එංගලන්ත වේගපන්දු යවන්නා ටෙස්ට් තෝරාගනී

89

කොරෝනා වයිරසයේ පැතිරීමත් සමඟින් තාවකාලිකව අවලංගු කෙරුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වන ආකාරයක් මේ වන විට දක්නට ඇත. ජාත්‍යන්තර කණ්ඩායම් කීපයක් තම පුහුණු වීම් සඳහා ක්‍රමයෙන් අවතීර්ණ වන ආකාරයක් දක්නට ඇත.

එංගලන්ත ටෙස්ට් සංචිතය ද තම පුහුණුවීම් නුදුරේ දී ම ආරම්භ කරන බව පසුගිය දා නිල වශයෙන් නිවේදනයක කළේය. ඒ අනුව ක්‍රීඩකයන් සියලු දෙනා සුපුරුදු රිද්මයට පැමිණෙන තෙක් ටෙස්ට් හා එක්දින තරග සඳහා වෙන් වෙන් වශයෙන් සංචිත දෙකක් පුහුණු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය සුදානමින් සිටී. 

හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ “ජාත්‍යන්තර” කෑල්ල හැලෙයි

එංගලන්ත කණ්ඩායම අදියර කීපයක් යටතේ තම පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත එක්දින කණ්ඩායමේ ප්‍රබල වේගපන්දු අවියක් වූ මාක් වුඩ් එංගලන්තයේ ටෙස්ට් පිටියට පැමිණෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 45 දෙනෙකු දක්වා වූ පුළුල් පුහුණු කණ්ඩායමක් සිකුරාදා නම් කිරීමට නියමිතය. එංගලන්ත ටෙස්ට් පන්දු යවන්නන් 18 දෙනාට දැනටමත් එක් එක් සැසිවාර සඳහා නැවත ආරාධනා කර ඇති අතර පසුව එයට පිතිකරුවන් සහ කඩුලු රකින්නන් ද එක්වනු ඇත.

කොරෝනා වසංගතය එංගලන්ත දේශීය තරග වාරය ආරම්භ කිරීම ප්‍රමාද කළ ද, එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) තවමත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සහ පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 3කින් සමන්විත තරගාවලි දෙකක් සහ ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තයට එරෙහිව සීමිත ඕවර ජාත්‍යන්තර තරග ඇතුළත් පූර්ණ ජාත්‍යන්තර තරගාවලි වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. 

එංගලන්ත ක්‍රිකට් ආයතනය මීට පෙර කියා සිටියේ මෙම කාලය තුල කිසිදු ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැති වුවහොත් එම ආයතනය ඔවුන්ගේ අසීරුම අවස්ථාවට පත්වන බවත්, ඔවුන්ට පවුම් මිලියන 380ක් (ඩොලර් මිලියන 469ක්) අහිමි වන බවත්ය. 

නමුත් මෙම තරග වාරයේ මාස කිහිපයක් අවලංගු කිරීමත් සමඟ ක්‍රීඩකයන්ට පුහුණුව සහ ප්‍රකෘතිමත් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම කණ්ඩායම් රැසක් මුහුණ දෙන අභියෝගයකි. එයට මුහුණ දීම සඳහා එංගලන්තයට වෙනම ටෙස්ට් හා එක්දින සංචිත දෙකක් යෙදවීමට අවශ්‍ය වන බව එම ක්‍රිකට් ආයතනය පවසා ඇත. 

30 හැවිරිදි මාර්ක් වුඩ් ඔහුගේ වෘත්ති දිවිය තුල වළලුකර ආබාධවලින් කීපවතාවක් පීඩා වින්දේය. මේ හේතූන් නිසා ඔහු නවසීලන්තයට එරෙහිව ලෝඩ්ස් හිදී 2015 දී ආරම්භ කළ දින සිට ටෙස්ට් 15ක් පමණක් ක්‍රීඩා කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලියන 15ක තෑග්ගක්

පසුගිය ජනවාරි මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී අවසන් වරට ඔහු ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේය. එහි දී තම ටෙස්ට් දිවිය තුල හොඳම පන්දු ‍යැවීම වාර්තා කළ ඔහු ලකුණු 100කට කඩුලු 9ක් දවා ගැනීමට සමත් විය.

තම ටෙස්ට් ආගමනය පිළිබඳව සඳහන් කළ මාර්ක් වුඩ් පවසා සිටියේ තමන් ටෙස්ට් ක්‍රීඩාව නැවැත්වූ තැනින් නැවත ආරම්භ කිරීමට නොඉවසිල්ලෙන් සිටින බවයි. 

“මම ඕනෑම ආකෘතියකින් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමතියි. මම එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට දැඩි කැමැත්තක් දක්වනවා. නමුත් මගේ අවසන් ටෙස්ට් තරගය සමඟ මම ඉතා හොඳින් ක්‍රීඩා කළා. ටෙස්ට් තරග තුල මගේ ස්ථානය දිගටම පවත්වා ගැනීමට මම කැමතියි” යැයි වුඩ් Sky නාලිකාවේ Cricket Show වැඩසටහන වෙත එක්වෙමින් පැවසීය.

“අවසන් වරට ක්‍රීඩා කළ තරගයේ මම තරගයේ වීරයා වුනා. ඒ දැක්වූ දක්ෂතා තවත් දියුණු කරගන්න මම කැමතියි. ටෙස්ට් කණ්ඩායම තුල මගේ ස්ථානය තබා ගැනීමටත්, එම වේගය දිගටම පවත්වා ගැනීමටත් මම කැමතියි” ඔහු පැවසීය.

2021 ලෝක කුසලාන සත්කාරකත්වය ඉන්දියාවට අහිමි වෙන ලකුණු

මාර්ක් වුඩ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 15කට ක්‍රීඩා කර ඇති අතර එහි දී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 48කි. කඩුලු සාමාන්‍යය 31.4ක් ලෙස ද රඳවා ගෙන ඇත. 

එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 51කට ක්‍රීඩා කර ඇති වුඩ් එහි දී කඩුලු 61ක් දවාගෙන ඇත්තේ 39.1ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. නිමා වූ 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී මාර්ක් වුඩ් කඩුලු 18ක් දවා ගැනීමට සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<