දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ තවත් අර්බුදයක්!

71

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ සහ එරට ක්‍රීඩාවේ බෙදීම් යළිත් ඇතිව තිබේ. මේ බව හෙළි වූයේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ (CSA) හි සභාපති ක්‍රිස් නෙන්සානි පසුගියදා කළ ප්‍රකාශයක් සමඟිනි. 

ආන්දෝලනාත්මක ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නවතී

එම ප්‍රකාශයේ දී ඔහු කියා සිටියේ ග්‍රැහැම් ස්මිත් විසින් සෞරව් ගංගුලිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත්කිරීම සඳහා සහය දැක්වුව ද ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ නිල අනුමැතිය ලැබී නොමැති බවයි. 

ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලීම් කිහිපයක් තිබිය දීත් ධුරයේ රැඳී සිටින මතභේදාත්මක චරිතයක් වන ක්‍රිස් නෙන්සානි, පසුගිය බ්‍රහස්පතින්දා (21) රාත්‍රියේ කියා සිටියේ කුමන අපේක්ෂකයාට සහාය දිය යුතු ද යන්න තීරණය කිරීමේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රියාපටිපාටිය සහ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ක්‍රියාපටිපාටිය යන දෙකටම ගරු කළ යුතු බවයි. 

“මේ දක්වා කිසිඳු අපේක්ෂකයෙකු නම් කර නෑ. එවැනි නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය තමන්ගේම ක්‍රියාපටිපාටිය අනුව තීරණය ගන්න බලාපොරොත්තු වෙනවා.”  

මෙම ප්‍රකාශයට හේතුව වූයේ ග්‍රැහැම් ස්මිත් පසුගියදා සිදුකළ ප්‍රකාශයකි. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂක ග්‍රැහැම් ස්මිත් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති වන ශෂාන්ක් මනෝහර්ගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව එම තනතුරට පත්වීමට සුදුසුම පුද්ගලයා ඉන්දියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන සෞරව් ගංගුලි බව තමන් විශ්වාස කරන බවයි. ශෂාන්ක් මනෝහර් තවත් සුළු කාලයකින් අනතුරුව විශ්‍රාම යාමට නියමිතය. 

වර්තමාන තත්වය හේතුවෙන් මනෝහර්ගේ ධුර කාලය මාස දෙකක කාලයක් දීර්ඝ කිරීමේ හැකියාවක් පවතියි. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එහි ක්‍රිකට් අධ්‍යක්ෂක ග්‍රැහැම් ස්මිත් සෞරව් ගංගුලිට සහය දැක්වීම ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබිනි. එයට හේතුව වූයේ මීට පෙර එංගලන්තය සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ හිටපු සභාපති කොලින් ග්‍රේව්ස් එම තනතුර සඳහා සිටි එකම තරගකරුවා වීමයි. 

“අපගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට සෞරව් ගංගුලි වැනි ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ හි සභාපති භූමිකාවට පිවිසීම දැකීම සතුටක්.” යයි ග්‍රැහැම් ස්මිත් පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් අමතමින් පැවසීය. 

“එය ක්‍රීඩාවට යහපත් වනු ඇතැයි මම හිතනවා, එය නවීන ක්‍රීඩාවට ද යහපත් වනු ඇතැයි මම හිතනවා. ඔහු එය තේරුම් ගෙන තියෙනවා. ඔහු එය ඉහළම මට්ටමින් ක්‍රීඩා කර තියෙනවා. ඒ වගේම ඔහුට සියලු දෙනා ගෞරව කරනවා. ඔහුගේ නායකත්වය අපට ක්‍රීඩාවක් ලෙස ඉදිරියට යන්න යාමට අවශ්‍ය දෙයක්.” හිටපු දකුණු අප්‍රිකානු නායක ස්මිත් පැවසීය. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධුරයට පත්වීමට ඉන්දියාවේ හිටපු නායකයෙකු වන සෞරව් ගංගුලි හට නිවැරදි පරිපාලනමය දක්ෂතාවයක් ඇති බවට එංගලන්ත හිටපු නායක ඩේවිඩ් ගෝවර් ද මීට පෙර ප්‍රකාශ කර තිබිනි. 

ග්‍රැහැම් ස්මිත් ඔහුගේ අදහස් දක්වමින් කියා සිටියේ ගංගුලිගේ ක්‍රීඩාව පිළිබඳ දැනුම ගෝලීය ක්‍රිකට් ප්‍රධානියා වීමට උපකාරී වන බවයි. 

“අපගේ ක්‍රීඩාවේ නායකත්වය ඉදිරියට යා හැකි යැයි මම සිතනවා. නවීන ක්‍රීඩාව සහ අප ඉදිරියට යාමට මුහුණ දෙන අභියෝග තේරුම් ගත හැකි මට්ටමක කෙනෙකු සිටීම, ප්‍රධාන තනතුරුවලට පත්වීම අපිට ලොකු වාසියක් වේවි.” ස්මිත් තවදුරටත් පැවසීය. 

“සෞරව් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ගනුදෙනු කර ඇති කෙනෙක් විදිහට මම සිතන්නේ ක්‍රිකට් කවුන්සලයේ සභාපති, දැන් ක්‍රීඩාව නිවැරදි මට්ටමින් ඉදිරියට යා හැකි ආකාරය අනුව ඉදිරියට යන ඉතා වැදගත් තනතුරක් බවට පත්ව ඇති බවයි.”  

ග්‍රැහැම් ස්මිත්ගේ මෙම ප්‍රකාශයත් සමඟින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රධානියා එය ක්‍රිකට් ආයතනයේ මතය නොවන බවට ප්‍රකාශ කිරීම එම ආයතනය තුළ පවතින අර්බුද තවදුරටත් වැඩි කරන බව බොහෝදෙනාගේ මතය වී ඇත. 

කොරෝනාවෙන් පස්සේ වේගපන්දු ‍යැවීම වෙනස් වේවි ද?

“ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවනීය චරිතයක් වන, අපගේ ක්‍රිකට් අධ්‍යක්ෂක ග්‍රැහැම් ස්මිත්ගේ අදහස් කෙරෙහි අපට ඉහළම ගෞරවය හිමිවෙනවා. ඔහු අපගේ ක්‍රිකට් කණ්ඩායම් නැවත ලෝක නායකයින් බවට පත්කිරීමේ වගකීම ඉටු කිරීම සඳහා දැනටමත් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.” නෙන්සානි තවදුරටත් පැවසීය.

“මේ මොහොතේ අප සියලු දෙනා ආදරය කරන ක්‍රීඩාවට නායකත්වය දීම සඳහා මෙම වැදගත් තනතුර සඳහා නම් කරනු ලබන අපේක්ෂකයින් කිසිවෙකුට අපේ සහය පළකරන්න අපිට අවශ්‍ය නෑ.” 

පසුගිය සැප්තැම්බරයේ පැවති වාර්ෂික රැස්වීමේ දී දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම නිසා දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් පරිපාලනය තරමක් අවුල් සහගත වී තිබේ. එම ව්‍යවස්ථා වෙනසත් සමඟින් නෙන්සානිට තවත් වසරක කාලයක් සභාපති ලෙස කටයුතු කිරීමට අවසරය හිමි වූ අතර ඔහු ඒ වන විටත් දැරිය හැකි උපරිම කාලය වන වසර 3ක ධුර කාලය දෙවරක් දරා තිබීම විශේෂත්වයකි. 

මෙම ධුර කාලය දීර්ඝ කිරීම එවකට ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ තබාං මොරෝගේ ප්‍රධානත්වයෙන් යුත් නව ක්‍රමයක් හරහා සංවිධානයට මඟ පෙන්වීම සඳහා ගෙන එන ලද්දකි. 

නමුත් පසුව මොරෝ බෙදුම්වාදී චරිතයක් බව ඔප්පු වූ අතර විෂමාචාර චෝදනා මත දෙසැම්බර් මාසයේ දී ඔහුගේ සේවය අත්හිටුවන ලදී. ඔහුගේ සේවය අත්හිටුවීමට පෙර ඔහු රටේ ක්‍රීඩකයන්ගේ සංගමයෙන් ඉවත්වූ අතර තමා විවේචනය කළ මාධ්‍යවේදීන් පස්දෙනෙකුට විරුද්ධව ඔහු එල්ල කර තිබූ චෝදනාව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කිරීම ද බොහෝදෙනාගේ අවධානයට යොමුව තිබිනි. 

මෙම කාලය තුළ ප්‍රධාන අනුග්‍රාහකයෙකු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ ඇති සම්බන්ධතාවය අවසන් කළ අතර තවත් අනුග්‍රාහකයෙක් නෙන්සානිගේ ප්‍රධානත්වයෙන් යුත් ක්‍රිකට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු යැයි පවසා සිටියේය. මෙම ඉල්ලීම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ගේ සංගමය විසින් ද ස්ථිර කරන ලදී. 

මෙම තත්ත්වය හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ හි ස්වාධීන අධ්‍යක්ෂකවරුන් පස්දෙනාගෙන් දෙදෙනෙකු සහ එක් ස්වාධීන නොවන අධ්‍යක්ෂකවරයෙකු ඉල්ලා අස්විය. 

IPL ලංකාවේ පවත්වන්න හේඩ්න්ගෙන් යෝජනාවක්

සාර්ථක ටයිටන්ස් කණ්ඩායමේ හි ප්‍රධාන විධායක ජැක් ෆෝල්, අන්තර්වාර ප්‍රධාන විධායක ලෙස පත් කරන ලද අතර ග්‍රැහැම් ස්මිත් මුලින් සැක සංකා ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කිරීමට එකඟ විය. 

එතැන් සිට ෆෝල් සහ ස්මිත් රට තුළ ක්‍රීඩාව මෙහෙයවීමේ වගකීම ඵලදායි ලෙස භාරගෙන ඇති අතර ක්‍රිකට් මණ්ඩලය බොහෝ දුරට පසුබිමේ රැඳී සිටියි. නමුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ නෙන්සානිගේ ප්‍රකාශයත් සමඟින් එය නැවතත් කරළියට පැමිණ තිබේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<