“ආයෙත් අතේ පයේ වේදනා දැනීම ගැන සතුටුයි”

78

කොරෝනා වයිරස අවදානම නිසා මගහැරුණු පුහුණුවීම් නැවත ආරම්භ කිරීමෙන් පසුව සුපුරුදු “අතේ පයේ වේදනා” දැනීම තමාට ඉමහත් සතුටක් ගෙන දුන් බව එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් පවසා සිටිනවා. ඔහු පෞද්ගලික පුහුණුවීම් සැසියක් සඳහා පසුගිය බ්‍රහස්පතින්දා වෝක්ස් බර්මින්හැම් හි එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගණයට පැමිණ තිබුණා.  

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ තවත් අර්බුදයක්!

එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් හා කඩුලු රකින්නන් එළඹෙන ජුනි මස 1 වැනිදා සිට පුහුණුවීම් ඇරඹීමට නියමිතයි.

ජූලි මාසයේ දී ප්‍රේක්ෂකයින් නොමැතිව එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර එංගලන්ත ක්‍රීඩකයින් ඒ වන විට සිය ශාරීරික යෝග්‍යතා මට්ටම සුපුරුදු තත්වයට ගෙන ඒමට උත්සහ කරන බව එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක වෝක්ස් පවසා සිටිනවා.

“එය අපි දන්නා දේ, එය තමයි අපි හොඳින්ම කරන්නේ” වෝක්ස් පසුගිය සිකුරාදා පවසා තිබුණා. “ඇත්තටම එය අපේ රැකියාව, ඒ නිසා ප්‍රධාන පුහුණුවීම්වලට යන්නට කලින් යම්තාක් හෝ සුපුරුදු රිද්මයට එන්නට පුළුවන් නම් ඉතා වැදගත්.”

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාංගණ හතක දී පන්දු යවන්නන් 18 දෙනෙකුට පෞද්ගලික පුහුණුවීම් සැසි සංවිධානය කිරීමට නියමිතයි. එම සැසි සඳහා ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් ද සහභාගී වීමට නියමිතයි.

දැඩි ආරක්ෂක ක්‍රියා පිළිවෙත් නිසා ක්‍රීඩකයින්ට ක්‍රීඩාගාර භාවිතා කළ නොහැකි අතර එක් ක්‍රීඩකයෙකුට පමණක් තමන්ටම පමණක් පන්දුවක් භාවිත කළ හැකි සේ පන්දු රාශියක් ද කණ්ඩායම් පුහුණුවීම් සඳහා ගෙන ආ යුතු වෙනවා. “අපි පුරුදු වී සිටියාට වඩා මේ දේවල් ගොඩක් වෙනස්” වෝක්ස් පවසා සිටියා. තුන් ඉරියව් ක්‍රීඩා වෝක්ස් මේ වන විට ටෙස්ට් තරග 33ක් ක්‍රීඩා කර තිබෙනවා.

“සිදුවුණු හැමදේටම පසුව නැවත පන්දුව අතට ගෙන පුහුණුවීම් කරන්න ලැබුණු එක ගැන අපි බොහොම සතුටුයි.”

“මාස දෙකක් පන්දු යැව්වේ නැති නිසා දේවල් තවම පොඩ්ඩක් නුහුරුයි වගේ, අපිට අද උදේ ඇහැරෙන කොට මතක් වුනේ අපි ඊයේ පුහුණුවීම් කළා හා ඒක හරිම සුන්දරයි කියන හැඟීමක් කියලා.”

පවතින වසංගත තත්වය මධ්‍යයේ වුනත් එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවර තරග වාරයේ සියලුම අන්තර්ජාතික තරගාවලි කල් දැමීමකින් තොරව පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. එංගලන්තය සත්කාරකත්වය දරන මෙවර තරග වාරයට පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලියක් මෙන්ම ඕස්ට්‍රේලියාව හා අයර්ලන්තය සමඟ සීමිත පන්දුවාර තරගාවලි ද පැවැත්වීමට නියමිතයි.

මොහොමඩ් අමීර් හා හසන් අලිව කණ්ඩායමෙන් කැපුවා ද?

එංගලන්තය පැමිණීමට නියමිත කණ්ඩායම්වල බලධාරීන් බොහොමයක් නිසි සෞඛ්‍ය ආරක්ෂණ තත්ව යටතේ එංගලන්තයට පැමිණීම පිළිබඳ සුභවාදී අදහස් දක්වා තිබෙනවා. “ඉස්සෙල්ලාම අපි බලාපොරොත්තු වෙන්න ඕන මොනයම් ආකාරයකින් හරි අපිට ක්‍රිකට් ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා.”

“ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා කරන්නට සිදුවීම ලොකු වෙනසක් වෙයි.”

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් අනතුරු හඟවා තිබුණේ මෙවර තරග වාරය පවත්වන්නට නොහැකි වුනොත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට යුරෝ මිලියන 380ෙක පමණ පාඩුවක් සිදුවේ කියායි.

“අපි හැමෝම මුදල් පිළිබඳ කළ අනුමානයන් දැක්කා, අපිට මේ ගිම්හාන කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට නොලැබුණොත් අපි වගේම එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයත් දැඩි අමාරුවක වැටෙයි” වෝක්ස් පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<