නේපාලය අවසන් තරගය සේ ම තරගාවලිය ද ජය ගනී

195

වර්ෂාව හේතුවෙන් පැය දෙකක පමණ ප්‍රමාදයකින් ආරම්භ වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය අතර විස්සයි විස්ස තෙවැනි තරගය ලකුණු 14කින් ජයග්‍රහණයක කළ නේපාල ක්‍රීඩකයෝ තරගාවලිය ද 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වූහ.

ශෂිකලා 1000 ඉක්මවා යද්දී සත්කාරකයින් තරගාවලිය ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම

අද (03) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10කට සීමා කෙරුණි. කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නේපාලය කඩුලු 8ක් දැවී ලකුණු 104ක් ලබා ගත්තේ ය.

ඔවුන්ගේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ දී අහිමි වී ගිය ද සිව්වැනි කඩුල්ල වෙද්දී ලකුණු 54ක් දක්වා ලකුණු පුවරුව රැගෙන ඒමට සමත් වූහ. ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව වූයේ 5 වැනි කඩුල්ලට වාර්තා වූ ලකුණු 37යි. ඒ සුන්දීප් ජෝරා සහ බිනෝද් භන්ඩාරි අතරයි. සුන්දීප් ජෝරා පන්දු 11කට මුහුණ දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තේ ය. බිනෝද් භන්ඩාරි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 21කි. ඒ සඳහා ඔහු පන්දු 13කට මුහුණ දුන් අතර හතරේ පහර 2ක් සහ හයේ පහරක් එම ඉනිමට ඇතුළත් කළේය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ නායක පාරාස් කඩ්කා ය. ඔහු පන්දු 14ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් නවීඩ් සහ අමීර් හයට් කඩුලු 2 බැගින් ලබා ගත් හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 90ක් පමණි. ඒ කඩුලු 8ක් අහිමිකර ගනිමිනි.

ඇන්ජලෝ පෙරේරා දෙවැනි ඉනිමේත් ද්විත්ව ශතකයක් ලබයි

එන්. සී. සී. කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා තම දෙවැනි ඉනිමේ දී ද ද්විත්ව ශතකයක් ලබා ගනිමින්

ඔවුන්ගේ ඉනිම ස්ථාවර ව ආරම්භ කළ ද පසු පෙළින් සහයෝගයක් නොලැබීම හේතුවෙන් තරගයේ තීරණය ඔවුන්ට අහිතකර ලෙස බලපෑවේ ය. ඔවුන් පන්දුවාර 5ක් වෙද්දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 50 සීමාව පසු කළ ද සිව්වැනි සහ පස්වැනි කඩුලු එක් පන්දු වාරයක් තුළ දවා ගනිමින් නේපාල ක්‍රීඩකයෝ තරගයට තමන් දෙසට හරවා ගත්හ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් ශයිමන් අන්වර් පන්දු 20ක දී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඊට අමතරව ආරම්භක පිතිකරු ගූලාම් ශබීර් පන්දු 15ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේ ය. අනෙක් ලකුණුලාභියා වූයේ මොහොමඩ් බූතා (11) ය. අනෙක් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පැන්නීමට නේපාල පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

කඩුලු ලබා ගැනීමේ දී  කේසී කරන්, අබිනාශ් බොහාරා සහ ලලිට් රාජ්බන්ෂි කඩුලු 2 බැගින් බෙදා ගත්හ.

තරගයේ වීරයා ලෙස නේපාලයේ කේසී කරන් නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා ලෙසින් නේපාලයේ ම අබිනාෂ් බොහාරා නම් කෙරුණි.

නේපාල‍ෙ; කඩුලු 8ක් දැවී 104 (10) පාරාස් කඩ්කා 29, සුන්ඩීප් ජෝරා 28, බිනෝද් භන්ඩාරි 21, මොහොමඩ් නවීඩ් 2/06, අමීර් හයට් 2/16

එක්සත් අරාබි එමීර් රාජ්‍යය; කඩුලු 8ක් දැවී 90 (10) ගූලාම් ශබීර් 25, ශයිමන් අන්වර් 30, කේසී කරන් 2/13, අබිනාශ් බොහාරා 2/16, ලලිට් රාජ්බන්ෂි 2/16  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<