ක්‍රීඩා සමාජය | එන්.සී.සී ක්‍රීඩා සමාජය | |
| බදුරලිය ක්‍රීඩා සමාජය | කෝල්ට්ස් ක්‍රීඩා සමාජය | |
| වරාය අධිකාරී ක්‍රීඩා සමාජය | මීගමුව ක්‍රීඩා සමාජය | |
| සැරසන්ස් ක්‍රීඩා සමාජය | හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය | |
| බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය | පානදුර ක්‍රීඩා සමාජය | |
| ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය | මුවර්ස් ක්‍රීඩා සමාජය | |
| යුද හමුදා ක්‍රීඩා සමාජය | ලංකන්ස් ක්‍රීඩා සමාජය | |
| සැප්තැම්බර් 15-16 | සිංහල ක්‍රීඩා සමාජය | නාවික හමුදා ක්‍රීඩා සමාජය |
| රාගම ක්‍රීඩා සමාජය | ගාලු ක්‍රීඩා සමාජය | |
| බී.ආර්.සී ක්‍රීඩා සමාජය | පොලිස් ක්‍රීඩා සමාජය | |
| බදුරලිය ක්‍රීඩා සමාජය | සී.සී.සී ක්‍රීඩා සමාජය | |
| එන්.සී.සී ක්‍රීඩා සමාජය | මීගමුව ක්‍රීඩා සමාජය | |
| කෝල්ට්ස් ක්‍රීඩා සමාජය | වරාය අධිකාරී ක්‍රීඩා සමාජය | |
| සැරසන්ස් ක්‍රීඩා සමාජය | ගුවන් හමුදා ක්‍රීඩා සමාජය | |
| හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය | බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය | |
| කුරුණෑගල ක්‍රීඩා සමාජය | මුවර්ස් ක්‍රීඩා සමාජය | |
| ලංකන්ස් ක්‍රීඩා සමාජය | ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය | |
| සැප්තැම්බර් 19-20 | ගාලු ක්‍රීඩා සමාජය | සිංහල ක්‍රීඩා සමාජය |
| බී.ආර්.සී ක්‍රීඩා සමාජය | රාගම ක්‍රීඩා සමාජය | |
| පොලිස් ක්‍රීඩා සමාජය | නාවික හමුදා ක්‍රීඩා සමාජය | |
| මීගමුව ක්‍රීඩා සමාජය | සී.සී.සී ක්‍රීඩා සමාජය | |
| කෝල්ට්ස් ක්‍රීඩා සමාජය | එන්.සී.සී ක්‍රීඩා සමාජය | |
| වරාය අධිකාරී ක්‍රීඩා සමාජය | බදුරලිය ක්‍රීඩා සමාජය | |
| බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය | සැරසන්ස් ක්‍රීඩා සමාජය | |
| ගුවන් හමුදා ක්‍රීඩා සමාජය | පානදුර ක්‍රීඩා සමාජය | |
| මුවර්ස් ක්‍රීඩා සමාජය | ලංකන්ස් ක්‍රීඩා සමාජය | |
| කුරුණෑගල ක්‍රීඩා සමාජය | යුද හමුදා ක්‍රීඩා සමාජය | |
| සැප්තැම්බර් 23-24 | සිංහල ක්‍රීඩා සමාජය | බී.ආර්.සී ක්‍රීඩා සමාජය |
| රාගම ක්‍රීඩා සමාජය | පොලිස් ක්‍රීඩා සමාජය | |
| ගාලු ක්‍රීඩා සමාජය | නාවික හමුදා ක්‍රීඩා සමාජය | |
| සී.සී.සී ක්‍රීඩා සමාජය | කෝල්ට්ස් ක්‍රීඩා සමාජය | |
| එන්.සී.සී ක්‍රීඩා සමාජය | වරාය අධිකාරී ක්‍රීඩා සමාජය | |
| මීගමුව ක්‍රීඩා සමාජය | බදුරලිය ක්‍රීඩා සමාජය | |
| පානදුර ක්‍රීඩා සමාජය | හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය | |
| ගුවන් හමුදා ක්‍රීඩා සමාජය | බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය | |
| යුද හමුදා ක්‍රීඩා සමාජය | ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය | |
| ලංකන්ස් ක්‍රීඩා සමාජය | කුරුණෑගල ක්‍රීඩා සමාජය | |
| සැප්තැම්බර් 27-28-29 | ||
| අර්ධ අවසන් පූර්ව තරගය 1 | A කාණ්ඩය ශුරයින් | D කාණ්ඩය අනුශුරයින් |
| අර්ධ අවසන් පූර්ව තරගය 2 | B කාණ්ඩය ශුරයින් | C කාණ්ඩය අනුශුරයින් |
| අර්ධ අවසන් පූර්ව තරගය 3 | C කාණ්ඩය ශුරයින් | B කාණ්ඩය අනුශුරයින් |
| අර්ධ අවසන් පුර්ව තරගය 4 | D කාණ්ඩය ශුරයින් | A කාණ්ඩය අනුශුරයින් |
| ඔක්තෝම්බර් 4-5-6 | ||
| අවසන් පූර්ව තරගය 1 | අ .අ. පූර්ව තරගය 1 ජයග්‍රාහකයින් | අ .අ. පූර්ව තරගය 3 ජයග්‍රාහකයින් |
| අවසන් පූර්ව තරගය 2 | අ .අ. පූර්ව තරගය 2 ජයග්‍රාහකයින් | අ .අ. පූර්ව තරගය 4 ජයග්‍රාහකයින් |
| ඔක්තෝම්බර් 11-12-13 | ||
| අවසන් තරගය | අවසන් පූර්ව තරගය 1 ජයග්‍රාහකයින් | අවසන් පූර්ව තරගය 2 ජයග්‍රාහකයින් |
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.






















