මලල ක්‍රීඩා පුහුණුකරු පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවේ!

177

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන පුහුණුකරු අදියර 1 පාඨමාලාව එළඹෙන 2019 මාර්තු මස 6 වැනිදා සිට මාර්තු මස 17 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සහභාගී වීමට සකස් කරන ලද අයදුම්පත් කොළඹ 07 ටොරින්ටන් පෙදෙසේ අංක 33 ස්ථානයේ පිහිටා ඇති ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කරන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ඉල්ලා සිටියි.

අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය පෙබරවාරි 20 වැනිදා වන අතර දැනට පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන එහෙත් පුහුණු පාඨමාලාවක් හදාරා නොමැති හා දැනට ක්‍රීඩකයින් නොවන අයවලුන් වෙත ප්‍රමුඛත්වය ලබා දෙන බව ද එම සංගමයේ නිවේදනය කර තිබේ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<